බුද්ධ ශාසන පණත් මගින් සිදු වන්නේ කුමක්ද

සෙනෙවිරුවන්

වසර තිහක් පමණ කාලයක් ලංකාවේ ජනී ජනයා භීතියට පත් කළ කොටි කැරැල්ල ත‍්‍රස්තවාදයක් ලෙසට හැදින්වීම අදට කොතෙක් දුරට උචිත දැයි සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. මේ සටන මගින් රට දෙකඩ කීරීමටත් බටහිරට හිතැති ක‍්‍රිස්තියානි සේවාදායක රාජ්‍යක් බිහි කිරීමටත් ඇමරිකාව එංගලන්තය ප‍්‍රමුඛ රට වලට තිබූ වුවමනාව මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව මේ යුද්ධය ඉතිහාසයේ සිදුවූ සතුරු ආක‍්‍රමණ සේම ලංකාවේ ස්වාධීනත්වය නැති කරලීමට දියත් කරවූවක් බව පැහැදිවම තේරුම් ගත යුතුය.

අනුරාධපුර යුගයේ දුටු ගැමුණු එළාර යුද්ධය මෙන්ම මෙම සතුරු ආක‍්‍රමණය ද බිහිසුණු විය. මානවම්ම පළමුවැනි විජයබාහු යුග වලදී පළමුවැනි පරාක‍්‍රමබාහු දෙවැනි පරාක‍්‍රමබාහු යුග වලදී ද මෙලෙසම රට එක සේසත් වූ ආකාරය තේරුම් ගත හැකිය. දුටු ගැමුණු රජුගේ එකම පරමාර්ථය වූයේ විදෙස් සතුරා නසා ශාසනය බැබලවීමයි. පොළොන්නරු දඹදෙණි යුගවලදී කළ ශාසනික කතිකාවක් වලින් පැහැදිළිව පෙනෙන්නේ බුද්ධ ශාසනය නැන්වීම රජුගේ ප‍්‍රමුඛ කාර්යය වී තිබූ බවයි. පළමුවැනි විමලධර්ම සූරිය රජු පවා තමන්ගේ කෙටි රාජ්‍ය කාලය තුලදී උපසම්පදාව නැවත ඇති කරන්නට ගත් උත්සාහය වෙසෙසින්ම කැපී පෙනේ.

අනුරාධපුරයේ රජ කළ විශිෂ්ඨ ගණයේ නරපතියෙකු වූ පස්වන කසුප් රජුගේ පුවරු ලිපියට අනුව ඔහු කෙත් කම් සුලභ කොට සසුන් කොඩිය එසවූයේ එය තම ප‍්‍රමුඛ කාර්යය ලෙසට සැලකීමෙනි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් පිරිස ඇතුලත් මේ බුද්ධ ශාසනය නැන්වීමට පුරාණ රජ දරුවන් නොකළ දෙයක් නැත. රට එක සේසත් කළ සයවන පරාක‍්‍රමබාහු රජු උතුර ජයග‍්‍රහණයෙන් පසු එම ජයග‍්‍රහණය සිහිවීමට විජයාරාමය නම් අගනා විහාර මන්දිරයක් ද ස්ථූපයක් ද කරවූයේ සතුරු ආක‍්‍රමණිකයින්ගේ මුඛ්‍ය තම අරමුණ වූයේ බුදු සසුන විනාශ කිරීම යයි සැලකූ බැවිනි.

වත්මනෙහි සිදුවු කොටි ආක‍්‍රමණය ඉතිහාසයේ නොවූ විරූ තරම් බිහිසුණු යුද්ධයක් බවට පත් වූයේ එය ලෝකයේ පවතින නවීන අවි ආයුධ පරිහරණයේ ද උච්චතම අවස්ථාවක් වූ බැවිනි.මේ බිහිසුණු ස්වරූපය නිසාම රාජ්‍ය පාලකයන් මතවාදීව පවා බිඳ වැටී රට දෙකඩ කිරීමට ගිවිසුම් අත්සන් කළහ. නමුත් ජාතියේ වාසනා ගුණය නැවත ඉස්මතු විය .රට පුරාවට බෝධි පූජා පවත්වමින් බණ භාවනා කිරීමෙන් සත්‍යග‍්‍රහ කිරීමෙන් මේ වාසනා ගුණය ඉස්මතු වූ බව නොරහසකි. වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ත‍්‍රිවිධ හමුදාවට සිය ප‍්‍රයාමයන් සාර්ථක කර ගැනීමට මේ සියළු සද් කාර්යයන් ගේ පිහිටාධාරය ලැබුණු බව පිළිගත යුතුය. මේ කුරිරු යුද්ධය අවසන් වී දැන් වසර කීපයක් ගතව ඇත. පෙර රජ දරුවන් ගත් මග යමින් මේ රජයද සසුන් කොඩි ඔසවා කෙත් කම් සුලභ කරන්නේ යයි යම්බලාපොරොත්තුවක් මෙරට ජාතික බලවේග කෙරෙහි විය. දීර්ඝ කාලයක් තිස්සේ යුරෝපීය පර සතුරන්ට යටත්ව සිට ලැබූ පීඩනයෙන් නිදහස් වීමේ වුවමනාවක් ද බොහෝ පිරිසකගේ යටි සිතේ තිබෙන්නට ඇති බව නිසැකය.

යුද්ධ ජයග‍්‍රහණය සමරා පළාත් නවයේ සිහිවටන ස්ථූප නවයක් ඉදිකිරීම රජයේ පළමු පියවර ලෙස ට ඉදිරියට පැමිණීම සිංහල බෞද්ධ ජනතාවගේ සැනසිල්ලට හේතු විය. ඒ පියවර ඉතිහාසයෙන් ගත් ආදර්ශයක් විය. නමුත් මේ වන විට මෙකී වෑයම සහ වුවමනාව ක‍්‍රමයෙන් අඩපණව තිබේ. ඇතැම් ස්ථානයන්හි මේ සදහා මුල් ගල් තැබුවද ඒවායේ වැඩ නිම කරන සෙයක් පෙනෙන්නට නැත. 2011 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අරමුණු කරගත් විශාල වැඩ කොටසක් ද මේ අතර තිබෙන බව පිළිවෙතින් පෙළගැසෙමු යයි මුද්‍රණය කළ පොත් පිංචේ සදහන්ව තබුණි. ආගමික කටයුකු අමාත්‍යංශයේ නම පවා වෙනස් කොට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යන නාමය නැවත යොදන ලද්දේ ඒ අරමුණින් විය යුතුය.   නමුත් මේ සියළු යහපත් වැඩ අතරමග නැවතී තිබේ. පෙර රජ දරුවන් ගත් මග වත්මන් රජයට ක‍්‍රමයෙන් අමතකව යමින් ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය බවට පත්ව තිබෙන්නේ සර්ව ආගමික සහජීවනයයි. ඒ යටතේ 2010 වර්ශයේ පමණක් හින්දු කෝවිල් සංවර්ධනයට ලක්ෂ 181 ක් ද ක‍්‍රිස්තියානි දේවස්ථාන සංවර්ධනයට ලක්ෂ 21 ක්ද ඉස්ලාම් දේවස්ථාන සංවර්ධනයට ලක්ෂ 40 ක්ද බෞද්ධ සිදධස්ථාන සදහා ලක්ෂ 85 ක්ද ලබා දී ඇත. ඒ අතරම සියලුම ආගම් එක සමාන කොට සැලකිය යුතු යයි යන යටත් විජිත මතය නැවතත් රජයේ ආගමික ප‍්‍රතිපත්තිය බවට පත්ව තිබේ. එහෙත් අන්‍යාගමිකයන් සදහා වැඩි වරප‍්‍රසාදයක් විවෘතවම ලබා දෙන ආකාරය ඉහත කී මුදල් ප‍්‍රතිපාදන වෙන්කිරීමේ ක‍්‍රමය තුළම තිබෙන බව පැහැදිලි වේ.

බුද්ධ ශාසනය නැන්වීම සදහා නීති කෙටුම්පත් පහක් ඉදිරිපත් කීරීමට සූදානම් බව බුද්ධ ශාසන ඇමති වත්මන් අගමැති වරයා පවසන අතර සර්ව ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩමුලු පවත්වමින් රටපුරා යන එන ගමනේ දී එම කෙටුම්පත් වලට එකඟතාවය ලබා ගැනීමේ උත්සාහයක්ද පවතින බව පෙනී යයි. නමුත් ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලා ඇරුණු කොට මෙම කෙටුම්පත් දැක තිබෙන්නේ සීමිත භික්ෂූන් වහන්සේලා පිරිසක් පමණි. මෙම කෙටුම්පත් වලින් කීපයක් මීට කලකට ඉහත බෞද්ධ සංවිධාන විසින් සකස් කර ඇති බව දැන ගන්නට ඇත. බුද්ධ ශාසන කෙටුම්පත එයින් මූලික වෙයි. උත්තරීතර සංඝ සභා පණත ද අන්‍යගමීකරණ පණත ද එසේම වෙයි. කතිකාවත් ලියා පදිංචි කිරීමේ පණත විහාර ගම් දේවාල ගම් සංශෝධන පණත සහ බෞද්ධ අරමුදල් පණත අනෙක් පණත් අතර වෙති.

බුද්ධශාසන පණතේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියෙන් සහතික වී ඇති අරමුණ බල ගැන්වීම යයි දක්වා තිබේ. නමුත් එය විමර්ශනය කරන කල්හි එය අවසාන වශයෙන් ශාසනයේ දියුණුවට උපකාරී වන නීති කෙටුම්පතක් දැයි සැක සිතේ. පණතේ තුන්වන කොටස මේ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකිය. එහි 1 ආ වගන්තිය 10 වගන්තිය 14 වගන්තිය ආදියෙන් කියැවෙන්නේ භික්ෂූන් වහන්සේලා ගේ ලියාපදිංචිය කොමසාරිස් ජනරාල් ගේ බලයට යටත්වන බවයි. දහම් පාසල් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද එය එලෙස වෙයි. එම බලය ට පිටුපා ක‍්‍රියා කිරීමෙන් රුපියල් ලක්ෂයක දඩයකට යටත් වේ. කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා සකස් කල කෙටුම්පතේ වගන්ති අනුව ද කියැවෙන්නේ භික්ෂූන් වහන්සේලා පිළිබද විනය නීති රීති වලට කොමසාරිස් වරයා මැදිහත් වන ආකාරයයි.

පුරාණ සම්ප‍්‍රදාය අනුව සංඝ සමාජයේ පැවැත්ම උදෙසා ශික්ෂා පද 227 කින් ද භික්ෂුනීන් වහන්සේලා සදහා ශික්ෂා පද 311 කින් ද යුක්ත සඝ විනයක් දක්වා තිබේ. එය බුදුන් වහන්සේ විසින් පනවන ලද්දකි. මහණකම නැතිවන ආපත්තීන් 04 ක් දක්වා තිබීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. භික්ෂූත්වය නැතිවන්නේ මේ පාරාජිකා ආපත්තීන් 04 ට පැමිණීමෙන් පමණකි. සෙසු ආපත්තීන්ට පැමිණි විට එයින් මිදී සකස්වන්නේ කෙසේ දැයි සඝවිනය තුළ පැහැදිලිව දක්වා තිබේ. සංඝ සමාජය තුළ ඇතිවන ඕනෑම ගැටලුවක් විසදාගත හැකි ආකාරය සඝවිනය පැහැදිලි කර ඇත. බුදුන් වහන්සේ පිරිනිවන් පැම සදහා කුසිනාරාව ට වැඩම කරවන අතර වාරයේ භෝග නගරයේ ආනන්ද චෛත්‍යයෙහි වැඩ වසන කල්හි උපදේශ හතරක් දේශනා කොට වදාළහ. එහි පළමු උපදේශය මෙලෙසය. ‘ භික්ෂූණි මේ ධර්මය ය මේ විනය ය මේ ශාස්තෘවරයාගේ ශාසනය ය. මා මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පිළිගතිමි. යයි යම් භික්ෂුවක් කියයි නම් එපමණකින්ම එම කියමන කෙරෙහි පැහැදීමක් ඇති කර ගත යුතු නැත. එමෙන්ම එය ප‍්‍රතික්ෂේප කළ යුතු ද නැත. එපමණින් ඒ ගැන පැහැදීමකට පත්නොවී ප‍්‍රතික්ෂේප ද නොකර ඒ කියන ලද පද ව්‍යඤ්න මනාකොට ඉගෙන සූත‍්‍ර හා ගැලපිය යුතුය. විනය හා සැසඳිය යුතුය. එසේ කල විට සූත‍්‍ර හා නොගැලපෙන දේ විනය හා නොසැසදෙන දේ වටහා ගත හැකිය.’

එම නිසා ධර්මය ට අනුව ජීවත් වන අතරම බුදුන් වහන්සේ විසින් අනු දැන වදාළ භික්ෂු භිස්ෂුණී විනය රැකීමද සංඝ සමාජයේ වගකීමක් සම්ප‍්‍රදායක් ලෙසට සැලකූ බව පැහැදිළිය. දැනට අනුරාධපුර රත්න ප‍්‍රාසාදය අසල පිහිටා තිබෙන පස්වන කසුප් රජුගේ පුවරු ලිපියට අවධානය යොමු කිරීමෙන් පැරණි රජවරු ද මේ සම්ප‍්‍රදාය අනුව සංඝ සමාාජය කෙරෙහි නීති පණවා ඇති ආකාරය තේරුම් ගත හැකිය. මෙම පුවරු ලිපියේ තිස්වන වගන්තිය අනුව නිකායෙහි සංඝයා හිඳ විසඳා නිම විය යුතු යයි දක්වා තිබේ. සංඝයා විසින් නොනිමවන කල්හි සම්දරුවන් හා රැස්ව විචාරා නිමවා ගත යුතු යයි ද සඳහන් වේ. බි‍්‍රතාන්‍ය පාලනකාලයේ දී ශාසන සම්ප‍්‍රදාය ගැන නොදත් නිළධාරීන් රෝම ලන්දේසි නීතියට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් සකස් කළහ. පුද්ගලික දේපළ ක‍්‍රමයක් නොතිබූ ලංකාවේ විහාරාරාම පාලනය කිරීම සදහා දේපළ නීතියක් විහාරගම් දේවාලගම් පණත යනුවෙන් හඳුන්වා දුන්හ. මෙහි දීර්ඝ කාලීන ප‍්‍රතිඵලය දැනටමත් අත්විඳ තිබේ. විහාර ඉඩකඩම්වල ආරවුල් බේරා ගැනීමට භික්ෂූන් වහන්සේලාට උසාවි ගානේ රස්තියාදු වීමට සිදුව කිබෙන බව රජය නොදන්නවා නොවේ. එසේ තිබියදීත් විහාර ගම් දේවාලගම් සංශෝධන පණත යනුවෙන් නව කෙටුම් පතක් සකස් කර ඇත්තේ කුමන අභිප‍්‍රායකින් දැයි විමසා බැලිය යුතුය.

ලංකාවේ දේශපාලනය තුළ පවතින අන්‍යාගමික බලපෑම නිදහස ලැබූ වකවානුවේ සිටම දක්නට ලැබුණකි. එල්. එච් මෙත්තානන්ද මහතාගේ කතෝලික ආක‍්‍රමණය නම් ග‍්‍රන්ථයේ මේ පිළිබද අගනා විවරණයක් ඇත. පසුගිය කාලයේ කොටි ආක‍්‍රමණයට ද පදනම සපයා දී ඇත්තේ මේ අන්‍යාගමික බලවේග විසිනි. සංඝ සමාජය නීති වලින් බැඳ තබා උන් වහන්සේලාගේ ජාතික වගකීම අවසන් කළ යුතු යයි මේ බලවේග වර්තමානයේ සිතනවා නිසැකය.2008 පෙබරවාරි හිදී මීගමුවේ දේවස්ථානයක පැවති රහසිගත රුස්වීමකදී සංඝ සමාජය පිළිබද ගත් තීරණ අදිසි හස්තයක් හරහා ක‍්‍ර‍්‍රියාත්මක වීමට තැත් කරන බවට සැකයක් ඇතිවී තිබේ. විහාරස්ථාන සතු ඉඩකඩම් වසර පහක කාලයකට රජයේ සංවර්ධන වැඩ වලට යෙදවීම, අන්තර් ආගමික සාම කමිටු පිහිටුවීම ආදී යෝජනා මේ අතර තිබේ.

ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ සර්ව ආගමික සහජීවන වැඩ සටහන් කි‍්‍රයාත්මක කිරීම දැනටමත් අරඹා තිබෙන අතර ඒ සදහා සම්බුද්ධත්ව ජයන්ති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ද වෙනස් කර තබුණි. පෙර රජය විසින් අනුමත කළ විසි වැදෑරුම් වැඩපිළිවෙල අවලංගු කොට මෙලෙස සර්ව ආගමික ක‍්‍රියාවලියකට සපැමිණ තිබෙන්නේ බෞද්ධ බලය අඩපණ කිරීමට බව තේරුම් ගත යුතුය. බෞද්ධ ආගමික සංවිධාන මැදිහත් වී සකස් කළ මෙහි ඇතැම් කෙටුම්පත් ඉහළ නීති දෙපාර්තමේන්තු වලදී වෙනස් කොට ඇති ආකාරය ද තුලින් තේරුම් ගත යුත්තේ සසුන් කොඩි නැන්වීමට වඩා බිම දැමීමට යම්කිසි කොටසක් උත්සාහ කරන බවයි. බුද්ධ ශාසනය පිළිබද ප‍්‍රශ්ණ විසදීමට රජය අවංකව මැදිමත් විය යුතු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එම වගකීම රජයට පවරා ඇති බැවිනි. නමුත් පවත්නා නීති මේ සඳහා යොදා ගැනීමේදී සම්ප‍්‍රදායන්ට එකගව එය ඉටු කරලීමට පරිස්සම් විය යුතුය. එසේම යම්කිසි ශාසන පරිහානියක් රටේ තිබෙන බව ද සැබැවින්ම තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ඒ තත්ත්වය තුළ ශාසන ශෝධනයක අවශ්‍යතාවය ද මතුව තිබේ.

