ළමා අපචාරයට ඉබ්නු මන්සූර්ගෙන් අත්වැලක්! | Ibnu Mansoor promotes child molestation!

රාළ නිහඬව හිටියාට, ඉස්ලාමිකයන් කරන ප්‍රචාරයි, ඒවා අරන් එන වෙබ් අඩවි ගැනයි හිටියේ අවදියෙන්. මේ ගැන මූණු පොතේදී බොහෝ දෙනා රාළට තොරතුරු සපයපු බව නොකියාම බැහැ. මේ විදියට වෙබ් අඩවියක් පවත්වාගෙන යන කෙනෙක් තමයි ඉබ්නු මන්සූර්. මන්සූර් ගේ ලිපි කියවගෙන යනකොට රාළට අහුවුණා මෙන්න මේ වගේ ලිපියක්. “ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක්” මේ මාතෘකාව එනකොටම ඔය කට්ටිය දන්නව ඇති මන්සූර් කරන්නේ මොහොමඩ්ට සුදු හුණු ගාන එක කියලා. හැබැයි මොහොමඩ්ට සුදු හුණු ගාන එකට අමතරව බුද්ධාගමත් ඇදලා අරගෙන තියෙනවා. එහෙම නම් දයාබර පාඨකයෙනි, අපි පටන් ගනිමු ඉබ්නු මන්සූර් සහ ගෝල බාලයන්ගේ ආතල් කඩන්න.

මන්සූර් ගේ සම්පූර්න තර්කයම පදනම් වෙන්නේ අඩු වයසින් විවාහ වෙන එක ලෝකයේ හම තැනම තියෙන නිසා ඒක වැරදි නැහැ කියන තර්කය උඩ. ඒ අනුව උඩරට විවාහය යටතේ අවම වයස 12 ක් වෙන එකත් (මේක ගැන රාළට එච්චර විශ්වාසයක් නෑ, නීතිය දන්න කෙනෙක් ඉන්නව නම් මේ ගැන කියන්න), සිදුහත් කුමාරයා ගේ විවාහ වෙන වයසත් වගේ අච්චාරුවක් මන්සූර් ඇද බානවා. හැබැයි රාළ දන්න විදියට උඩරට නීතිය අනුව විවාහ වෙන අවම වයස අවුරුදු 18ක් වෙන්න ඕන. මේ බව සඳහන් වෙන්නේ උඩ රට නීතියේ 3, 19, 1995 කියන වගන්තියට අනුරූපව. ඒ අනුව තවමත් ලාබාළ විවාහ සඳහා වෙන අමන නීතිය වෙනස් කරලා නැත්තේ ඉස්ලාමීය විවාහ සඳහා විතරයි. ඒ හින්දා මේ තමයි මන්සූර්ගේ බොරු නොම්මර එක.

ඉස්ලාමයේ විවාහයක් සම්පූර්ණ වෙන්න කාරණා කීපයක් සපුරන්න ඕන බව මන්සූර් කියනවා. ඒත් මන්සූර් මෙතන කියන්නෙත් බොරු. ඉස්ලාමීය විවාහයක් සම්පූර්ණ වෙන්න පහත කාරණා තියෙන්න ඕනෙලු.