යම්කිසි ආකාරයකින් උසාවියට බලය නොදී අදාල නිකායත‍්‍රයට එම බලය ලබා දෙන්නේ නම් ඉතා කල්පනාකාරීව ඒ සදහා මැදිහත් විය යුතු යයි සිතමි. එහෙත් සර්ව ආගමික මතවාදයකින් රජය පටලවා ඇති අවස්ථාවකදී එවැනි සිහි බුද්ධියක් මතු වේ දැයි සැක සහිතය. කෙසේ වෙතත් බුද්ධ ශාසන පනතේ 3 වන කොටස ලෙසින් සැලකෙන ලියා පදිංචිය බල ගැන්විය යුත්තේ අදාල නිකායේ මූලස්ථාන මගිනි. ඒ සඳහා ව්‍යවස්ථාවේ නවවන වගන්තිය බලාත්මක කිරීමට මහා සංඝ රත්නයෙන් උපදෙස් පැතිය යුතුය. වෙසෙසින්ම ලංකාව පුරා තිබෙන විහාරස්ථාන නැවත යාවත්කාලීන කිරීමට පහසුකම් සැලසීම රජයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප‍්‍රකාශ කරන පරිදි උතුරු පළාතේ දැනට හදුනාගෙන ඇති වැව් 1100 ආසන්නයේ පවතින විහාරස්ථාන නටබුන් රාශියක අන්‍යාගමික දේවස්ථාන ඉදිවී ඇත. මේවා ඉවත් කොට නැවත විහාරස්ථාන ඉඳිකරලීම හෝ පුරාවිද්‍යා ස්ථාන බවට පත් කිරීම රජයේ වගකීමක් ලෙසින් සැලකිය යුතුය.

ශාසන ශෝධනය කොට සසුන් කොඩි එසවීම උදෙසා පෙර රජ දරුවන් ගත් මග පූර්වාදර්ශයක් ලෙස නොගතහොත් මෙතෙක් රජයට ලැබී තිබෙන සොබා දහමේ ආශිර්වාදය ඉදිරියේදී නොලැබී යෑමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. පසුගියදා සිදුවූ ගංවතුර විපත් භූමි කම්පන මෙන්ම වත්මන් නියන් තත්ත්වයද මෙයට පෙර නිමිත්තකි. සෙනසුරු ග‍්‍රහයා හා අගහරු ග‍්‍රහයාගේ වෙනස්කම් හා ගමන සැලකිල්ලට ගෙන මේ විපත්තිය තේරුම් ගත හැකිය. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය උදා කර දී තිබුණේ මේ ග‍්‍රහ විපත් තේරුම් ගෙන ධර්ම මාර්ගයේ ගමන් කරලීම සඳහාය. එහෙත් එම අවස්ථාව ගිලිහී ගියේය. මිථ්‍යා දෘෂ්ඨීන් වැළඳ ගැනීම සහ අනුග‍්‍රහය දැක්වීම මගින් සෑම ආශිර්වාදයක්ම ශූන්‍ය විය හැකි වන බව ද ඉතා ඉක්මනින් තේරුම් ගත යුතුය.

Posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දහම්පල් හිමිය අප විරව තංස

සෙනෙවිරුවන්

දිගු නිදහස් අරගලයකින් පසු ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජයාගෙන් නිදහස ලැබූවේ 1947 වසරේ අගෝස්තු මස 15 වනදාය. එහි ප්‍රථම අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ ජවහලාල් නේරු මහතාය. එහෙත් ඉන්දියාව පූර්ණ ස්වරාජ්‍ය උදෙසා ඉතා ඉක්මනින් කටයුතු කරලීමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස බිහාර් ප්‍රාන්තයේ උපත ලද ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා පත් විය. 1948 වසරේ දී ලංකාවද නිදහස අත් කර ගත් නමුත් පූර්ණ ස්වරාජ්‍ය පිළිබඳව සංකල්පයන් රෝපණය කර ගැනිමට අවශ්‍ය සාධක ගොඩනැගුනේ ඉතා සෙමිනි.ඒ අතර රටේ ස්වභාෂාවන්ට හිමි තැන ලබා ගැනිම පිණිස සමාජය තුළ පුලුල් කතිකාවතක් දියත් විය. බණ්ඩාරනායක මහතා ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ කල්හි මෙම අවශ්‍යතාවය ඉටුකරලීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇති කළේය. මෙවකට ශ්‍රේෂ්ඨ පිරිවෙණ් බවට පත්ව තිබූ විද්‍යාලංකාර හා විද්‍යෙදය විශ්වවිද්‍යාල බවට පත් කිරීමටද බණ්ඩාරනායක රජය පියවර ගත්තේය. ඉන්පසු එහි මංගල උපාධි සම්මුති උත්සවය පවත්වන ලද්දේ 1959 ජූනි මස 17 වන දිනදීය.. රජයේ මූලික අදහස වන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පියවර නියම අන්දමින් ක්‍රියාත්මක කිරීම හා ලෝකයේ උසස් භාෂාවක් ලෙසට සිංහලය නගා සිටුවීම මෙම විශ්ව විද්‍යාල පිහිටුවීමේ අරමුණු අතර වන බව එවකට අධ්‍යපන ඇමති වරයාව සිටි විජයානන්ද දනායක මහාත එහිදී ප්‍රකාශ කලේය.

මෙම මංගල උපාධි සම්මුති උතසවයේ ප්‍රධාන අමුත්තා ලෙසට සාභාගි වූයේ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහාතාය. එතුමාට ආරාධනා කරමින් උපකුලපතිව සිටි කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල කථාව මෙසේය.’විද්‍යාලංකාර පිරිවෙණ 1959 ජනවාරි මස 01 දින විශ්ව විද්‍යාලයක් වශයෙන් වර්තමාන ලක් රජය මගින් සම්මත කරන ලදී. අවුරුදු දෙදහස් පන්සීයකට ප්‍රථම දඹදිවින් ලෝකය පුරා පැතිර ගිය විද්‍යාලෝකය ප්‍රඥාලෝකය හා ධර්මාලෝකය දැනට යුධභයින් වෙව්ලාගිය භේද භින්න වූ ලෝකයෙහි යළි ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව පෙරමුණ ගත යුතුය. රාහුල සාංකෘත්‍යයන ආදී කීර්තිධර භාරතීය පඬිවරුන්ගේ ගුරු භූමිය වූ මේ විද්‍යාපීඨය ථෙරවාද බුද්ධාගම පිලිබඳව අද්විතීය කේන්ද්‍රස්ථානයක්ව පවතියි. එබැවින් භාරත ලංකා දෙරට අතර පවත්නා චිරන්තන සම්බන්ධය තහවුරු වීමටත් මේ විද්‍යාපීඨය හා භාරතීය පඬිවරුන් අතර පවත්නා සම්බන්ධය දැඩිකරලීමටත් රාෂ්ට්‍රපති තුමා ගේ පැමිණීම විශේෂ හේතුවක් වනු ඒකාන්තය.’

මෙහිදී ඉන්දිය ජනාධිපතිවරයා දැක්වූ අදහස්ද මෙලෙස සටහන් කරගැබිම ඉතාවැදගත්ය. ‘සාගරයෙන් ඔබ්බෙහි පිහිටි ඉන්දියාවේ වැසියන් වන අපි විද්‍යාලංකාර විශ්ව විදයාලයෙන් කෙරෙන වැඩත් එහි වර්ධනයත් ගැන දැඩි සැලකිල්ල යොමු කරන්නෙමු. හින්දු ධර්මය සහ බුද්ධාගම එකිනෙකට අසම්බන්ධයයි හෝ ප්‍රතිවිරුද්ධ යයි හෝ අප නොසලකන බැවින් අපේ මේ උනන්දුව සැබවින්ම අවංක එකකි. බුද්ධාගම පිලිබඳ මහජන ප්‍රබෝධයක් මෑත කාලය තුල ඉන්දියාව පුරා ඇති විය. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් 2500 යේ ජයන්ති මහෝත්සවය කෙරෙහි දැක්වුණු උද්‍යෙගයත් පැරණි නාලාන්දාව පිහිටි තැන බෞද්ධ ශාස්ත්‍රයතන පිහිටුවීමෙනුත් විවිධ විශ්ව විද්‍යාලයන් බුද්ධාගම කෙරෙහි දක්වන උනන්දුවෙනුත් ඒ බව පැහැදිලි වේ.බුද්ධාගම හැදෑරිය හැකි අගනා විශ්වවිද්‍යාලයන් ඉන්දියාවේ ඇතද ඉන්දීය ශිෂ්‍යයන් විද්‍යාලංකාරයට පැමිණ මේ විශ්ව විද්‍යාලයේ ජීවය උරාගන්නවා පමණක් නොව ලංකාවේ ශිෂ්‍යයන්ද භාරතීය මධ්‍යස්ථානයන්හි සිපසතර හදාරනු දැකීමට කැමැත්තෙමි.’

බුද්ධාගම කෙරෙහි ඉන්දීය ජනාධිපතිවරා තුළ මෙවන් හැඟිමක් ඇති කරලීමට මුල් වූයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසින් බුද්ධගයාව බේරා ගැනීම පිණිස ආරම්භ කරන ලද නඩුව යි.                         ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1891 වර්ෂයේදී ඉන්දියාවට සැපත් ව බුද්ධගයාව වන්දනා මානයට යනවිට එහි ආධිපත්‍ය ඉසිලූ ක්‍රිෂ්ණ දයාල් ගිරි මහන්තා මහන්තා ශිව ලිංගය වන්දනා කරන්නට සපැමිණෙන හින්දු භක්තිකයින්ට රිසිසේ එම ස්ථානයේ නිදහස ලබා දී තිබුණි. මේ දර්ශන වලින් අතිශය ශෝකයට පත් ධර්මපාල තුමා කෙසේ හෝ අවසරලබා ගෙන බුදුන් වහන්සේ බුද්ධත්වයටපත්  ස්ථානයේ ශ්‍රී මහා බොධියේ ඉදිරිපිට වජ්‍රාසනය අසලට වී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඡයනා කරමින් බලවත් අධිෂ්ඨානයක් කළේය. ඉන් පසු බරණැස ඉසිපතනයට ගොස් එහි බෞද්ධ නටබුන්වල ගල් ගලවා ගෙන යන හින්දුන් ගේ නොමනා ක්‍රියාවන් නැවැත්වීමට සටන් කලේය. අනතුරුව තම මවට තැපැල් පතක් යවා මුදල් ගෙන්වා ගෙන රුපියල් 600 කට ඉසිපතනය ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන මහාබෝධි සමාගම ආරම්භ කොට සිය අධ්‍යාත්මික හා ආගමික මෙහෙයවීම් සදහා පදනමක් ඇති කළේය..

බුද්ධගයාවේ මහන්තා ට විරුද්ධව ක්‍රි.ව. 1895 දී ධර්මපාල තුමා නඩු මගට බැස්සේ වෙන කළ හැකි කිසිම දෙයක් ඉතිරිව නොතිබූ බැවිනි.බුද්ධගයාවේ තැන්පත් කළ බුදු පිළිමය මහන්තා ගේ පිරිස විසින්පැහැර ගෙන යෑම නිසා නඩු මගට බැසීම ඉක්මන් විය. බෞද්ධයන් ගේ අයිතිය ප්‍රකාශ කරලීමට තිබූ එකම සිහිවටනය වූයේ බුදධගයාවේ ස්ථූපාකාර හැඩයයි. ඒ තත්ත්වය නීතිමය මාර්ගයෙන් හෙළි කරවා එතුමා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මුල් වතාවේ නඩුවෙන් ජය ලබන්නට හැකි වුවද 1906 වසරේ ප්‍රකාශයට පත් කළ ඇපැල් නඩු තීන්දුවෙන් එතුමා පරාජයට පත් විය.බුදුරදුන් විෂ්ණු ගේ නවවන අවතාරය ලෙසින් හින්දු පක්ෂයේ පිරිස එයට අවශ්‍ය කරුණු කියා පෑ නමුත් ධර්මපාල තුමාගේ නීතිඥ වරුන්ට එම තර්ක බිඳ හෙළීමට තරම් දැනුමක් නොවීය. නමුත් මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ඉල්ලීම පරිදි මහත්මා ගාන්ධි තුමා මෙයට මැදිහත්වීමට පොරොන්දු වූවද එයද ඉටු නොවීය. අනතුරුව බුද්ධගයාවේ තත්ත්වය සමනය කලේ ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මැතිතුමා පත් කළ කොමිටියේ නිර්දේශ අනුවයි. 1949 දී බුද්ධගයා පණත මගින් මෙම ස්ථානය බෞද්ධයන් ගේ වන්දනා මාන ස්ථානයක් බවට පත් කරලීමට ඉන්දීය රජය එකඟ වූවද ඒ සඳහා පාලක කොමිටියට හින්දූන්ද ඇතුලත් විය යුතු යයි තීරණය වුණි.එහිදී වැඩි පිරිසක් හින්දු සාමාජිකයන් එයට ඇතුළත් විය. ඉන්දීය මහා බෝධි සමාගම පිහිටුවා බුද්ධගයාව හින්දූන්ට හා බෞද්ධයන්ට බාර දුන්නේ වඩා උපක්‍රමශිළි ව යයි සිතේ. නමුත් කොළම ආනන්ද විදහුලේ රැස්වුණු බෞද්ධයන් මීට විරෝධය පෑම නිසා තත්ත්වය මදක් වෙනස් විය.

වසර 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භර දුන් ඓතිහාසික ගිවිසුම මගින් සිංහලයාගේ නිදහස නැති විය. වසර දහස් ගණනක් අඛණ්ඩව ගලා පැමිණි සිංහල ශිෂ්ඨාචාරය යුරෝපා ජාතීන් වෙත පවරා දෙන්නට සිංහලයා මෝඩ වීමේ විපාකය අද අප විඳිමින් සිටින්නෙමු.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් නොවී සිටි ආසියාතික ජාතීන් දියුණුවෙහි හිණි පෙත්තට ගමන් ගනිද්දී සිංහල ජාතියේ විනාශයට මං පෙත් විවරව ඇත. 1815 වසරේ සිට දැන් වසර දෙසීයක් ඉකුත් වෙමින් තිබේ. එහෙත් විනාශයට මිස දියුණුවට යන්නට මගක් තවමත් සිංහල පාලකයන් ගේ සිතතුළ පහළව නැත. මේ පරිහානිය 1911 වැනි ඈතකාල වකවානුවකදී දුටු ප්‍රාඥයකු වශයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හඳුන්වන්නට හැකිය. ධර්මපාල චරිතාපදානය තුළ අපට දකින්නට ලැබෙන්නේ අඩ සියවසක් පමණ කාලයක් ඔහු සිංහල ජාතිය නැගිටුවන්නට ගත් උත්සාහයයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ගේ පාණදුරාවාද කාහලනාදය මගින් ශක්තිමත් කරන ලද ජාතික බලවේගවලට මග පෙන්වූ ධර්මපාල චරිතය මැනවින් වටහා ගත්තා දැයි සැකයක් ඇති වේ. එයට හේතුව ධර්මපාල මග ගනිමින් රටේ නිදහස දින ගන්නට සටන් කොට නිදහස ලැබූ පසු ඒ සියල්ල අමතක කිරීමයි. 1948 සිට මේ වන තෙක් සිදු වූ දේශපාලන ක්‍රියාදාමය ගැන කල්පනා කරන බලන කල්හි ධර්මපාල හඬ යොදා ගෙන ඇත්තේ සිංහල ජාතිය දේශපාලන වශයෙන් රවටන්නට පමණක් දැයි කල්පනා වේ.

ධර්මපාලතුමා එදා අළුත පොහාසත් වූ සිංහල ධනවතුන් ගැන කලා කලේ මෙලෙසය.’කුරුඳු පොල් පැඟිරි මිනිරන් යන ද්‍රව්‍ය වෙළෙදාම් කිරීමෙන් පහතරට සිංහලයන් ස්වල්ප දෙනෙක් ධන රැස් කර ගෙන තිබේ. මේ ධන රැස්කර ගැනීමට පරදේශික ශාස්ත්‍රාචාරීන්ගේන් ශිල්ප ශාස්ත්‍රයන් මේ ධනවතුන් උද්ග්‍රහණය නොකොළෝයි. ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශින් ගේ බලයෙන් පොල් කුරුඳු ආදිය වැවීම කොට ඇතැම් සිංහලයෝ ධන රැස් කර ගත්තෝය.ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශාලයෙන් මිණිරන් පතල් වලින් ඇතැම් සිංහලයෝ ධනවතුන් වී සිටිති. මෙසේ රැස් කලාවූ ධනයෙන් සිංහල ධනවතුන් කරන්නේ කුමක්දැයි විභාග කටයුත්තේය. සිංහලයන්ට අයිති රටෙන් සෛංහල බලයෙන් ධන උපදවාගෙන ස්වදේශාලයෙන් ස්වජාතිය ආගම් රට වර්ධනය කිරීමට ඒ ධනය වියදම්නොකොට අපේ සිංහල ධනවතුන් පළමුකොට කරන්නේ සුද්දාගේ තොප්පිය හිසට දැමීමයි. ගෙයක්කරවා ඊට සුද්දා ගේ රටේ තිබෙන ගමක නමක් දීමයි. පුතාට හැමිල්ටන් ආර්කිලෙස් ඇලිජින්නස්ටන් ඩන්කන් ඔස්බර්ග් යන නම් රාශියක් ඒකාබද්ධ කොට සිල්වා ප්‍රනාන්දු දියස් පීරිස් ආදී පරංගි නාම නම් වලට යා කර ගැනීමයි. ධනවත් එකම සිංහලයෙක්ට ප්‍රඥාව තිබේ නම් දැන් කරන විකාර කරන්නේ නැත. ‘

පළමුවන ලෝක යුද්ධය පැවති කාලවකවානුව බැවින් එකල ලංකාවේ රබර් මිළ පහත වැටුණේය. ඉන්දියාවේ සිර අඩස්සියේ සිටි ධර්මපාලතුමා හිනිදුම මහබෝධිවත්තේ සිටි ලුවිස් කොන්දොස්තර මහතාට ලියූ ප්‍රසිද්ධ ලපියක් වෙයි.එහිදී ඔහු මෙසේ පවසා ඇත.’ නැවතත් හාල් කෝලාහලය හට ගෙණ තිබේ.ලංකාවේ සිංහලයෝ රබර් වැවීම කලා අද එයින්ද ප්‍ර යෝජනයක් නැහැ. තේ වැවීම කලා අද එයින්ද ප්‍රයෝජනයක් නැහැ.බත් කන්ට හාල් නැහැ. කුඹුරු වැපිරීම් කළොත් කන්ට ටික ලබා ගත හැකියි. නැතිනම් රබර් කා ජීවත් වන්නට වේ.’ සැබවින්ම මේප්‍රකාශය අදටත් එකසේ වලංගු නොවන්නේද. සිංහලයන් විදේශිකයන් ගේ නොයෙකුත් ව්‍යාපාර කරති. ඔවුන් අනුකරණය කොට කුඹුරු ගොඩ කර විසල් ගෙඩනැගිලි සාදා පරදේශීන්ගේ බඩු භාණ්ඩ අලෙවි කරති.කුඹුරු වතු පිටි පාලු වී යති.වැඩි කලක් ගත නොවී කන්ට හාල් නැතිවෙන බව එදා ධර්මපාලතුමා කිවූ අනාවැකිය සත්‍යය වේගෙන එයි.

සිංහලයාට අනන්‍ය වූ කර්මාන්ත හා කෘෂිකර්මය නන්වාලීමට වෑයම් කළ යුතු බව ධර්මපාලතුමා නිතර දුන් උපදේශයකි. වර්ෂ 1889 දී ඔල්කට්තුමා සමග ජපන් රටට යෑමට ධර්මපාලතුමාට හැකි විය. එහිදී බෞද්ධ සම්මේලනයක් පැවැත්වීම නිසා උගත් ධනවත් ජපන් බෞද්ධයන් ගේ ආකර්ශණය දිනා ගතහැකි විය. දේශනා තුන්සීයක් පමණ එහිදී සිදු කළ බවද වාර්තා වේ. ධර්මපාලතුමා 1902 දී නැවත වරක් ජපානය බලා ගියේය. 1904 දී කර්මාන්ත අරමුදලක් ඇති කිරීමටද එතුමා මුල් විය. ඉන්පසු ඕලන්ද ඩෙන්මාර්ක් සහ එංගලන්ත යන රටවල සංචාරය කරමින් කර්මාන්ත නරඹා අත්දැකීම් එකතු කලේය. අනතුරුව 1904 ජූලි මාසයේ දී ඉන්දියාවේ සාරානාත් හි කර්මාන්ත ශාලාවක් ඇරඹිමට ද එතුමා ක්‍රියාකලේය.ඉන්පසු ලංකාවට පැමිණ තම සහෝදරයා වූ සී.ඒ. හේවාවිතාරණ මහතාගේද සහයෝගය ඇතිව යූ.බී.දොළපිහිල්ල මහතා පේෂකර්මය හැදෑරීමටද බියන්ගොඩ බාලසූරිය මහතා ගිනි පෙට්ටි කර්මාන්තය ගැන හැදෑරීමටද වේයන්ගොඩ විජයබාහු මහතා පිඟන් කර්මාන්තය ගැන හැදෑරීමටද ශිෂ්‍යත්වයක් ලබා දී ජපානයට පිටත් කොට හැරියේය. ආපසු පැමිණි ඔවුහු ආරම්භ කළ කර්මාන්ත මගින් ජාතික ආර්ථිකයේ නව පිබිදීමක් ඇති විය. රටපුරා අත්යන්ත්‍ර පෙහෙකම්හල් නව ප්‍රවේශයකින් ඇරඹී අතර අලියා ගිනිපෙට්ටි කර්මාන්ත ආයතනයද ආරම්භ විය. ධර්මපාල තුමා පැවතෙන්නේ ව්‍යාපාරික පවුලකිනි. ධනය මත බලය රඳා පවතිනබව ඔහු දැන සිටියේය. ඔහු තමන්ගේ ධනය නොව රටේ ධනය වර්ධනය කළ හැකි මාර්ගද ඒ මගින් ස්වාධීනත්වය කර යන මාර්ගයන්ද හොඳින් අධ්‍යනය කොට එය ක්‍රියාවට නැගීය.

1913 දී සිවුවන වතාවටද එතුමා ජපානය බලා ගියේය. එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිස්පති ඩවිබිගින් මහතා ආණ්ඩුවට සිය රහස් වාර්තා මගින් නිර්දේශ කලේ ධර්මපාලතුමා භයානක පුද්ගලයෙකු බවයි.එම නිසා කල්යල් බලා බ්‍රිතාන්‍යයන් විසින් ධර්මපාතුමා ඉන්දියාවේ දී නිවාස අඩස්සියේ තබන්නට කටයුතු කලේය.මෙයට ප්‍රධාන හේතුව ඔහු ජපානයත් සමග ගෙන ගිය ආර්ථික සහයෝගීතාවයයි. 1885 වසරේදී සිය ඩේවිඩ් හේවාවිතාරණ නාමය අතහැර ධර්මපාල නාමය ගත් තැන් සිට එතුමා එඩිතර සිංහල බෞද්ධ නායකයෙක් ලෙසට ක්‍රියාකලේය. ඔහු බොරුව රැවටීම මෙන්ම දුෂ්චරිතයද පිළිකුල් කලේය. මතපැන් බී නිකරුණේ කාලය කන්නන්හට බැණ වැදුණේය. ට්‍රාන්ස්වල් ලීඩර් පත්‍රයේ ලන්දේසි ලේඛකයෙක් දැක්වූ සටහනක් ධර්මපාලතුමා උපුටා දක්වන්නේ මෙසේය.’ සුදු මිනිසා මත් පැන් බොයි. බී ඇද වැටෙයි. ස්වදේශකයන් මතු පැන් නොබී. පිරිමැස්මෙන් නැගෙයි. කල් නොයාවා අපට එක් දෙයක් දත හැකිය. පහත් සුදු මිනිසා ස්වදේශකයන්ට මෙහෙකරයි. එය වෙනස් කිරීමට නම් ස්වදේශිකයන් මත්පැන් බී ඇද වැටිය යුතුය. ඔහුට මත්පැන් දෙනු. කල් නොයවාම ඔහු ඇදවැටී මේලේඡ්ත්වයට පත් වනු ඇත.’ධර්මපාලතුමා මේ උදාහරණ නිතර දක්වමින් තරුණයන්ට අවවාද දුන්නේය. දැනගතයුතු කරුණු පෙන්වා දුන්නේය. අවසන් කාලයේ දී පැවිදිදිවියට පත්ව 1933 අප්‍රියෙල් 29 දින නිධනප්‍රාප්ත වන තෙක්ම මේ පිළිවෙතෙහි ගැලී සිටියේය. නමුත් එතුමා ප්‍රාර්ථනාකල නව ලෝකය බිහි වුණේ නැත. ඉංග්‍රීසින් අනුකරණය කළ ලංකාවේ කලුසුද්දන් අතින් බිහිවූයේ විදේශගැති ශ්‍රී ලංකාවකි. ධර්මපාලතුමා උප්පත්තිය ලැබ වසර එකසිය පණහක් ගතවන මේ මොහොතේ එතුමා ගේ දර්ශනය ගුරුකොට ගනිත්නම් සිංහල ජාතිය තවත් කල් වැජඹෙනු නියතය.

කැලුම්කල් දියුණු කොට සිංහල   වංස – නෙලුම්පල්ලකර කළ නිසි රණ හංස

හැඟුම් උල්පතෙව් දිනුහළ බිය     සංස –         දහම්පල් හිමිය අප විරව   තංස

Posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

විජාතික බලවේග සහ ජාතික බලවේග අතර සටන කුමක් වේවිද

වත්මන් ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන බල අරගලය ගැන පැහැදිලි කරන මනා අවස්ථාවක් ලෙසට සැලකිය හැකිය. යටත් විජිත සමයට පෙරාතුව පවා මෙවැනි බල අරගල ලංකා දේශපාලන තලයේ දකින්ට තිබුණි.අපේ රට 1815 දී බ්‍රිතාන්‍යයන් සතු වූයේ එවැනි බල අරගලයක උච්චතම අවස්ථාවේදීය. න්‍යෂ්ටියේ සිදු වන මේ බල අරගලයන් සාමාන්‍ය දෙයක් වුවද රටක ඉදිරිගමන ඒ මගින් වළක්වාලන්නේ නම් ඒ පිළිබඳව සබුද්ධිතව කල්පනාකිරීම සැමගේ යුතුකමකි. යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතනවා මෙන්ම සමස්ත රටේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකයන් වඩා ඥානාන්විතව හසුරුවා ගැනීමට උත්සාහ දැරීම වටනේය.

වත්මන් රජය කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කොට සාමය ස්ථාපිත කරන ලද ආකාරය රට වැසි සියළු දෙන අනුමත කරන ලද්දකි. එහෙත් මේ කොටි ත්‍රස්තවාදය සහ ඊලාම් අරමුණින් රට බෙදීමට කරන ලද වෑයමට බොහෝ අයගේ විරුද්ධත්වය ප්‍රකාශ නොවුණි. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමාජවාදී පක්ෂ තුළ සිටින ඇතැම් පිරිස් ඊලාම් අරමුණු අනුමත කිරීමයි. උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් තිබී යයි දෙමළ ජාතිවාදීන් විසින් පතුරුවන ලද මතවාදය මේ සැම පිළිගනිති. ඒ මතවාදයේ සත්‍යතාව ලොව පිළිගත් බැවින් ඔවුන් වෙත ස්වයංපාලනයක් දියයුතුය යන අදහසේ මේ බහුතරය සිටි බව නොරහසකි. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් වරුන් ගේ අත්පොතේ පවා මේ ඊලාම් අරමුණු සාධාරණ යයි සලකන කියමන් ඇතුලත්ව තිබේ. නමුත් ලංකාවේ බහුතර දෙනා මේ මතය පිළිනොගනිති. සිංහල දෙමල ජනයා දකුණේත් උතුරේත් එකට වාසය කරමින් වෙළ හෙළදාම් කරමින් ජීවත් විය යුතුය යන මතය අදහන ඔවුහු බෙදුම්වාදය කිසිලෙසකින්වත් අනුමත නොකරති.මෙහිදී විජාතික බලවේග නියෝජනය කරන ලද්දේ පෙරදී බේදුම් වාදය අනුමත කරන ලද පිරිසමයි. සාමාන්‍ය ජනතාව එහිදී ජාතික බලවේග නියෝජනය කළහ. එයට දේශපාලන නායකත්වය දුන් පිරිස ගෙන් ඇතෙමෙක් ජනතාවගේ මතයට කන්දී යුද්ධයට නායකත්වය දී කොටි සටන පරාජයට පත් කළහ.

පශ්චාත් යුධ සමයේදී නැවත බෙදුම්වාදී අදහස මතු වී පැමිණියහ. ඒ නිසා උතුරේ හා නැගෙනහිර දී සිංහළයන් පදිංචි කිරීමට අවස්ථාවක් දුන්නේ නම් ඒ කලාතුරකිනි.දෙමළ ත්‍රස්තවාදය පරාජයට පත් කරන ලද හේතුව නිවැරදිව ජාත්‍යන්තර වශයෙන් සංනිවේදනය නොකර යුධ සමයේදී කරන ලද ක්‍රියාකාරකම් විමර්ශනයට උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පත් කළහ. ඒ මගින් සිදු වූයේ යම් වැරැද්දක් රජය අතින් සිදු විණි යැයි යන පණිවිඩයක් ලෝකයට පිටත් කර හැරීමයි.මේ තත්ත්වය විමර්ශනය කරන කල්හි අපට තේරුම් යන්නේ මේ අවස්ථාවේදී රජය විජාතික බලවේග නියෝජනය කරන ලද ආකාරයයි.

ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයන් හි සැලසුම් වලට සංකල්ප පැමිණෙන්නේ ද විදේශ වලිනි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුවේ අවශ්‍යතා මත පුහුණ කරන ලද නිළධාරීන් යළි ලංකාවට පැමිණි පසු ඒ අවශ්‍යතාවය ගෙඩි පිටින්ම ගෙන වාර්තාවන් සකස් කරති. 2002 වර්ෂයේ දී ඉදිරිපත් වූ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහන එවැනි ක්‍රියාදාමයකි. එම වාර්තාව සකස් කිරීමට නිළධාරීන් රාශියක් සාභාගි වන්නට ඇත. එහෙත් එය ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. වර්තමානයේදී වැඩියෙන්ම කතාබටහට ලක් වූ කැසිනෝ ක්‍රීඩා සහිත හෝටල් දෙක ඉදිකිරීම පිළිබඳව මූලික සංකල්පය මෙම වාර්තාවේ 208 වන පිටුවේ ඇත.(Permit 2 Five star hotels in Colombo to operate gaming facilities by auctioning licenses ) එසේම වර්තමානයේ කොළම නගරයේ සිදු වන සංවර්ධන ක්‍රියාදාමය විශේෂයෙන්ම යටත් විජිත ගොඩනැගිලි යලි ප්‍රතිසංස්කරණය ගතහොත් එයද මේ වාර්තාවේ 208 පිටුවේ දක්වා දී තිබේ.( Transform Colombo city into an interesting tourism venue by restoration and conversion of historically important buildings into entertainment venues such as restoration of the Dutch hospital Art and cultural center project ) මෙම ව්‍යාපෘති වලට අනුමැතිය දී තිබෙන්නේ කොළඹ නගරය ආසියාවේ විනොදාත්මක නගරය බවට පත් කිරීමටයි. ඒ සඳහා ඕනෑම බදු සහනයක් දීමටද වාර්තාව නිර්දේශ කර තිබේ. මේ සැලසුම් ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීම සිදු වී ඇති අතර දේශපාලකයන් මාරු වුනද මේ වාර්තා සකස් කල නිළිධාරීන් දිගින් දිගටම රජයේ රැඳී සිටිම නිසා අඛණ්ඩව ඒ සැලසුම් ක්‍රියාත්මක මට්ටමේ ඇත. වත්මන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉටු කරනු ලබන්නේ මේ ව්‍යාපෘති බව පෙනේ.

මොරගහකන්ද හා යාන් ඔය ජලාශ ව්‍යාපෘති දෙකම මුල් මහවැලි සැලැස්මේ අන්තර්ගත ව තිබුණකි. එම ජලාශ දෙකින් ලැබෙන ප්‍රතිඵලයන්හි යම්කිසි වාසිදායක තත්ත්වයක් තිබුණද නිළධාරීන් ඒවා ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත්තේ කිසිම වෙනස් කමක් නොකරමිනි. ලංකාවේ පුරාණ වාරිමාර්ග පද්ධතිය හෝ දේශීය දැනුම හෝ සලකා බැලීම එහිදී සහමුලින්ම ප්‍රතික්ෂේප කර කිබුණි. ඒ වෙනුවට කොන්ත්‍රාත් ගන්නා සමාගම් සතුව පවතින යන්ත්‍ර සූත්‍ර ලංකාවේ දී භාවිත කිරීමටත් ලැබෙන ණය ඒවා මිලදී ගැනීමට යෙදවීමත් සිදු ව තිබේ. මාතර කොළඹ අධිවේග මාර්ගය ගැන සලකා බලුවහොත් එම ව්‍යපෘති යෝජනාවලිය ද ඉහතකී යළි පුබුදමු ශ්‍රී ලංකා වාර්තාවේ 187 පිටුවේ අඩංගු වන්නකි. එහිදී කටුනායක කොළඹ කොට්ටාව අධිවේගය සඳහා ගණන් බලා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 552 කි. ආසියානු මාර්ග ජාල පද්ධතියට සම්බන්ධ මේ සැලසුම් සකස්ව තිබෙන්නේ විදේශවලට අවශ්‍ය වෙළෙඳ වුවමනාවන් ඉෂ්ඨ කර ගැනීමටයි. ඒවා දිගූ කාලීණ යටත් විජිත වුවමනාවන් බව නොකිවමනාය.මෑතකදී ඇමෙරිකානු ඩෝල් සමාගමට කෙසෙල් වැවීම සඳහා සෝමාවතී රක්ෂිතයෙන් සහ තණමල්විලෙන් ඉඩම් ලබා දී තිබෙන අතර එම නිෂ්පාදන නිදහසේ මේ අධිවේග මාර්ග හරහා ප්‍රවාහනයටද සැලසුම් කර තිබේ.වර්තමානය වන විට මේ අධිවේග මාර්ගයන්හි එක් කිලෝමීටරයක් ඉඳි කිරීමට වැයවෙන මුදල් ඇස්තමේන්තු වල වටිනාකම දහදොළොස් ගුණයකින් ඉහළ දමා ගෙන ඇත. විජාතික වුවමනාවන් මත සැලසුම් සකස් වන්නට වන්නට පාදඩ ධනපතියන්ගේ හොද්ද බොර වන බව මෙයින් පැහැදිලිය. මේවා සැලසුම් කරන අය මෙන්ම ඒවාට මුදල් දෙන පිරිසද දන්නා එක් දෙයක් තිබේ. ඒ නම් ආසියාතික රටවලදී මේ මුදල් දේශපාලකයන් හා නිළධාරීන් විසින් ගසාකන බවයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒවා නැවැත්වීමට නොව තම අරමුණු හා ඉලක්ක සඳහා පාලකයන් මෙහෙයවීමයි. එහෙත් සීමාව ඉක්මවා යම් අයෙක් එම වංචාවල යෙදෙත් නම් එම පුද්ගලයා ඉවත් කිරීමට අවශ්‍ය කුමන්ත්‍රණය කිරීමටද ඔවුන් පසුබට වන්නේ නැත.

වර්තමාන දේශපාලන තලයේ ප්‍රධාන පක්ෂ දෙක විජාතික හා ජාතික වශයෙන් වෙන්කර ගෙන තිබුණද මේ කොටස් දෙකේම විජාතික හා ජාතික යන අදහස් දෙකම සම්මිශ්‍රණයව තිබෙන බව කවුරුත් කල්පනා කරන්නේ නැත. ගොවි කම්කරු බලවේග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කලද ඔවුන් බොහෝ දෙනෙකු මත වාදීව සිටින්නේ විජාතික බලවේග සමග බව නොරහසිකි. එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය නියෝජනය කරන පක්ෂයක් ආකාරයටයි. ඉඩම් හිමි ධනපති පන්තිය හෝ කර්මාන්ත අයිති ධනපති පන්තිය අත තිබූ බලය අද ක්‍රමයෙන් වෙනත් පුද්ගලයන්ට මාරු වී තිබේ.ඇතැම් විට ගොවි කම්කරු පන්තිය තුළින් ඉහළට නැග නොයෙක් සටකපටකම් වලින් ධනය රැස්කරගෙන ධනවත් වූවන් බොහොමයක් අද සමාජයේ සිටිති. සූදුව සුරාව මෙන්ම මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදා හරින පාදඩ ධනපති පන්තියක් අද නිර්මාණයව තිබේ. ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නියෝජනය කරමින් සිටිති. වාමාංශික පක්ෂ වල බහුතරයක් පිරිසද මාක්සවාදය ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීමට උත්සාහ කරන මූලධර්මවාදීන් පිරිසකි. මාක්ස්වාදී අදහස් එලෙසම ලංකාවට ගැලපෙන්නේ නැත. මාක්ස්ගේ කියවීම ලංකාව වැනි බෞද්ධ රටකට ආදේශ කිරීමේදී යම් වැරදීම් සිදු වේ. එබැවින් ඔවුන් කල යුතුව තිබුණේ සමාජවාදී සංකල්ප ලංකාවට ගැලපෙන ආකාරයෙන් ආදේශ කරලීමයි. ඒහෙත් එය සිදු නොවීය.එහි ප්‍රතිඵලය වූයේ ඊලාම් මතවාදය සමග එක පෙළට සිට ගන්නට පෙළඹවීමයි.ආචාර්ය වික්‍රමබාහු වැන්නන් එළිපිටම කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්හ. මේ නිසා මාක්ස්වාදී ව්‍යාපාරයද විජාතික බලවේගයක් ලෙසට හිතන්නට අපට සිදුව තිබේ.

වත්මන් දේශපාලන ව්‍යාපාරය තුළ තිබෙන්නේ යම් පෞරුෂයන් ගෙඩනගා ගත් චරිත පමණකි. ඔවුහු පක්ෂ නියෝජනය කළද බලවේග නියෝජනය කරන්නේ නැත. එහෙත් ඇතැම් විට විජාතික බලවේග වල නියෝජිතයන් ලෙසට ක්‍රියාකරන අවස්ථා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාද චන්ද්‍රිකා මැතිණියද එලෙස විජාතික බලවේග වල ඉත්තන් බවට පත්වූ අවස්ථා පසුගිය කාලයේදී දක්නට තිබුණි. 2002 වර්ෂයේ දී රනිල් ගේ රජය විසින් ගෙනා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන නැවත ක්‍රියාත්මක කරලීමට තම රජය මෙහෙයවූ මහින්ද රාජපක්ෂ මහතාද ඒ අතින් විජාතික බලවේග වල නියෝජිතයෙක් ලෙසට ක්‍රියා කර තිබේ. නමුත් කොටි පැරදවීමේදී ඔහු ජාතික මතය පිලිගෙන එය ජයග්‍රහණය කරන්නට කැප වූ බවද අපට අමතක කළ නොහේ. සිංහල දේශපාලකයන් මෙලෙස ක්‍රියාකරන අතරවාරයේ මුස්ලිම් සහ දෙමළ නායකයන් තමන්ගේ ආගමින් හෝ මතවාදයෙන් උගන්වනු ලබන මූලධර්මවාදී අදහස් පෝෂණය කරමින් අරාබියේ හෝ තමිල්නාඩුවේ බලවේගවලට ලංකාව තුළ වැඩෙන්නට ඉඩ හැර ඇත. මුස්ලිම් හා දෙමල ජනයාට තමන් අදහන ආගම තුළ සිටගෙන සිංහල සංස්කෘතියට එක් වන්නට තිබෙන ඉඩ ප්‍රස්ථා ඉන් අහුරති. මේවාට උඩගෙඩි දෙන සිංහල දේශපාලකයන්ද මේ විජාතික බලවේගයන් නියෝජනය කරමින් මූලධර්මවාදය ස්ථාපිත කිරීමට කැමැත්තක් දැක්වූවන් වෙති. එලෙසින් කල්පනා කර බලන කල්හි ලංකාවේ පවතින්නේ විජාතික හා ජාතික බලවේග අතර සටනක් බව පැහැදිලිය.

වත්මන් රජයට අභියෝග කළ හැකි කිසිවෙක් හෝ පක්ෂයක් නොසිටි බව ඒත්තු ගනිමින් සිටියදී හදිසියේම නොසිතූ ආකාරයෙන් විරුද්ධ බලවේගයක් ශක්තිමත් විය. දොස්පරොස් සහිත සන්ධානයට හොඳ හැටි බඩ එළිය යන්නට යස කෂායක් දී ඇති බව පැහැදිළිය.එහෙත් ප්‍රතිවාප සඳහා සහිඳලුණු වෙනුවට ජාපාල ඇට දමා දී තිබෙන බව පෙනෙන්ට තිබේ. එයින් සිදුව ඇත්තේ කුමක්ද පක්ෂ විපක්ෂ සැමට අතීසාරය ඇති වීමයි. එපමණක් නොව එහි සුවඳ ආග්‍රාණය කළ ජාතික ව්‍යාපාරයටද හොඳ හැටි බඩ එළිය ගොස් තිබේ. ජාතික වලවේග යටයමින් විජාතික බලවේගයන්හි අක්මුල් එළියට එන්නට පටන්ගෙන ඇත්තේ එහෙයිනි. එහෙත් මේ වැදගත් කරුණ ලංකාවේ දේශපාලන වේදිකාවේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට එකිනෙකාට මඩ ගසා ගැනීම සිදු වෙති. 1815 වසරේදී අප පරාජයට පත් වී නිදහස අහිමි ව ගියේ මෙලෙස විජාතික බලවේග වල කුමන්ත්‍රණයන් හිස ඔසවා එයට ජාතික බලවේග ගොදුරුකර ගැනීමෙනි. වසර 200 කට පසුව වුවද 2015 දී ඉතිහාසයේ ඒ අඳුරු රේඛා යළිත් මතු වෙන්නට පටන් ගන්නේ යයි සිතන්නට ඉඩතිබේ. ප්‍රධාන අපේක්ෂකයන් අතරින් කවුරුන් දිණුවද ඔවුන් වෙලා ගෙන තිබෙන විජාතික මනස් ප්‍රතිසංස්කරණයකට බඳුන් නොවුවහොත් යළිත් අප රටට නිදහස අහිමිවන්නට තිබෙන ඉඩකඩ බොහෝ වෙතැයි කියන්නට සිදුව තිබේ.

Posted in ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඇහැලේපොළ නාඩගම වෙතින් උගත යුතු පාඩම්

වසර දෙදහස් පන්සීයක කාලයක් සිංහල රාජ්‍ය බලය අරභයා කල සටන ඉතිහාසයේ ලියැවෙන්නේ රාජාවලියේ බල අරගලයක් ලෙසටය. මෙම බල අරගලය ඊට ආවේණික ශිල්ප ක්‍රමයන් ගෙන් සමන්විතය. සිංහල රාජ්‍යය පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් කළ මේ බල අරගලය ඇතැම් විට සතුරු පක්ෂයේ සිට කළ දෙයක් විය. ඇතැම් විට රජවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක් විය. 1815 වසරේදී මේ ප්‍රයත්නයන් සියල්ල අසාර්ථක විය. එයට හේතු ගණනාවක් තිබුණද පරාජයේ සැබෑ හේතු නිර්මාණය වන්නට පටන් ගත්තේ බොහෝ කලකට ඉහතදී බව පැහැදිලි වෙයි. මෙවැනි සටන් විග්‍රහ කිරීමට අවශ්‍ය මිනුම් දඬු කුමක් වුවද එය අප රටට ආවේණික උපායශීලීත්වය පිළිබඳව පැහැදිලි කියවීමක් වෙයි.

සපරගමුව භාරව පැමිණි ඇහැලේ පොළ මහ අදිකාරම ප්‍රබල රදළ පරපුරකින් පැවතඑන එසේම සුවිශේෂී   ඥාති බලයක් ‍ගොඩනගා ගෙන සිටියෙකි. රජ වාසලේ පළමුවන අදකාරම වූ පිළිමතලව්වේ මෙන්ම දෙවන අදිකාරම වූ ඇහැලේපොළද රජුට යටි සිතින් ද්වේශ කලේය.ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගේ රාජ්‍ය පාලනය ලංකාවේ අතිශයින්ම තීරණාත්මක අවදියක් බවට පත් වන්නේ පිළිමතලව්වේ මහ අදිකාරම් විසින් මේ රජු සහ පාලනය තම සියතට ගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටි බැවින්ය.තරුණ කන්නසාමි මේ බැව් මුලින් දැන නොසිටියද පසුව සිය ආධිපත්‍ය තහවුරු කරගැනීම පිණිස රදළවරුන් ගේ බලය අඩු කරලීමට පියවර ගත්තේය.වඩුග පාලනය පිළබඳව නොසතුටෙන් සිටි භික්ෂූන් වහන්සේලා මේ අවදියේදී කළකුමන්ත්‍රණ ගැනද ඉතිහාසයේ සඳහන්ය. සංඝරාජ හිමියන් භික්ෂු සමාජය කෙරෙහි ඇති කරන ලද බලපෑම නිසා ඒ වන විට උපසම්පදා භික්ෂූන් රාශියක් ලංකාවේ තැන තැන ශක්තිමත් වෙමින් සිටියහ. රජු මේ බැව් දුටුවේය. සිය වඩුග නෑ පිරිස් වලට රජ වාසලේ ඉහළතනතුරු ප්‍රධානය කළ ඔහු ඉන්දියාවේදී අහිමි වූ නායක්කර් පාලනය ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටියේය.

ලංකාවේ ගොවිතැන් කරන කන්න දෙක වන යල සහ මහ කන්න වල දී ගොවීන් සිය කාර්යයේ නිරතව සිටින අතර ඒ කාලයේදී සාමාන්‍යයෙන් මහනුවර රාජකාරි සඳහා කැඳවීම පෙර සිරිත නොවීය.ශ්‍රී වික්‍රම මෙම සම්ප්‍රදාය බිඳ දමමින් සත්කෝරල් රදළවරුන් අණවා සාමාන්‍ය ජනතාව නුවරට ගෙන්වා ගත්තේ එකල ටිඟොලේ වෙල නමින් හැදින්වූ මාළිගාව අසල තිබූ වෙල කණවා වැවක් සෑදීම පිණිසයි.මෙම නුවර වැව කැණීම මහා විහාරය අනුමත නොකලේය.එයට හේතුව රජු මල්වතු විහාරය නොහොත් පුෂ්පාරාමය එතනින් ඉවත්කර වෙනත් ස්ථානයකට ගෙන යෑමේ අදහසින් සිටි බව දැන ගත් පසුය. මේ විරෝධතා මධ්‍යයේ වැවේ කටයුතු ආරම්භ වූ අතර දිනක් ගම් වැසියකු කිතුල් ගසකින් වැටී මිය යෑමෙන් තත්ත්වය තවත් බරපතල විය.රාජකාරියට පැමිණි වැසියන් සේවය ප්‍රතික්ෂේප කලේය.එයින් කෝපයට පත් වූ රජු නඩු කැඳවා තීන්දු දෙමින් රදළ වරු සහ වැසියන් ඝාතනයට අවසර දුන්නේය.ඉන්පසු ඔවුන් සැම බෝගම්බර වැව වටේ උල හිඳවූ අතර ඇතැමෙක්ගේ හිස ගසා දැමිණි.

ටිඟුලේ වෙල කණවා කිරි මුහුද කිර්මාණය කිරීමට 1812 දී කන්නසාමි කළ නියෝගය නොතැකූ රදළ වරු ජීවිතක්ෂයට පත් වුවද මල්වත්තේ සහ අස්ගිරියේ මහ නාහිමි වරුන්ට කළ හැකි කිසි දෙයක් නොවීය. සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් සෙන්කඩගල ශ්‍රී වර්ධන පුර නගරය ගොඩනැගීමේ දී පිහිටුවන ලද මල්වත්තේ බෝධීන් වහන්සේ සහ දාගැබ ඉවත්කර කිරි මුහුද විශාලකොට මල්වත්තේ කොටස තණ තලාවක් බවට පත් කිරීමේ වුවමනාවක් රජුට විය. එහිදී නම් මහා විහාරයට මුණවත රැකීමට නොහැකි විය.රජුගේ යෝජනාව පරාජයට පත් කර මල්වතු අංගනය බේරා ගැනීමට හැකි වූයේ මහනායක් හිමිවරුන් සූක්ෂමව කටයුතු කළ බැවිනි.මේ විරෝධයට මුල් වූ පුෂ්පාරාම විහාරයේ පරණාතල රතනපාල අනුනායක හිමියන් යම්කිසි වරදකට අස කරගැනීමට රජු සිතුවේ ඉදිරියේ දී උන්වහන්සේගෙන් පැහැදිලිවම විරෝධතා ව්‍යාපාරයක් එල්ලවන බව දත් බැවිනි. රාජාධිරාජසිංහ රජුගේ රාජගුරු වූ මොරතොට ධම්මක්ඛන්ධ මහනාහිමියන් ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ පරණාතල හිමි මොරතොට හිමියන් සෙවනේ භික්ෂු ශීලය වැඩූවෙන් ධර්මස්කන්ධය ගැන පමණක් නොව ගුප්ත විද්‍යාවන් කෙරෙහිද හසල දැනුමක් ඇති සුපේශල ශික්ෂාකාමී හිමි නමක් විය. පරණාතල අනුනාහිමියන් රාජ උදහසට ලක් වූයේ මෙලෙසයි.

රජු මල්වත්තේ මැද පන්සලට තරුණියක් පිටත්කර හරින ලද්දේය. ඒ සමගම රජුට හිතැති බමුණෙකුද පරණාතල හිමි අභිමුවට පිටත් කල බව පැවසේ. මල්වත්තේ විහාරයට පැමිණි බමුණා පරණාතල හිමියන්ගෙන් පැන් බඳුනක් ඉල්වා සිටියේය. පරණාතල හිමියන් පැන් ගෙන එන්නට පහළ ළිඳට ගිය අතරතුර පරණාතල හිමියන්ගේ කුටියෙන් මෑත්ව යන තරුණිය බමුණාට දකින්ට ලැබුණි. පරණාතල හිමියන්ගෙන් පැන් පවස නිවා ගත් බමුණා රජුට මේ කාරණය දැන්වීය. පසුදා උදෑසන කටුබුල්ලේ නිලමේලා කීප දෙනෙකු පන්සලට පැමිණියහ. පරණාතල හිමිට විරුද්ධව මහ නඩුව කැඳවා ඇති ව දැන ගත් භික්ෂූන් වහන්සේලා වහාම උන්වහන්සේ වටකරගත්හ. තත්කාලය බැලූ පරණාතල හිමි සිය ගෝල නම වන දුනුමාලේ ශීලවංශ හිමි කැඳවා මෙය තමාගේ අවසාන ගමන විය හැකි වන බව පෙනෙන්නට තිබෙන හෙයින් කාරණා කාරණා බලාගෙන ඉවසිල්ලෙන් සිටිය යුතු බව පවසා ඇත. මහ නඩුවේදී බමුණාගේ සාක්ෂි ද විමසා පරණාතල හිමි විනය කඩ කරන ලදැයි රජු කළ නිගමනයට අනුව හිස ගසා මරා දැමීමට අණ කෙරිණි. මෙහිදී මෙම තීරණයට විරුද්ධව ප්‍රකාශයක් කළ මල්වත්තේ මහ නාහිමියන් විනය නීතිරීති කඩ කරල ලද අවස්ථාවක් නම් ඒ බැව් විනිශ්චය කළ යුත්තේ සංඝසභාව වුවද මරා දැමීමට අණ කිරීම බෞද්ධවිනය නීති වලට එකඟ නොවන්නේ යැයි පවසා සිටියේය. නමුත් උන්වහන්සේ ගේ උපදෙස් පිළි නොගත් රජු පරණාතල හිමියන් වධකයන්ට භාර දිය යුතු බවට නියෝග කලේය.

මල්වත්තේ මහ නාහිමියන් වචනයකදු ඉන්පසු කතා කලේ නැත. උන්වහන්සේ ගේ හිස පහතට නැමුණි. බොඳ වුණු ඇස් දෙකින් කඳුළු කැටයක් රූරා ගිය බව දුටුවේ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙකු පමණකි. පරණාතල හිමියන් ඉතා වේගවත්ව සිය කටහඩ අවදිකලේ මේ අවස්ථාවේ දීය. නැත මහරජානෙනි ඔබට ගිහියන් පිළිබඳව නඩු විසඳන්නට හැකිය. මම භික්ෂුත්වයට පත් බුද්ධ පුත්‍රයෙක්මි. මගේ නඩුව නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය. මතු බුදු වන නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය. කන්නසාමි මොහාතක් කල්පනා කලේය. පසුගිය වර්ෂ කීපය තුළ තමා අතින් ආගමික මෙහෙයක් සිදු නොවූ බව ඔහු මෙනෙහි කරන්නට ඇත.ඔහු ඉදිරියේ සිටි බලවේග වලට නායකත්වය දෙන ලද්දේ පිළිමතලව්වේ සහ පරණාතල හිමියන්ය.මේ වන විට පිළිමතලව්වේ ඝාතනය කර අවසන් කොට තිබුණි. පරණාතල හිමියන්ද ඝාතනය කිරීමටගත් තීරණය වෙනස් නොකිරීමට රජු තීරණය කලේය. වධක ස්ථානයට ගෙනයන අතර මග නාථ දේවාලය කරාද පරණාතල හිමියන් ගෙන යා යුතු බවට ඔහු නියෝග කලේය.

නාථ දේවාල භූමියඉදිරියට සැපත් වූ පරණාතල හිමියන් එහි දිග්ගෙය පියමන් කර එළිපත්ත ඉදිරියට පැමිණ අත්දෙක ඔසවා මෙසේ හඬ නැගීය. දෙයියේ සාක්කි දෙයියෝ සාක්කි නාථ දෙවියනි දශරාජ ධර්මයෙන් යුතුව සතර අගතියෙන් තොරව සතර සංග්‍රහ දානය කරමින් සෑම තැනකදීම නරපතියෙකු සිහිපත් කල යුතු වන්නේ සත්‍ය යයි. චිරාත් කාලයක් තිස්සේ පැරණි රජ වරුන් ඒ සත්‍යය අනුගමනය කෙළෙහිය. ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වූ වීරෝධාර රණ විරුවන් මෙන්ම මවුබිමේ ජාති පුත්‍රයන් ඝාතනය කරද්දී මේ සම්ප්‍රදාය වැනසුණු බව ඔබ නුදුටුවෙහිද. බීමතින් වැටුණු රජෙකුගේ වියරුව ඔබ නුදුටුවෙහිද. එහෙව් යුගයක බුද්ධ ශාසනය පන්දහසක් කල් පවතින්නේ යයි ඔබ වහන්සේ සිතන්නෙහිද. මේ ප්‍රකාශයෙන් පසු පරණාතල අනු නාහිමියන් සිය සිවුරු කඩ නාථ දේවලයේ එළිපත්ත අභිමුව එලා පූජා කොට අවසන් වරට දළදා මන්දිරය දෙස බලා කුමාර හපුව වධක ස්ථානය බලා පිය මැන්නේය. ඒ සේ නික්මෙන්නට කලියෙන් කිවු මේ වස් කවිය නිසාවෙන් රටට ශපයක් වූ ඒකාධිපතියෙකු ගේ සමුගැන්ම සිදු විණැයි පවසති.

සමත මතඟා කුල මතඟා – තුරිත තුරඟා සිත දජ      තුඟා

දරිත දරඟා කුල සිරි රඟා – මහිම හිමඟා මහ වාළුක ගඟා

ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහාසනප්‍රාප්ත වූයේ 1798 දීය. ඒ වන විට රජ වාසල අරක්ගෙන සිටි නායක්කර් වඩුගයන් ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය අත්පත් කර ගෙන උන්හ.ආනයන අපනයන වෙළෙඳාම සහමුලින්ම වඩුගයන් කීප දෙනෙකු අතර විය. රදළවරුන්ට අල්ලස් දීමෙන්ද වැදගත් ඨානාන්තර පිරිනැමීමෙන්ද තම අණසකට ගැනීම නිසා සිංහල නිලමේලා බලවත් වුවද කළ හැකි කිසි දෙයක් නොවීය. ආන්ද්‍ර බස රජ වාසලේ ප්‍රධාන බස බවට පත් විය. සිංහල නිළමේලා වුවද සිය මුද්‍රාව තැබූවේ ආන්ද්‍ර අක්ෂර වලිනි.පිළමතලව්වේ අදිකාරම විසින් කන්නසාමි සිංහාසනයේ තැබෙව්වේ මේ තර්ජනයන්ට මුහුණ දීම පිණිසය. තමන්ට ගැති රූකඩ රජෙකු මගින් සිය අභිප්‍රායන් ඉටු කර ගැනීම එහි බලාපොරොත්තුව විය. ඒ සඳහා ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ලබා ගැනීමට ඔහු ක්‍රියාකලේ 1800 දී පමණය. පිලිමතලව්වේ ගේ අනුග්‍රය ගැන සැලකිලිමත් වූ ඉංග්‍රීසීහු කලින් සකසන ලද ගිවිසුමක් ද අතැතිව කනකමය මංජුසාවක් සහ අශ්ව රථයක් ඇතුළු පඬුරු රැගෙන 1800 මාර්තු 2 දා කොළඹන් පිටත් විය. ගිවසුම මෙසේය. රජු ගේ ආරක්ෂාව පිණිස කොළඹ ආණුඩුකාරයාගේ මෙහෙයවීමෙන් හත්සීයක පමණ ඉංග්‍රීසි හමුදාවක් උඩරට නැවැත්වීම. මේ පිරිසගේ වියදම සිංහලගේ රජු විසින් දැරිය යුතුවීම.අවශ්‍යතාව මත ඉදිරියේ දී එම සෙබළු ප්‍රමාණය වැඩිකිරීම ආදි වශයෙන් විය. වගන්ති නවයකින් සමන්විත මේ ගිවිසුමට රජු එකඟ නොවීය. මේ ගිවිසුම රැගෙන උඩරටට පැමිණි සෙන්පතියා වූයේ මැක්ඩොවල්ය. මේ ගිවිසුම අසාර්ථක වූවායින් පසු 1803 දී නෝර්ත් අණුඩුකාරයාගේ ඇණවීමෙන් මැක්ඩොවල් උඩරට ආක්‍රමණය කලේය. සෙන්කඩගලට පැමිණි විට ශ්‍රී වික්‍රම හෝ කිසිවෙක් එහි නොවූයෙන් මුත්තු සාමි එහි රජ කොට ගිවිසුම පරිදි ආරක්ෂාව සැපයීමට ඉංග්‍රීසි ආණ්ඩුව එකඟවිය. ඒ සමගම කොළඹ සිට ත්‍රිකුණාමලය තෙක් මාවතක් ඉඳිකරනු වස් බිම් තීරුවක් දීමටද සත් කෝරළයේ පලනය ඉංග්‍රීසීන් වෙත පවරා දීමද කළ යුතු විය. නමුත් පිලිමතලව්වේගේ හමුදාව නුවරට පැමිණි ඉංග්‍රීසින් පළවා හැරියෙන් ගිවිසුම ඵල රහිත විය.

මුත්තුසාමි සමග පසුබසිමින් සිටි මැක්ඩොවල් සෙනවි මේ අතරවාරයේ පිලිමතලව්වේ සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය. රජු නෙරපා හැර පිළමතලව්වේට රට භාරවන පරිදි මේ ගිවිසුම සකස් විය. මීගස්තැන්නේ අදිකාරමත් මුත්තුසාමිත් මැක්ඩොවල් සෙනවියාත් මේ ගිවිසුමට අත්සන් කළ බව පැවසේ. මේ තුන් හවුල් ගිවිසුම අනුව කලින් මුත්තුසාමි සමග වූ එකඟතා අළුත්කර ගන්නටත් මුත්තුසාමි වෙනුවෙන් උතුම් වූ කුමාරයා යන නමින් සිංහලේරටවල් පාලනය පිලිමතලව්වේට ලබාදීමටත් ඉංග්‍රීසීන් ගෙන් පතාග 30000 ක් ලබා යාපනයේ සිට රජ කිරීමටත් එකඟතාවය විය. මෙම ගිවිසුමෙන් පසු හමුදා භට පිරිසක් මහනුවර නවත්වා මැක්ඩොවල් කොළඹ බලා පිටත් විය. එහෙත් සැඟවී සිට ශ්‍රී වික්‍රම රජුගේ දසදහසකට වැඩිතර සෙනග ඉංග්‍රීසීන් වටලා ඔවුන් සමූලඝාතනය කොට මහනුවර යළි අල්වාගෙන පිළමතලව්වේ සහ මුත්තුසාමි ඇතුළු රාජ ද්‍රොහීනට දඬුවම් ලබා දුන්නේය.

ඇහැලේපොළ මහ අදිකාරම සපරගමුවට යැවෙන්නේ ඔහුට විරුද්ධව රජුට ගතු කියූ පිලමතලව්වේ ගේ මෙහෙයවීමෙනි.මේ අතරවාරයේ අදිකාම් නිලයට තෙවැන්නෙකුද පත් විය. ඒ මොල්ලිගොඩයි.රජුගේ අරමුණ වූයේ රදළයන් ගේ බලය ක්‍රමයෙන් අඩු කරලීම බව පෙනේ.කෙසේ වුවත් සපරගමුවට වන් මහ නිලමේ එහි වැව් අමුණු සදවා වෙල් අස්වද්දවා රජයට ලැබෙන ආදායම තර කලෙන් රාජ ප්‍රසාදයද ජනතා ප්‍රසාදයද දිනා ගත්තේය. මෙයට ඉරිසියා කළ මහනුවර නිලමේලා ඇහැලේපොළට විරුද්ධවරජුට ගතු කීහ. රජු විසින් පිළමතලව්වේ මැරවූයේ 1811 වර්ෂයේ මාර්තු 26 වනදාය. ඉන්පසු මහ අදිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළය. නමුත් පෙර කී කුමන්ත්‍රණ මධ්‍යයේ සපරගමුව කරමින් සිටි ඇහැලේපොළ බිඳ වීමට මොල්ලිගොඩ විසින් එවන ලද ලිපියක් හේතු වී යැයි පැවසේ. රජු ඇහැලේපොළ කැඳවූයේ වෙනත් කරුණකටය. එහෙත් වෙනත් ලිපයක් මගින් ඔහුට දැනුම් දී තිබුණේ රජු උදහස් වී ඇති බවත් නුවර නොපැමිණිය යුතු බවත්ය. එම නිසා රජු කෝප විය. ඇහැලේපොළ ඉංග්‍රීසීන් වෙතට පැණ යන්නේ යැයි රජුට කේලාම් බස් පැවසින. මේ වන විටද ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා සමග ඇහැලේපොළ සම්බන්ධකම් පවත්වමින් සිටියේය. කල හැකි දෙයක් නොවූ කළ කළුගඟදිගේ අඟුලක් මගින් පහළට ආ ඇහැලේපොළ පාණදුරයට පැමිණ ඉංග්‍රීසි හමුදාවේ සහායෙන් කොළඹ කොටුවට සැපත් වී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සම්මුඛ විය. කන්නසාමි පැන්නවීමට ඉංග්‍රීසින් සමග ඇති කර ගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එතැන් සිටයි.

වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම සිංහල සම්ප්‍රදාය ඉක්මවා දශරාජ ධර්මය කඩකොට රට පාලනය කළ තැනැත්තෙකි. සියවස් ගණනාවක් තිස්සේ රාජඅභිෂේකයේදී ලක් රජවරු නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ දැහැමි පාලකයෙක් වන බවට සපථ කරමින්ය. නමුත් උද්දච්ච පුද්ගලයෙකු වූ ශ්‍රී වික්‍රම රාජ සිංහ නාථ දේවල භූමියෙන් නාථ දේවාලය ඉවත් කිරීමට පවා සැලසුම් කලේය. ඒ යුගයේදී නාථ දෙවියන් වෙනුවට පිටියේ දෙවියන් බලවත්ව සිටියේ යයි සැලකෙන්නේඒ නිසාය. කෙසේ වෙතත් එක දිගට රදළවරු සමග ඇති වූ විරසකයන් නිසා 1815 වර්ෂයට ආසන්න කාල වකවානුවේදී ඝාතන රැසක් සිදු විය. අවසාන වශයෙන් ඇහැලේ පෙළ නිළමේ ගේ භාර්යාව කුමාරිහාමි සහ දරුවන් විනාශ කිරීමට අණදී ඒය මහත් අභිරුචියෙන් බලා සිටි ආකාරය ඉතිහාසයේ සඳහන්ය. මෙයට හේතුව නම් ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා උඩරට රාජධානිය සියතට ගැනීම පිණිස කළ මෙහෙයුමයි. මෙහිදී රදළවරුන්ට හා රජුට උසස් වර්ගයේ මධ්‍යසාර ගෙන්වා පිළිගන්වා සිහිවිකල් තත්ත්වයට පත් කළ ආකාරය සඳහන්ය.මහාචාර්ය තෙන්නකෝන් වමලානන්ද මහතා ජෝන් ඩොයිලි ගැන සඳහන් කරන්නේ මෙසේය.

ඩොයිලි අවික්ෂප්තව සන්සුන්ව හා ජයග්‍රහණය පිළිබඳව අධිෂ්ඨානයෙන් යුතුව තම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන වේදිකාවක් නිර්මාණය කළේය. මේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන නළුවෝ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රොබට් බ්‍රවුන්රිග් ඇහැලේපොල මහ නිළමේ මොල්ලිගොඩ මහ නිළමේ ජේම්ස් සදර්ලන්ඩ් එඩ්වඩ් ගිෆර්ඩ් කොබ්බෑකඩුව මල්වත්තේ මහානායක හිමියන් අස්ගිරි විහාරයේ යටවත්තේ මහානායක හිමියන් දුනුවිල දිසාවේ කපුලියද්දේ දෙවෙනි අදිකාරම් තම්බි මුදියන්සේ මැලේ මුහන්දිරම් ඉලංගකෝන් මුදලි සේරම් මුදලි හා තල්ගම උන්නාන්සේ වූහ. මේ හැම දෙන ඩොයිලි ගැසූ තාලයට නැටූහ. මේ සියලු දෙනාගේ නිසැක භක්තිය හා විශ්වාසය දිනාගත් අතරම ඔවුන්ගේ ප්‍රකාශනයන්හි සත්‍යාසත්‍ය භාවය වගවිභාගකරන ක්‍රමයද ඩොයිලි සතු විය.

ඩොයිල් අවසාන වශයෙන් තම අභමතාර්ථ සාධනයෙහි යොදා ගත් ඇහැලේපොළ මහ නිලමේ දක්ෂ ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන් අවංකව රජුට සේවය කළ තැනැත්තෙකි. එහෙත් අවසාන කාලයේදී රදළවරුන්ගේ උසිගැන්වීම් මත රජු ඔහු හා විරසක වුණි. ඉන්පසු ඔහුට ඕනෑ වූයේ රජු පාවා දී ඉංග්‍රීසින් ගේ සහායෙන් සිහසුන් ගැනීමයි. මෙහි මුල් අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද ඉංග්‍රීසින් සිය අභිලාෂය මත සිංහල ජාතික බලවේගය යටපත් කර ගත්තේය. සිංහල බෞද්ධයන්ට ඉතිරිවූයේ උඩරට ගිවිසුමේ පස්වන වග වගන්තිය පමණකි. එයද 1817 දී ඇරඹි ජාති විමුක්ති අරගලයෙන් පසු සංශෝධනය විය. අනතුරුව සියවසක් ඉක්ම ගිය පසු ලංකාවට නිදහස ලබා දීමෙන් පසු ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ 29 වන වගන්තිය මගින් සිංහල බෞද්ධයන් තිබූ අයිතිය සහමුලින්ම අහෝසි කරන ලද්දේය. මේ නිසා දේශපාලන උපායශීලිත්වය පිළබඳව අප සිතා බැලිය යුත්තේ ඉතා මැදිහත් සිතිනැයි කල්පනා කළ හැකිය. යම් කිසි විදියකින් වැරදීමක් වුවහොත් පුද්ගලයන්ගේ ජීවිත පමණක් නොව ජාතියේම නිදහස ද නැතිවන බව පෙනේ. අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන නැවත නැවත අත්හදා බැලීම් කරන්නේ නම් සිංහල ජාතියේ මතුඉරණම කෙසේ පවතීදැයි සැකයක් මතුවේ.

Posted in ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

එරාවුර් හන්දියේ සිංහල අව නඩුව

සෙනෙවිරුවන්


1956 වර්ෂයේ දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් සමගම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජියන් බෙහෙවින් කුපිත වූහ.ඔවුන් ගේ උසිගැන්වීම් මත එවකට වාහන වලට හඳුන්වාදී තිබූ ශ්‍රී අකුරට තාර ගෑම ඇරඹුණි.මෙයට හේතු වූයේ 1945 සිට ජී.ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය මගින් දියත් කළ ජාතිවාදී දේශපාලනයයි. ඔවුහු සමතුලිත නියෝජනයක් ඉල්වමින් සෝල්බරි කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළහ. පණහට පණහක් සේ සිංහල හා දෙමළ ජනතාවට නියෝජනයක් අවශ්‍ය වන බව ඉන් පැවසෙයි. සොල්බරි කොමිසම මෙය පිළි නොගත් අතර ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් කැඩී ගිය පිරිසක් විසින් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි නොහොත් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවා ගත්හ. මෙම පක්ෂය ස්ථාපනය කිරීමේදී අනුමත කෙරුණු මූලික යෝජනාවේ මෙසේ සඳහන් වෙයි.

ද්‍රවිඩයන්ට නීතියෙන්ම නිදහස හා ආත්ම ගෞරවය සහතික කිරීමේ හා සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳා ලීමේ එකම ක්‍රියාමාර්ගය වන්නේ රටේ ද්‍රවිඩ ජාතිය සඳහා ස්වයං පාලනය හා ස්වයං නිර්ණය කිරීම සහතික කරනු වස් ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඉඩකඩ සලසා දීමයි.’

ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලෙස වන මෙම සංකල්පය එතැන් පටන් දිනෙන් දින වර්ධනය විය.1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ඔවුන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. චෙල්වනායගම් ගේ කණ්ඩායම තමන්ගේ අභිලාෂය පතා ඇති කළ කෝලාහලය මහා ව්‍යසනයක ආරම්භයක් විය. මෙහිදී සිංහල ව්‍යාපාරිකයන් ගේ වෙළෙඳ ස්ථාන කඩා පුළුස්සා විනාශ කිරීම සිදු වූ අතර ජන ඝාතනද සිදු විණි. මේ තත්ත්වය රජයට පාලනය කර ගැනීම ඉතා අසීරු විය.ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ ද තත්ත්වය එයින් වෙනස් නොවීය. සෙන්ගල්වාඩිය නොහොත් සෙන්කලාඩිවල කඩයක් දමා ගෙන සිටි මනිමෙල් සිල්වා නොහාත් උපාසක මහතා මේ අරගලයේදී ඝාතනය වූ සිංහලයෙකි. හැඩිදැඩි පුද්ගලයෙකු වූ ඔහු ප්‍රදේශයේ සියළු යුක්තිගරුක පුද්ගලයන්හට නිර්භීතව නයාකත්වය සැපයූ වෙකු විය. මේ තත්ත්වය තුළ කාලයක් තිස්සේ වෙළහෙළදාමේ යෙදී සිටි සිංහල ව්‍යපාරිකයන් තම ජීවිත ආරක්ෂාව පතා ගම් රටවල් බලා පැමිණියහ.

ගාල්ලේ දොඩන්දූවේ උදේරිස් සිල්වා පුලියන්දූවට පැමිණියේ 1895 වර්ෂයේ දීය. ඔහු එහි සිල්ලර කඩයක් ආරම්භ කරනලද්දේ 1895 ජූනි මස පළමුවනදාය. රෙදි පිළි සීනි පුවක් උම්බලකඩ ජාඩි තුනපහ කඩදාසි ඇතුළු බොහෝ ද්‍රව්‍යයන් වෙල හෙළඳාම් කරමින් ගම සමගද සම්බන්ධකම් පැවැත්වීය. ගාල්ලේ දොඩන්දූව එකල ප්‍රසිද්ධ නාවික වරායකි. එහි සිට ඉන්දියාව බලා යාත්‍රා කල යාත්‍රා ද්‍රෝණි නම් නෞකා මගින් ඉන්දියාවේ සිට ජාඩි කැලිකට් රට උළු මාලදිවයිනේ සිට කරවල මෙන්ම බොන්දි අළුවා ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය රාශියක් ආනයනය කළහ.එසේම නැගෙනහිර පළාතෙන් දැව ලබා ගෙන දකුණට නැව් මගින් ප්‍රවාහනය කරන ලද අතර ඒ දැව භාවිතා කොට ගොඩනැගිලි තැනූ ඔවුහු නැව් තැනීම සඳහාද ජාඩි පීප්ප නිෂ්පාදනය ද කළහ.ලන්දේසීන් ගේ කාලයේදී දිවයින වටා නිදහස් වෙළෙඳාම පැවති අතර මුස්ලිම් වෙළෙඳුන්ට දමා තිබූ තහංචි හේතුවෙන් සිංහලයන් හට තම පැරණි නාවික බලය යළි ගොඩනගා ගත හැකි විය.1702 වර්ෂයේ දාතම සහිතව ලිපියක් දැනට දොඩන්දූ නාවිකයන්ගේ වත්මන් පරපුරේ සාමාජිකයෙකු වූ ගාමිණි පටුවතවිතාන මහතා ළඟ තිබේ.සේරුවාවිල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ දඹගස්ආරේ මේධංකර මහා යතිවරයාණන්වහන්සේද 1922 වර්ෂයේ දී ත්‍රිකුණාමල වරාය දක්වා ගමන් කලේ දොඩන්දූ නැව් මගිනි. ඒ යන අතර මග මඩකලපුවේ නැවතී එහි මංගලාරාමයද ස්ථාපිත කළ බව කියති. පානම පත්තුව අක්කරායි පත්තුව කරවාකු පත්තුව සමන්තුරේ පත්තුව මානමුනේ පත්තුව බින්තැන්න පත්තුව එරුවිල් පත්තුව එරාවුර් පත්තුව සහ වෑගම් පත්තුව යනුවෙන් පත්තු නවයකට බෙදා තිබුණු පැරණි මඩකලපු දිස්ත්‍රික්කය තුළ සිංහල වෙළෙද ප්‍රජාවට නායකත්ව ගැනීමට හැකි වූයේ ප්‍රබල නාවික බලයකට හිමිකම් කියමින් දකුණු පළාත සමග සෘජු සම්බන්ධතා පවත්වමින් එසේම ඉතා ශක්තිමත් බැඳිමකින් කටයුතු කළ බැවිනි.

දොඩන්දූවේ සිට හම්බන්තොට වරායට ගමන්කරන දොඩන්දූවේ නැව් එහිදී ලුණු පටවා ගෙන නැගෙනහිර වෙරළට සේන්දු වෙති. එහිදී අක්කරපත්තුව කල්මුනේ කාරතිවු හරහා ත්‍රිතුණාමලයට වෙළෙඳ බඩු සපයන ඔවුහු අනතුරුව ලංකාවේ උතුරේ පේදුරුතුඩුව දක්වාම යාත්‍රා කොට අලෙවි කටයුතු කළ බව පැරණියන් පවසති. නැවතත් දකුණු දිග මුහුදු තීරය දිගේ මන්නාරම දක්වා ගොස් එහි මල්වාඩියේ පදිංචිව වෙලෙ හෙළදාමෙන් දියුණු ව සිටියහ.දොඩන්දූවේ මේ වෙළඳ පරපුරු වල මහා බල කුණු කීපයක් එකල සිටියහ. ඒ අතරින් පළමු කී උදේරිස් සිල්වා ඔහුගේ පුත්‍රයා වන එලියස් අප්පු සහ මුණුපුරා වූ අමරදාසද විය. අමරදාස මහතා අවසන් වරට කඩයක් වත්වා ගෙන ගොස් තිබුණේ කාරතිවු වලයි. 1956 වර්ෂයේ දී ඇති වූ කලකෝලාහලයේ දී මේ කඩය පුලුස්සා දමන ලදී .එසේම සිංහලයන් පිරිස ලොරියක පටවා ගෙන ඝාතනය කිරීමට ගෙන යද්දී එයින් පැනගත් තිදෙනා අතර අමරදාසද වෙයි. එහිදී පොලිසියට කරන ලද පැමිණිල්ලෙන් ඵලක් නොවුණු අතර මඩකලපුවේ පොලිස් ස්ථානාධිපති ඔහුට ලිපියකින් දන්වා එවා ඇත්තේ මෙම අපරාධයට සැකකරුවෙකු නොමැති බවයි. මේ අවනඩුව ගැන එකල අරාක්ෂක අගමැති වරයාටද දැනුම් දෙන ලද්දේ නමුත් ප්‍රතිඵලයක් අත් නොවුණි. පසුව කෝලාහලය සන්සුන්වූ පසු නැවත ආපසු ගොස් කලවංචිකුඩිහි ව්‍යාපාර ආරම්භ කර පවත්වා ගෙන ගොස් ඇත. අවසාන වශයෙන් ඔවුන්ට තම ව්‍යාපාරික ස්ථාන අතහැර යන්නට සිදු වූවේ 83 වර්ෂයේ ඇති වූ කලබල වලින් පසුවයි.

ඩබ්.චාර්ලිස් සිල්වා ගාල්ලේ තල්පේ පදිංචි කරුවෙකි. ඔහු ද නාවික යාත්‍රා මගින් මඩකලපුවට සේන්දු වූවෙකි. ඒ නමසිය තිහේ දශකයේ දීය. එරාඌර් නොහොත් එරාවුර් හන්දියේ සින්න මුදලාලිගෙන් කඩයක් බදු ගත් චාර්ලිස් ද පෙර අය පරිද්දෙන්ම වෙළෙදාමෙන් දියුණු විය. මඩකලපුවට දුම්රිය මාර්ගය වැටෙන්නට පළමුව නාවික යාත්‍රා මගින් වෙළෙඳ බඩු ප්‍රවාහනය කර ගත්තද පසුව ගාල්ලේ වෙලින්ටන් බස් සමාගමේ ප්‍රවාහන රථ මගින් ඒ පහසුව සැලසීය. මේ නිසා වෙළ හෙළදාම සීඝ්‍රයෙන් දියුණු විය.     ඒ අවදියේදී සෙන්කල් අඩියේ ලුණු කඩේ ඊනා අහමදු ලෙබ්බේ කොට්ටමුනේ කානා සින්නතම්බි තැඹිලිවිල කුමාරපෙරුමාල් සින්නතම්බි වැනි මහම්මත් වෙළෙඳුන් ද ව්‍යාපාර වල නියැලී සිටියද ඔවුන් ඉතා සුහදව සිංහල වානිජයන් සමග කටයුතු කරන ලද්දේය. එසේම හේරා ඔරුවේ(එරාඌර්) පොක්කර උරුම කණ්ඩ වැනි දෙමල ව්‍යපාරිකයන්ද මේ සුහදත්වය ආරක්ෂා කෙට ගත්තේ සංස්කෘතික වශයෙන් සමාන කම් දැක්වූ බැවිනි. මේ තත්ත්වය 1956 වර්ෂයෙන් පසුව වෙනස් වූයේ යටකී ලෙස එස්.ජේ.වී.චෙල්වනායගම් විසින් ගෙන ගිය ජාතිවාදී ඇවිස්සීම් වලින් දෙමළ ජනතාව කුපිත වූ බැවිනි. මේ නිසා සිංහල දෙමළ ප්‍රජාව අතර සෙමින් විරසකයක් ගොඩ නැගුණි. මෙහි සඳහන් කළ චාර්ලිස් සිල්වා මහතා ගේ සහෝදරයා ගේ පුත්‍රයා වූ අල්විස් වල්ගම එරාවුර් හන්දියට පැමිණුනේ 1948 වසරේදීය. ඔහු සිය බාප්පා කර ගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරමින් කෝපාවෙල සහ එරාවුර් වල කඩ දෙකක්ම පවත්වාගෙන ගියේය. ඒකාලයේ සිටි හෝටලය නමින් ජනප්‍රිය සිංහල භෝජන ශාලාවක්ද තිබූ බව පැවසෙයි. ඒ ආකාරයට සිංහල කඩ දහයකට අධික සංඛ්‍යවක් නවසිය පණහ දශකය වන විට එරාවුර් හන්දියේ ශක්තිමත්ව තිබුණි. 1956 දී මනිමෙල් සිල්වාට වෙඩි තබා ඝාතනය කළ පසු සුපුරුදු පරිදි නැවතත් මේ වෙළෙන්දෝ සිය ව්‍යපාර ආරම්භ කළද අසූව දශකය වන විට චෙල්වනායගම් ගේ දෙවන පරපුරෙන් බිහිවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය විය. නැගෙනහිර පළාත තුළ කරුණා අම්මාන් ගේ ප්‍රධානත්වයෙන් මේ කොටි බල මුළු ගැන්විණ.

1985 වසරේ දී කොටි ත්‍රස්වාදීන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස කළ මනුෂ්‍යඝාතනය මුළු ලංකාවම සසල කරවන්නක් විය. එයට සමගාමීව එරාවුර් සහ මඩකලපු ප්‍රදේශ වලද ත්‍රස්ත ක්‍රියා වර්ධනය විය. චාර්ලිස් සිල්වා ගේ බෑනා වූ අල්විස් වල්ගම මහතාගේ කෝපාවෙල කඩය එහිදී ගිනිබත් කෙරුණු අතර එහි තිබූ ඔප්පු තිරප්පු සහ වෙනත් වටිනා ලියකියවිල රැසක් අතුරුදහන් වූ බව පැවසෙයි.මේ අවදියේ දී අල්විස් වල්ගම මහතා එරාවුර් සිංහල වෙළෙඳ සංගමයේ ප්‍රධානියා විය. වෙළෙඳ පළ කඩ අතරින් පණස් දෙදෙනෙකු සිංහලයන් විය. නමුත් 1987 දී මේ නැගෙනහිර සිංහලයන්ගේ කලදසාව නරක අතට හැරුණි. කරුණා අම්මාන් ගේ මූලිකත්වයෙන් මෙහි සැඟවී සිටි ත්‍රස්තයන් වරින් වර ප්‍රහාර එල්ලකළහ. හිටිහැටියේ දිනක් සිංහලයන් සියළු දෙන එරාවුර් පොලිස් ස්ථානයට කැඳවන ලදහ. ඊට හේතුව පොලසියට පහරදීමේ තැතක් අනාවරණය වීම නිසාය. සමහරු සිය කඩ සාප්පු වසා නොදමාම පොලීසියට ගිය බව පැවසෙයි. කොසේ වෙතත් 1987 ඔක්තෝබර් මස 6 වන දින වන විට සිංහලයන් 1200 පමණ පිරිසක් පොලිසියට රොක් වී සිටියහ.නමුත් කොටි ත්‍රස්තයන් කලේ සියළු වෙලෙඳ ව්‍යාපාර ගිනිබත් කිරීමයි. අනතුරුව එරාවුර් සිංහල විදුහලේ රාත්‍රිය ගතකළ මේ වෙළෙන්දන්ට අනාථයන් ලෙසට ගම් රටවලට පැමිණීමට සිදු විය.මේ වන විට නව වෙළෙඳ පලේ කඩ හැත්තෑ දෙකෙන් පණස් දෙකක් තුළම සිංහලයන් ගේ වෙළෙඳ ව්‍යාපාර විය. එම නව වෙළෙඳ පල තනා වෙලෙඳ මහතුන් තොරා ගන්නා විට එය නිසි පරිදි වූයේ දැයි පාර්ලිමේනතුවේ දී ප්‍රශ්ණ කරනු ලැබිණි. එවකට විපක්ෂයේ සිටි පාරලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් ජයකොඩි මහතා එම ප්‍රශ්ණය නගන ලද්දේ මෙසේය.

1/ එරාවුර් සුළු නගර සභාවට අයත්ව තිබී දැනට කඩ දමා ඇති ගොඩ නැගිල්ලේ වෙළෙඳ ව්‍යාපාර කරන අයගේ නම් සහ ලිපිනයන් එතුමා ඉදිරිපත් කරනවාද

2/ එම අයගෙන් කොපමණ සංඛ්‍යාවකට අලුතින් .තනන ලද වෙළෙඳ සැලේ කඩ කාමර ලබා දී තිබේද

3/ කඩ කාමර ලබා නොදී ඇති අයගේ නම් සහ ලිපිනයන් එතුමා සඳහන් කරනවාද

4/ එම අයට කඩ කාමර ලබා දීමට එතුමා කටයුතු කරනවාද

5/ නොඑසේනම් ඒ මන්ද‍

මේ ප්‍රශ්ණය යොමු කරන ලද්දේ අගමැති පළාත්පාලන නිවාස ඉදිකිරීම් ඇමති සහ මහජන පරිපාලන අමාත්‍ය වර යන තුන්පළගෙනි. එදා අද වගේ නොව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විමසූ කල්හි නිවරදි පිලිතුරු ලැබුණි. පළාත් පාලන ඇමති වින්සන්ට් පෙරේරා මහාතා මේ ප්‍රශ්ණයන්ට දුන් පිළිතුරු අතර සිංහල වෙළෙඳ මහතුන් ගේ නම් පණස් දෙකක් සහ මුස්ලිම් වෙලෙඳ මහතුන් ගේ නම් දහනවයක් සහ එක් දෙමල ව්‍යාපාරකයෙකු ගේ නමක් සටහන්ව තිබුණි . මෙම වාර්තාව 1987 මැයි අට වන දින හැන්සාඩ් වාර්තාවේ පළව තිබේ.

කෙසේ වෙතත් 1987 ඔක්තෝබර මාසයෙන් පසුව මේ සිංහලයන්ට උන්හිටි තැන් නැති විය. ඊට එක් හේතුවක් වූවේ 1987 ජූලි මාසයේ අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමයි. එහිදී දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම් ලෙසින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පිළිගනු ලැබ අතර කිසිවෙකුත් නැවත සිංහලයන්ට පදිංචි වීමට ඉඩ ප්‍රස්ථා ඇති නොකළහ. නමුත් 2005 දී කොටි පරාජය කිරීමෙන් පසුව නැවත ආපිට ගිය සිංහලයන් මේ ස්ථානයන් නැවත අත්පත් කරගෙන පදිංචි වීමට උත්සාහ කළහ . එසේම පුනරුත්ථාපන අධිකාරියෙන් වන්දි ලබා ගෙන සිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් ද විය. එහෙත් එවක වන විට එහි බලවත් ව සිටි මුස්ලිම් භක්තික ප්‍රාදේශීය සභාපතිවරයා ගෙන් ඊට ඉඩ නොලැබුණි. අල්විස් වල්ගම මහතා සහ අනෙක් පිරිස එහි ගොස් නව වෙළෙඳ පළ කඩ කාමර අස්පස් කරමින් සිටින විට ඔවුන් එරෙහි තහනමක් පැනවූ සභාපති වරයා ඔවුන්ට විරුද්ධව නඩුද පැවරුවේය. ඒ ප්‍රාදේශීය සභාවේ දේපළ වලට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි කරන ලද බව දක්වමිනි. දැන් මේ නඩුව කාලයක් තිස්සේ මඩකලපු උසාවියේ දී දෙමල භාෂාවෙන් විභාග වන අතර රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ ඊට මැදිහත් වී සමථයකට පත් කර නොමැත. 1881 වර්ෂයේ දී මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 5012 කි. එය 1891 වන විට 6403 දක්වා වර්ධනය ව තිබුණි. 1946 ජන සංගණනයේ දී හෙළිදරව් වූයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය එකොලොස් දහස ඉක්මවා තිබූ බවයි.ඒ දෙමල ජනගහනය ලක්ෂයක් ඉක්මවා යන අවස්ථාවකය. එහෙත් ඒ දෙමල ජනගහනයෙන් අඩක් පමණ වැදි ජනතාව විය.ජාතිවාදී කලබල නිසා මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 1981 වන විට 2289 කට පහත වැටී තිබුණි.

කලක් මහා සමුදුරු බලයක්ද ව්‍යාපාරික බලයක්ද හිමිව සිටි නිර්භීත අධිෂ්ඨානශීලී මිනිසුන් පිරිසගේ ඉරණම අද මෙලෙස තීන්දු වී තිබේ. තම මුතුන් මිත්තන් විසින් වසර හාරසියයක පමණ තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන පැමිණි නිදහස අද ඔවුනට අහිමිව ඇත. කොටි ත්‍රස්තවාදය පරදාවා ජාතිය බේරා ගැනීම පිණිස දිවි කැප කළ අභීත රණවිරුවන් ගේ අභිප්‍රායට වඩා චෙල්වනායගම් පරපුරේ ඊලාම් අභලාසයද නව මුහුණුවරකින් කළ එළිදකින ඉස්ලාම් මූලධර්මවාදී අභිලාෂයද නැගෙනහිර පළාතේ ජයග්‍රහණය කර තිබේ. එයටහොඳම නිදර්ශනය පෙන්වන්නේ අල්විස් වල්ගම මහතා ඉගෙනුම ලැබූ බණ්ඩාරමුල්ල විදුහල අද මුස්ලිම් සිසුන්ගේ අරාබි විශ්වවිද්‍යාලයක් බවට පත් වීමයි. මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහා හසන් අලි යන මහත්වරුන් අද නැගෙනහිරට වෙනමම මුස්ලිම් පරිපාලන කොටසක් ඉල්වන්නේ මෙම ලිපියේ සඳහන් ජනවාර්ගික පවිත්‍රකරණය සිදු කර අවසන් වූ පසුවයි. එහෙත් ඔවුන් සඟවන එක් කාරණයක් නම් 1990 වසර වන විට සිංහලයන් මෙන්ම ඔවුන්ද කොටි ත්‍රස්තයන්ගෙන් බැටකා අනාථව සිටි බවයි.

Posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, සිංහල | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව හා චෞද්රිගේ නසරිස්‌තානය:

චතුර පමුණුව චෞද්රි රහමන් අලි මුස්‌ලිම්වරුන් වෙනුවෙන් පකිස්‌තානය නිර්මාණය කළ යුතුයෑයි මුලින්ම ප්‍රකාශ කළ පුද්ගලයාය. පකිස්‌තානය යන නම නිර්මාණය කළේත් මොහුය. එමෙන්ම ඉන්දියාව පුරාම මුස්‌ලිම් රාජ්‍ය ඇතිකළ යුතුය යන මතයේ දැඩිව සිටි පුද්ගලයකු වන මොහු ශ්‍රී ලංකාවේද මුස්‌ලිම් රාජ්‍ය දෙකක්‌ බිහිකළ යුතුයෑයි ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශයේ සෆරිස්‌තානය නම් වෙනම මුස්‌ලිම් රාජ්‍යයක්‌ද නැගෙනහිර ප්‍රදේශයේ නසරිස්‌තානය නමින් වෙනම රාජ්‍යයක්‌ද ඇතිකළ යුතු බව චෞද්රි ප්‍රකාශ කළේය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ චෞද්රි බෙංගාලයේ මුස්‌ලිම්වරුන් වෙනුවෙන් බංගිස්‌තාන නම් වෙනම රටක්‌ද රාජස්‌තානයේ මුයිනිස්‌ථාන් නමින් තවත් මුස්‌ලිම් රාජ්‍යයක්‌ද කේරළයේ මැප්ලිස්‌තාන් නම් තවත් රාජ්‍යයක්‌ද ඇතිකළ යුතු බව ප්‍රකාශ කළේය. මොහු මේ අදහස ප්‍රකාශ කළේ 1933 දී පකිස්‌තානයේ ප්‍රකාශනය මගිනි. එය  Now Or Never Are We to Live or Perish Forever?, නමින් ද මෙම ප්‍රකාශය නිකුත් විය. චෞද්රි රහමන් අලි පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ තොරතුරු සටහන්ව ඇති අතර ඔහු දකුණු ආසියානු කලාපය පුරා ඇති කිරීමට යෝජනා කළ මුස්‌ලිම් රාජ්‍යවල සිතියමද එහි දක්‌වා ඇත. හින්දුන් සමඟ සහයෝගීව ක්‍රියා කිරීමට චෞද්රි තුළ කිසිම අදහසක්‌ නොතිබුණු අතර මොහොමඩ් අලි ජින්නා පවා මොහුගේ අදහස්‌ පිළිගැනීමට මුලින් එකඟ වී නැත. ඇත්තෙන්ම අපට හදිසියේ මේ මුස්‌ලිම් ජාතිකවාදියා ගැන සොයන්නට සිත්වුණේ මන්ද? ඒ අන් කිසිවක්‌ නිසා නොව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතේ වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කළ යුතු බවට කරන යෝජනාව නිසාය. කොංග්‍රසයට අවශ්‍ය කුමක්‌ද? චෞද්රි 1933 දී ප්‍රකාශයට පත්කළ නසරිස්‌තානය නමැති සිහින රාජ්‍යයට මූලික පදනම සකස්‌ කර ගැනීමය. ඇත්තෙන්ම මෙයට ඉඩදිය යුතුද? කිසිසේත්ම නැහැ. එසේ ඉඩදුනහොත් බේරුවල ද වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කළ යුතුයෑයි යෝජනා කරනු ඇත. කල්මුණේ වෙරළාසන්න බල ප්‍රදේශයේ වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ප්‍රකාශයට පත්කළ යුතු යෑයි යෝජනාවක්‌ ඉකුත් ඔක්‌තෝබර් 23 වැනිදා කල්මුණේ මහනගර සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුස්‌ලිම් කොංග්‍රසය මගිනි. කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් ප්‍රකාශ කරන්නේ අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට යන මුස්‌ලිම් ජනතාවට භාෂාව සම්බන්ධ ගැටලු ඇතිවන නිසා වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ඇතිකිරීම වඩාත් යෝග්‍ය බවය. ඇත්තෙන්ම භාෂාවට වඩා ඇත්තේ වෙනත් අරමුණකි. මේ දිස්‌ත්‍රික්‌කයේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමටද මුස්‌ලිම් කොංග්‍රසය ක්‍රියාකරනු ඇත. එහෙනම් කල්මුණේ දිස්‌ත්‍රික්‌ යෝජනාවට දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධව අදහස්‌ දක්‌වා ඇති අතර නගර සභාවේදී මෙයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ. ඇත්තෙන්ම අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට යන දෙමළ ජාතිකයන්ට භාෂා ගැටලු ඇතිවන්නේ නැද්ද. අනිවාර්යයෙන්ම ගැටලු ඇතිවේ. එසේනම් ඔවුන් මේ යෝජනාවට පක්‍ෂව ඡන්දය දිය යුතුව තිබිණි. නමුත් මේ මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කය තුළ හින්දුන්ට කතෝලිකයන්ට “අබසරණ” වන නිසා දෙමළ ජාතික සන්ධානය මෙයට විරුද්ධ විය. උතුර නැගෙනහිර එක්‌කළ යුතුයෑයි කියන දෙමළ සන්ධානය අම්පාර දිස්‌ත්‍රික්‌කයද දෙකට කැඩීමට එකඟ වන්නේ නැත. වාර්ගික ආගමික පදනමින් දිස්‌ත්‍රික්‌ක ඇතිකිරීමට ගියහොත් එය රටම අවුලකට ඇද දමන තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ නිර්මාණය කිරීමේදී වාර්ගික හෝ ආගමික පදනම ගැන කිසිම ලෙසකින් සලකා බලා නැත. කල්මුණේ දිස්‌ත්‍රික්‌කය සඳහා වූ යෝජනාව මුස්‌ලිම් කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනයේදීත් සම්මත කරගෙන ඇති අතර මෙය හදිසියේම කරලියට ගෙනආවේ ඉදිරි ජනපතිවරණයේදී තමන්ගේ සහාය හිමිවන්නේ මේ දිස්‌ත්‍රික්‌කය ලබාදෙන පුද්ගලයාට යන්න ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම දැන්වීමටය. මේ යෝජනාව දැන් ඔවුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත. කවරක්‌ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාට සහාය දැක්‌වීමට ඉදිරිපත් වීම බොහෝ දුරට සැක සහිතය. ඌව පළාත් සභා ඡන්දයේදීද හොඳින් පෙන්නුම් කෙරුණේ මුස්‌ලිම් ඡන්ද එජාපයට ඇදී ගොස්‌ ඇති බවකි. මේ යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදීද කතාබහක්‌ ඇතිවුණු අතර එහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා මේ යෝජනාව දැඩිව විවේචනය කළේය. එක්‌සත් ජාතික පක්‍ෂය මේ යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීම අගය කළ යුත්තකි. 2003 ජනවාරි 29 වැනිදා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී විශේෂ ප්‍රකාශනයක්‌ එළිදැක්‌විණි. එය ඕලුවිල් ප්‍රකාශය ලෙස ප්‍රකටය. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයද ක්‍රියාත්මකව තිබුණු බැවින් මේ ප්‍රකාශය රජයට මෙන්ම කොටි සංවිධානයටද යොමුකර තිබිණි. මෙහි සඳහන් වූ වැදගත්ම පණිවුඩය කුමක්‌ද? නැගෙනහිර පළාත මුස්‌ලිම්වරුන්ගේ පාරම්පරික නිජභූමිය බවය. එනිසා වෙනම කලාපයක්‌ අවශ්‍ය බව එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු දැවැන්ත පෙළපාලියක්‌ද පැවැත්වූ අතර එයට සහභාගිවූවන් අවධාරණය කළේ වෙනම කලාපයක්‌ මෙන්ම තමන්ගේ පාලනයකටත් අවශ්‍ය ඉඩකඩ ලබාදිය යුතු බවයි. මෙම ප්‍රකාශය 1976 මැයි මාසයේ දී සම්මත කළ වඩුක්‌කෝඩේ ප්‍රකාශය හා සමාන යෑයිද ප්‍රකාශ විණි. කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව ද කෙළින්ම සමාන වන්නේ ඕලුවිල් ප්‍රකාශයට බව අමුතුවෙන් කිව යුතු නැත. මුස්‌ලිම් කොංග්‍රසයට අවශ්‍ය කල්මුණේ ඉස්‌ලාමික රාජ්‍යයක්‌ ඇතිකරන්නද? මේ ඉල්ලීමට රජය එකඟ වුවහොත් මීගමුව, ජාඇල ප්‍රදේශවල කතෝලිකයන් සඳහාද වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ වෙන්කර දීමට ද රජයට සිදු වනු ඇත. ඕලුවිල් ප්‍රකාශය අප පැහැදිලිව ප්‍රතික්‍ෂේප කරන්නේ මේ රට සෑම ජාතිකයෙකුගේම නිජභූමිය වන බැවිනි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළේ මහජාතිය විසිනි. නමුත් කිසිම සුළු ජන ප්‍රජාවට අඩු සැලකිලි දක්‌වා නැත. ඒ බෞද්ධ සම්ප්‍රදාය නිසාය. ඕලුවිල් ප්‍රකාශය පිළිගන්නේ නම් කොළඹ වෙසෙන මුස්‌ලිම්වරුන්ටද ප්‍රශ්න ඇතිවේ. මන්ද ඔවුන් නැගෙනහිරට අයත් නොවන නිසාය. දෙමළ නිජභූමියද මුස්‌ලිම් නිජභූමියද ප්‍රතික්‍ෂේප කළ යුතුය. මුස්‌ලිම් කොංග්‍රසය ඡන්ද කඩාගැනීමේ අරමුණින් මේ කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව ගෙනවිත් ඇති බව පැහැදිළිය. නැගෙනහිර පළාතේ හිස ඔසවන වහාබ් අන්තවාදයටද මේ වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කිරීම ආශිර්වාදයක්‌ වන්නේය. එනිසාම මේ දිස්‌ත්‍රික්‌ යෝජනාව කුණු කූඩයට දැමිය යුතුය. හැකිනම් චෞද්රි රහමන් අලිගේ නසරිස්‌තානය නැගෙනහිරින් බිහිවනු ඇත.

Posted in අල්ලා, ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, මුහම්මද්, සිංහල | Tagged , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

වැල්ලවත්තේ දෙමළ ජනතාවට නොමැති යාපනයේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නය

දිවයින

අන්ධ වීනා වාදකයෙකුට තෑගි ලැබුණු යාපන, පසු කලෙක වෙඩි හඬින් ගිගුම් දෙන ප්‍රදේශයක්‌ වූයේ ඇයි? යාපනයේ ජනතාව වසර 30 ක සන්නද්ධ ත්‍රස්‌තවාදයෙන්ද, ඊට පෙර දේශපාලන උප්පරවැට්‌ටි මගින් ඊළමක්‌ ලබා ගැනීමට ද තැත් කළේය. යාපනයේ තත්ත්වය එසේ වූවත් බස්‌නාහිර පළාතේ තිබූ දෙමළ ජන ඝනත්වයෙන් බරවූ වැල්ලවත්තේ එවැනි තත්ත්වයක්‌ උදා නොවුණේ ඇයි.

මෙම රචනය වෙන්වන්නේ මෙම ප්‍රශ්නාවලිය ගැන කතා කිරීමටය.

ඓතිහාසිකව බලන විට යාපනයේ පැවතියේ සිංහල රජුගේ අණසකට යටත්වූ පාලනයකි. පෘතුගීසින් පැමිණෙන කාලය වනවිට යාපනයේ පාලනයට සංකිලි හිමිකම් කියුවද ඔහු ප්‍රාදේශීය පාලකයෙකු ලෙස කෝට්‌ටේ කිරීටය යටතේ සිටි අයෙකු විය.

පෘතුගීසින් යාපනයට පැමිණීමට වඩා කැමැත්තක්‌ දැක්‌වූයේ මන්නාරම ප්‍රදේශයට යාමටය. මන්නාරමේ සරුසාර මුතු වෙළ¹මට ඔවුන් රුචිකත්වයක්‌ දැක්‌වීම ඊට හේතුවය. මෙම කටයුත්ත සඳහා දකුණු ඉන්දියානු වෙරළබඩ තැන්නෙන් පර්වර් කුලයට අයත් දෙමළ පිරිස්‌ පෘතුගීසින් විසින් සිංහලයට රැගෙන එනු ලැබුවේය. එසේ පැමිණි පිරිස පෘතුගීසින් විසින් තමන්ගේ ආගමට හරවනු ලැබීය. තමන් ඇදහූ හින්දු ආගම අතහැර කතෝලික ආගමට හැරුණු පිරිස පිළිබඳ විරෝධයකින් සිටි සංකිලි 1544 දී සේනාවක්‌ සමඟ මන්නාරමට පැමිණ, එම පිරිස මරා දැමීමට කටයුතු කළේය.

මේ සිද්ධිය පෘතුගීසි හා සංකිලි අතර මිත්‍ර නොවන තත්ත්වයක්‌ ඇති කළේය. සංකිලිගෙන් පසු ඔහුගේ පුතෙකු වූ ප්‍රවිරා- පණ්‌ඩාරම් යාපනයේ පාලකයා විය. සංකිලි යාපනයේ පාලකයා වුවද ඔහු සෘජු ලෙස ආර්ය චක්‍රවර්ති පරපුරේ අයෙකු නොවීය. ඔහුගේ බලය හේතුවෙන් යාපනේ සිටි ආර්ය චක්‍රවර්ති පිරිස්‌ ඔහුට අවනතව සිටියද ඔහුගේ පුතා තම පාලකයා ලෙස භාර ගැනීමට ඔවුන් කැමැති වූයේ නැත. මෙම තත්ත්වය සමඟ කාසි නයිනර් 1565 දීද පෙරියපිල්ලේ 1570 දීද යාපනයේ බලවතුන් බවට පත්විය. මෙම දෙදෙනාම පෘතුගීසින්ගේ රූකඩ වූහ. සංකිලිගේ පාලන කාලය තුළ යාපනයේ සිටි දෙමළ ජනතාව හින්දු වූ අතර ඔවුන් කතෝලිකාගමට හැරවීමට සංකිලි ඉඩ නුදුන්නේය. නමුත් නව පාලක පැලැන්තියේ පෘතුගීසි ගැති වීම හේතුවෙන් යාපනයේ දෙමළ පිරිස පහසුවෙන් කතෝලික බවට හරවා ගැනීමට පෘතුගීසින් සමත් වූහ.

ජි.ජි පොන්නම්බලම් එස්‌. ඡේ.වී. ෙච්ල්වනායගම් හා එම්.තිරුෙච්ල්වම්


පොන්නම්බලම් රමනාදන්

තමන්ට හිමි නොවී තිබුණු අර්ය චක්‍රවර්ති උරුමය ඇතිකර ගැනීම සඳහා සංකිලි පුත් ප්‍රවිරා- පණ්‌ඩාරම් ආර්ය චක්‍රවර්ති වරුන් සමඟ නෑ සබදකම් ඇතිකර ගත්තේය. යාපනය ප්‍රදේශයේ පැවැති බල අරගලය අතරින් ප්‍රවිරා- හට ඉදිරියට ඒමට මෙයින් තල්ලුවක්‌ ලැබුණි. තම පියා අනුව යමින් පෘතුගීසි හා කතෝලික විරෝධයක්‌ අනුගමනය කළ ප්‍රවිරා- පෘතුගීසින් සමඟ සටන් කරන ස්‌ථාවරයක සිටියේය. තමන් සමඟ සටනට බට ප්‍රවිරා- හා එම කණ්‌ඩායම ඝාතනය කළ පෘතුගීසින් බල අරගලයේ සිටි පෙරියපිල්ලේ ගේ පුත් එදිරිමාන්න ආර්යසිංහ යාපනයේ පාලකයා බවට පත් කරලීය. එයින් පසු යාපනයේ ඇතිවන්නේ පෘතුගීසින්ගේ රූකඩ පාලනයකි. මරණයට පත් ප්‍රවිරා-ගේ ඥති පරපුර පෘතුගීසින් භාරයට පත්වූ අතර ඉන් පසු ඔවුන්ද පෘතුගීසි ගැත්තන් බවට පත්විය. සංකිලිගේ පරපුර ඔහුගේ ප්‍රතිපත්ති උරුමය අත්හරිමින් තමන්ගේ ආගම බවට කතෝලිකාගම පත්කර ගත්තේය. මේ නිසා පෘතුගීසින් වෙතින් ඔවුන්ට යාපනයේ පරිපාලන බලය උදෙසා වන තනතුරු ලැබුණි. ප්‍රවිරා-සිංහ පවුලේ කතෝලිකකරණය යාපනයේ ප්‍රභූ පැලැන්තිය වෙතින් හින්දු ආගම ගිලිහී යැමේ සංකේතය විය. ඉන් පසු ඔවුන් ලන්දේසින්, ඉංග්‍රීසින් යටතේ ද වරප්‍රසාදිත පිරිසක්‌ බවට පත් වූ අතර යාපනය ප්‍රදේශයේ කතෝලික දේවස්‌ථානවල භාරකාර ධුරයද ඔවුන්ට පැවැරුණි.

මෙම තත්ත්වය හේතුවෙන් පෘතුගීසින්ට එරෙහිව කටයුතු කිරීමට II සංකිලි කටයුතු කළේය. 1617 දී එදිරිමාන්න ආර්යසිංහගේ මරණයෙන් පසු ඔහුගේ බෑනා කෙනෙකු වූ II සංකිලි යාපනයේ බලවන්තයා විය. ඔහු පෘතුගීසි හිතෛෂි ආර්ය චක්‍රවර්ති වරුන් මරාදමා යාපනයේ රූකඩ පාලනයට තිත තැබීමට සැලසුම් කළද, 1619 අගෝස්‌තු මාසයේදී II සංකිලි හා ඔහුගේ බෑනාවරු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ගෝවට ගෙන යැමට පෘතුගීසිහු සමත් වූහ. මේ නිසා පෘතුගීසින්ගේ සම්පූර්ණ ග්‍රහණයට යාපනයත් එහි සිටි දෙමළ පිරිසත් නතුවූහ.

යාපනයේ දෙමළ පාලකයන් සිටියා වූවත් ඔවුන් කිසිවිටකත් ස්‌වාධීන දෙමළ රාජ්‍යයක සිටි පාරම්පරික දෙමළ ජනතාවගේ පාලකයන් පිරිසක්‌ නොවීය. පෘතුගීසි ආක්‍රමණය හමුවේ කෝට්‌ටේ කිරීටය මුහුණදුන් තත්ත්වය හේතුවෙන් යාපනය හා අගනුවර අතර සබඳතාවයන්හි යම් දුරස්‌වීමක්‌ සිදුවුවද යාපනය ඒ වන විටත් පැවැතියේ සිංහල කිරීටයට යටත්වය. ආර්ය චක්‍රවර්තින් විසින් වාණිජ කටයුතු සඳහා කාසි නිකුත් කළද ඔවුන් තමන්ගේ නාමය කිසිවිටකවත් එහි සඳහන් නොකළේය. සිංහල කිරීටය යටතේ සිටි ඔවුනට එවැනි ක්‍රියාමාර්ගයකට අවසර නැතිවීම ඊට හේතුවය. මෙම කාලය ඇතුළත හමුවන කිසිම ශිලා ලේඛනයක යාපනේ පැවැති ස්‌වාධීන රාජ්‍යයක්‌ හෝ දෙමළ රාජ්‍යයක්‌ ගැනද සඳහන් නොවීමෙන්ම යාපනය පෘතුගීසි අතට පත්වන තෙක්‌ම එවැන්නක්‌ නොවූ බවට සාධකය.

යාපනයට පසුකාලීනව පැමිණි ලන්දේසින් දුම්කොළ වැවීම සඳහා කොරමැන්ඩල් වෙරළ තීරයෙන් මලබාර්වරුන් කම්කරුවන් ලෙස සිංහලයට රැගෙන ආවේය. මෙම පිරිස පැමිණෙන විට යාපනේ ජන සංයුතිය සකස්‌ වී තිබුණේ සිංහලයන්, ආර්ය චක්‍රවර්තිවරු හා කුලීකරුවන් හා කුලී හේවායින් ලෙස එම ප්‍රදේශයට පැමිණ සිටි දෙමළ, කේරළ හා වඩුග පිරිසගෙනි. ආර්ය චක්‍රවර්තිවරු දෙමළ නොවූ අතර පසු කාලයකදී යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්ය චක්‍රවර්තිවරු දෙමළ සංස්‌කෘතියට බද්ධ වී දෙමළ බවටත් මාතලේ ප්‍රදේශයට පැමිණි ආර්ය චක්‍රවර්තිවරු සිංහල බවටත් පත්විය. අදටත් මාතලේ ප්‍රදේශයේ මෙම පරපුරෙන් පැවැතෙන සිංහල පිරිස්‌ ජීවත් වෙති.

යාපනයේ දෙමළ ජනතාව සඳහා පසුබිමක්‌ සකස්‌ කරන්නේ ලන්දේසින් විසිනි. දුම්කොළ වැවීම සඳහා ලන්දේසින් විසින් රැගෙන ආ පිරිස්‌ යළි මව්රට වෙත යාම අධෛර්යමත් කිරීම සඳහා ලන්දේසින් තේසවලාමේ නීතිය ස්‌ථාපිත කළේය. මෙම නීතිය යටතේ මලබාර් වාසින්ට තමන්ගේ මව් රටේදී ලැබුණු වරප්‍රසාද හා යාපනයේ ඉඩම් අයිතිය ලැබුණි. බටහිර ඉන්දීය වෙරළ තීරයේ ටිරැවන්කෝර් ප්‍රදේශයෙන් පැමිණි මලබාර්වරුන් හා ලන්දේසි සමයේදීම ශ්‍රමිකයන් ලෙස උතුරුකරයට ගෙන්වන ලද කොරමැන්ඩල් වාසීන් යාපනයේ ස්‌ථිර පදිංචිකරුවන් වීම සඳහා පසුබිම සැකසුනේ මෙලෙසය.

මෙම පදිංචිකරුවන් තමන්ගේ පරිපාලනමය ආයුධයක්‌ බවට පත්කර ගන්නට ඉංග්‍රීසින් සමත්වූහ. යාපනයේ දී වරප්‍රසාදලාභි වූ මෙම පිරිස සිංහලයන්ට එරෙහිව යොදා ගැනීමට ඉංග්‍රීසින්ට හැකි විය. 1833 දී කෝල්බෲක්‌ ප්‍රතිසංස්‌කරණ යටතේ පළමු ව්‍යවස්‌ථාදායක සභාව පිහිටුවිය. තමන්ගේ පාලනයට එරෙහිව සිංහලයන් විසින් දියත්කළ අරගල වලින් හෙම්බත් වූ ඉංග්‍රීසින් මෙහිදී සිංහලයන්ට අසාධාරණ ලෙස ව්‍යවස්‌ථාදායකයේ නියෝජනය වෙන්කර තිබුණි. එහි නියෝජිතයෝ සිංහල දෙමළ අනුපාතය 1:1 ක්‌ විය. රටේ නියම ජනතාව වූ සංස්‌කෘතිය, ශිෂ්ටාචාරය ගොඩනගා තිබූ බහුතරය වූ සිංහලයන්ට සමාන තත්ත්වයක්‌ම, එතෙරින් පැමිණ බලෙන් පදිංචිකරුවන් වූ සුළුතරය ට බලෙන් සාම්‍යයක්‌ ඇති කරන තැනට ඉංග්‍රීසින් කටයුතු යෙදවීය. මෙය පසුකාලීනව දෙමළ වර්ගවාදීන් විසින් සාමාන්‍ය කරණයට ලක්‌කරමින් සිය වර්ගවාදී ඉල්ලීම් සඳහා පදනමක්‌ බවට පත්කර ගත්තේය. ජී. ජී. පොන්නම්බලම් විසින් පසුකාලීනව 50(50 ඉල්ලීම ඉදිරිපත් කරන්නේ මෙම පදනම මතය.

1833 ව්‍යවස්‌ථාදායකයට දෙමළ නියෝජිතයා ලෙස හෝර්ටන් ආණ්‌ඩුකාරයා විසින් පත් කරන ලද්දේ, අරුමුගම් පිල්ලේ කුමාරස්‌වාමිය. 1805 දී ඉංග්‍රීසින් විසින් වාසල මුදලිකමට පත්කරන ලද කුමාරස්‌වාමි, 1815 දී උඩරට ආක්‍රමණය සඳහා ඉංග්‍රීසීන්ට සහයෝගය ලබා දුන් අයෙක්‌ විය. කුමාරස්‌වාමි 1830 දී මිය ගියවිට ඉංග්‍රීසින් විසින් උග්‍ර දෙමළ වර්ගවාදියෙකු වූ සයිමන් කාසිචෙට්‌ටි එම තනතුරට පත්කළේය. 1845 දී මෙම තනතුරට කුමාරස්‌වාමි පවුලෙන්ම ඉදිරිමානසිංහම් පත් කළේය. ඉන් පසුව මුතු කුමාරස්‌වාමි ද ඉන්පසුව මුතු කුමාරස්‌වාමිගේ බෑණා වූ පොන්නම්බලම් රාමනාදන් එම තනතුරට ඡන්දයෙන් පත්විය. 1885 දී ව්‍යවස්‌ථාදායක සභාවට මුස්‌ලිම් නියෝජිතයෙකු පත්කිරීමේදී රාමනාදන් එයට එරෙහි වෙමින් මුස්‌ලිම්වරුන් ජනවර්ගයක්‌ ලෙස දෙමළ බවත් දෙමළ ජනයා ආගම අනුව හින්දු, ක්‍රිස්‌තියානි හා මුස්‌ලිම් ලෙස බෙදී ඇති බවත් පැහැදිළි කළේය. දෙමළ ගොඩ වැඩිකර ගැනීම සඳහා දෙමළ වර්ගවාදීන් මුස්‌ලිම්වරුන් භාවිත කරන්නට ද පටන් ගත්තේය.

1917 දී ලංකා ජාතික කොංග්‍රසය පිහිටුවන ලදී. එහි පළමු සභාපති වූයේ රාමනාදන්ගේ මල්ලී වූ පොන්නම්බලම් අරුණාචලම්ය. යාපනය සංගමයද මෙම ජාතික කොංග්‍රසයට ඇතුළු වූ අතර එහි නායකයන් දෙදෙනෙකු වූ ඡේම්ස්‌ පීරිස්‌ හා ඊ. ඡේ. සමරවික්‍රම විසින්, කොංග්‍රසයේ ප්‍රතිපත්තින්ට අනුකූලව යාපන සංගමයේ ඉල්ලීම් සඳහා ඉඩදිය හැකි බවට වන පොරොන්දුවක්‌ ඔවුන්ට දී තිබුණි. 1918 වනවිට කොංග්‍රසය තීරණය කර තිබුණේ භූමිය මත පදනම්ව මන්ත්‍රීවරු තෝරා ගැනීම සඳහාය. මෙයට එරෙහි වෙමින් ජනවර්ග පදනම මත පදනම් වී මන්ත්‍රීවරු තෝරාගත යුතු යෑයි යන ස්‌ථාවරයේ, යාපන සංගමය සිටියේය. ෙ-ම්ස්‌ පීරිස්‌ හා ඊ. ෙ-. සමරවික්‍රම තමන්ට පොරොන්දු වූයේ ජනවර්ග මත නියෝජිතයන් තෝරන ක්‍රමවේදයකට බව පවසමින් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ උගත් දෙමළ ජනයා සඳහා වෙනම මන්ත්‍රීවරයෙක්‌ යාපන සංගමය විසින් ඉල්ලා සිටියේය. මෙයට සිංහල නායකයන් විරුද්ධවීම හේතුවෙන් පොන්නම්බලම් අරුණාචලම් ලංකා ජාතික කොංග්‍රසයෙන් ඉල්ලා අස්‌වී තමිල් මහජන සබෙයි හෙවත් දෙමළ මහජන සභාව පිහිටුවනු ලැබීය. දෙමළ වර්ගවාදය සඳහා පිහිටුවන ලද මෙම සංවිධානය වර්ගවාදය, ජාතිවාදය උදෙසා ලංකාව තුළ පිහිටවූ පළමු සංවිධානය විය.

1921 අගෝස්‌තු 15 වැනිදින පිහිටුවූ මෙම වර්ගවාදී සංවිධානය විසින් සියවස්‌ 25 ක සිට දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ වාසය කළ බවත්, යාපනය ශ්‍රී ලංකාවේ අගනුවර වූ බවත්, දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩනැංවූ ප්‍රමුඛ දියුණු ජාතිය බව” ප්‍රකාශ කළේය. මෙම මිත්‍යාවන් හරහා දෙමළ වර්ගවාදය සඳහා න්‍යායන් ගොඩ නැංවෙමින් තිබුණි.

ලන්දේසින් විසින් රැගෙනවිත් වෙනම අනන්‍යතාවයක්‌ සහිත වන ලෙස නෛතික බලතල ලබාදුන් පිරිස, ඉංග්‍රීසි පාලන යටතේ දී සිංහලයන්ට එරෙහිව කටයුතු කරමින් තමන්ට හිමි නැති තත්ත්වයක්‌ ආරෝපණය කර ගැනීමට කටයුතු යොදමින් සිටියේය.

1931 ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා වන මැතිවරණයක්‌ පැවැත්විය. යාපන අර්ධද්වීපයේ මැතිවරණය වර්ජනය කිරීම සඳහා දෙමළ නායකයන් කටයුතු කළේය. කොළඹ තරුණ කොංග්‍රසය සමඟ සම්බන්ධතා තිබූ යාපන තරුණ කොංග්‍රසය විසින් මැතිවරණය වර්ජනය කරන ලද්දේ, එමගින් පූර්ණ නිදහසක්‌ හිමි නොවන බව කියා පාමිනි. ඉතා සුළු පිරිසකගෙන් යුක්‌ත වූ එම ව්‍යාපාරය, කෙටි කාලයකට පමණක්‌ සීමා විය. ඒ හැරුණු කල අනෙකුත් දෙමළ නායකයින් විසින් මැතිවරණය වර්ජනය කරන ලද්දේ, ජනවර්ග අනුව මන්ත්‍රීවරු නොතේරීමෙන් ව්‍යවස්‌ථාදායකයේ සිංහල බහුතරයක්‌ ඇතිවීමේ “අවදානම” සලකාලීමෙනි.

මෙම සටනේදී තමන්ගේ අරමුණ සඳහා වන සූත්‍රයක්‌ දෙමළ ජාතිවාදයට ලබා දෙන්නට සී. සුන්දරලිංගම්ට හැකි විය. ඒ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළුන්ගේ සම්ප්‍රදායික නිජභූමිය යන මිත්‍යාවය. මෙම මිත්‍යාවත් සමඟ යාපනයේ මූලික කරගත් දෙමළ පිරිස්‌ ඒ වෙත නාභිගත කිරීමට දෙමළ වර්ගවාදී නායකයෝ සමත් වූහ.

1949 වනවිට මේ සඳහා වන දේශපාලන පක්‍ෂයක්‌ ඇති කර ගැනීමට දෙමළ නායකයන්ට හැකිවිය. ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය විය.

එස්‌. ඡේ. වී. චෙල්වනායගම්ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද මෙම පක්‍ෂය ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ සඳහා වන යෝජනා ගොනු කළේය. 1976 වනවිට සමස්‌ත ලංකා දෙමළ කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය සමඟ ඉලංකෙයි තමිල් අරසු කච්චි යන පක්‍ෂ එක තැනකට විත් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ නිර්මාණය කරගත්තේය.

එල්.ටී.ටී.ඊ.ය බිහිවන පසුබිම තෙක්‌ දෙමළ වර්ගවාදය ගමන් කළේ මේ ආකාරයෙනි. දෙමළ වර්ගවාදය සඳහා පදනම වැටුණු පිරිස වන ලන්දේසින් විසින් ගෙනා මලබාර් හා කොරමැන්ඩල් ජනයා යාපනයේ පදිංචිවීමත් දෙමළ වර්ගවාදී නායකයන් තමන්ගේ ආසන ලෙස යාපනය දිස්‌ත්‍රික්‌කයේ හා උතුරු පළාතේ මැතිවරණ කොට්‌ඨාස නියෝජනය කිරීමත් හේතුවෙන් යාපන ජනතාව සියවස්‌ තුනක පමණ කාලයක්‌ වර්ගවාදී මතවාදවල ගොදුරු විය. මිත්‍යාවක්‌ වූ එම මතවාද ශතක තුනක කාලයක්‌ තිස්‌සේ අඛණ්‌ඩව පැවැතියේ යාපනයේ හා උතුරු පළාතේය. සිංහලයන් මෙහි මිත්‍යාවන් හෙළි කිරීම යාපනයට සන්නිවේදනය නොවීමත්, සන්නිවේදනය වූවත් යාපනයේ බලවත් දේශපාලන මතය දෙමළ වර්ගවාදයේ මිත්‍යාවන් වීමත් එයින් යාපන දෙමළ ජනයා වෙනම ඊළමක්‌ ඉල්ලන පිරිසක්‌ බවට පත්වූහ. වැල්ලවත්තේ සිදුවූයේ මීට වෙනස්‌ සිද්ධියකි.

එම ප්‍රදේශයන්හි ජනතාව තමන් වසන ප්‍රදේශය දෙමළ නිජබිමක්‌ ලෙස සැලකුවේ නැත. එවැනි සූත්‍රගත කිරීමක්‌ද කිසිවෙකු විසින් කර තිබුණේ ද නැත. එසේම දෙමළ වර්ගවාදයේ මිත්‍යාවන් ඛණ්‌ඩනය වී සත්‍යය යාපනය නොගියාට වැල්ලවත්තට පැමිණීමට ඉඩකඩ තිබුණි. එම සත්‍ය වසන්කර මිත්‍යාව ප්‍රබල කරන දෙමළ වර්ගවාදී දේශපාලන බලවන්තභාවයක්‌ වැල්ලවත්තේ තිබුණේද නැත. වැල්ලවත්තේ දෙමළ ජනයා සිංහල ජනතාව සමඟ සහයෝගයෙන් දිවි ගෙවනාකාරය අත්දැක තිබූ අතර යාපනයේ දෙමළ ජනයාට එවැනි අත්දැකීමක්‌ වෙනුවට තිබුණේ, දෙමළ වර්ගවාදී නායකයන් සමග එක්‌ව උතුරෙන් සිංහලයන් එලවා දමනා අත්දැකීම්ය. මේ නිසා ශ්‍රී ලංකාවේ දෙමළ වර්ගවාදයට වැල්ලවත්තට නොඑන විට යාපනය එය බිහිකර තොටිල්ලක්‌ වී එය රැක ගන්නා පවුරක්‌ ද විය.

Posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, සිංහල | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න