1. මනමාලිය වැඩිවියට පත්වී සිටිය යුතුය – මන්සූර් තවම ඉන්නේ වැඩිවිය පත් වීම, ඒ කියන්නේ ආර්තවය හට ගැනීමත් සමගම දරුවෙකු වැඩිහිටියකු වෙනවය කියන, පුරාණ, ගල් යුගයේ, ගෝත්‍රික මානසිකත්වයේ. අවුරුදු 12 වෙන කොට සමහර දැරියන්ට ආර්තවය සිද්ධ වුණත්, අවුරුදු 12දී ඒ කිසි කෙනෙක් දරුවන් වදන්න හෝ මවු පදවිය ලබන්න තරම් ශාරීරික හෝ මානසික සුවතාවයකින් නැති බව විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු කරපු දෙයක්. වයස 18 ට අඩු මවු වරුන්ගේ ගර්භණීයතාවය “සංකූල ගර්භණීතාවයක්” විදියට සලකන්න කියල ලෝක සෞඛ්‍යය සංගමය කියන්නෙත්, ඒ බව මාතෘ සායන කාඩ් පතේ සඳන් වෙන්නෙත් ඒකමයි. ඒ නිසා වයස අවුරුදු 12ක් වෙන කොට ළමයෙකු වැඩිහිටියකු වෙනවාය කියන එක ඉස්ලාමිකයන්ගේ වනචර, ජාගර ආසාවන් සමනය කර ගන්න හදාපු අතේ පැලවෙන බොරුවක්. “අරාබි ගැහැණු දරුවන් වයස 9 හෝ 10 වනවිට වැඩිවියට පත්වීම ස්වභාවික වන අතර එම වයස වනවිට ඔවුන් හොඳින් වැඩුණු කාන්තාවකගේ පෙනුමකින් යුක්ත වන්නේය” කියන මන්සූර් අද දවසේ අරාබි දරුවන්ගේ පෙනුම, අවුරුදු 1400කට කලිනුත් මෙහෙම වෙන්න ඇති කියල හිතලා කරන රැවටිල්ලක්. ඇත්තෙන්ම ආර්තවය සිද්ධ වෙන වයස එන්න එන්න අඩු වෙන යුගයක අපි ඉන්නේ. ඒකට කියන්නේ secular trend කියල. එහෙම බලද්දී අවුරුදු 1400කට පෙර අවුරුදු 9ක ළමයෙක් දැනට වඩා අනිවාර්යයෙන්ම නොමේරූ කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම අරාබි රටවල දරුවන් වැඩුණු පෙනුම තියෙනවා කියල මන්සූර් කියන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මුළු සිරුරම වහගෙන ඉන්න අරාබි කාන්තාවන්ගේ පියයුරු වර්ධනය, ලිංගික ප්‍රදේශ වල රෝම වර්ධනය වීම වගේ ද්වීතියික ලිංගික ලක්ෂණ බලලා, මන්සූර් ඒ නිගමනයට ආ විදිය දැන ගන්න ඇත්තෙන්ම අපිත් කැමතියි! මුළු ලෝකයේම පෝෂණ තත්වය ගත්තාම වඩාත් ඉක්මණින්ම ද්වීතීයික ලිංකික ලක්ෂණ ඇති වෙන දරුවන් ඉන්නේ යුරෝපීය සහ උතුරු අමෙරිකානු රටවල. ඒ රටවල දරුවන්, මන්සූර්ගේ අරාබිකරයේ ඊනියා වැඩුණු දරුවන්ටත් වඩා වැදුනු අය. නමුත් ඒ කිසිම රටක අවුරුදු 12ක දරුවෙක් විවාහයට සුදුසු බව පිළිගැනෙන්නේ නැති අතර, ළමයෙකු සමග කරන ලිංගික සබඳතා තනිකරම ළමා දූෂණ හැටියට ගණන් ගැනෙනවා.

දෙවනි කාරණේ තමයි, ඉස්ලාමයේ විවාහ වෙන්න ආර්තවය සිද්ධ වෙලා තියෙන්න ඕනෙත් නෑ. මේ බව කුරාණයේ කෙළින්ම කියල නෑ. නමුත් දික්කසාදය ගැන කියද්දී 65.4 සුරාවේ කියවෙනවා “ආර්තවයට පත් නොවූ” කාන්තාවන් පවා දික් කසාද කරන්න පුළුවන් කියලා. කවුද මේ “ආර්තවයට පත් නොවූ” කාන්තාවන්? මෙයින් සුළු පිරිසක් රෝග නිසා ආර්තවය ඇති නොවෙන අය. සලකිය යුතු පිරිසක් දරු ගැබක් පිහිටීම නිසා ආර්තවයට සිද්ධ නොවෙන අය. එතකොට බහුතරය වෙන්නේ තවම වැඩිවිය නොපැමිණි දැරියන්. කුරාණයේ කාලකණ්නි ස්වභාවය දැන් පැහැදිලියි නේද?

2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිම බලපෑමකින් තොරව තිබිය යුතුය – මනමාලියගේ කැමැත්ත ගන්නේ කොහොමද? ඇය කැමැතියි කියන්න ඕන. ඒකට වෙන්නේ මොකද්ද කියල ඇයට දැනුමක් තියෙන්න ඕන. අවුරුදු 9-12 අතර පොඩි දැරියකට විවාහ ජීවිතය ගැන තේරෙන්නේ මොනවාද? ඇය කැමැත්ත දෙන්නේ මොනවාටද? මේ නිසා මන්සූර් සඳන් කරන දෙවනි කාරණය ළමා විවාහ වල ඉෂ්ට වෙන්නේ නෑ. ඒ මදිවාට වයස 18 වෙච්ච කාන්තාවන් කැමැත්තෙන් තොරව, බලෙන් විවාහ කරගෙන (නොහොත් දූෂණය කර) හිටපු මුහම්මද්, වයස 6ක පොඩි දැරිවුයකගෙන් විවාහයට කැමැත්ත ගන්නවා කියන එකත් තනිකරම ලෝක විහිළුවක්. මන්සූර් දක්වන 3-5 දක්වා වගන්ති වලට රාළගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.

මන්සූර් ඊලඟට කරන්නේ මුහම්මද් කරපු අපරාධය සාධාරණීකරණය කරන්න සිදුහත් කුමාරයා විවාහ වෙච්ච වයස ගැන විසංවාදයක් අරගෙන එනවා. හැබැයි මන්සූර් නොකියන කාරණය තමයි ලෝකයේ බොහෝ රටවල ලිංගික එක් වීම සඳහා වූ අවම වයස අවුරුදු 16 බව. එහෙම බැලුවොත් අවුරුදු 16 දෙදෙනෙක් සඳහා අද නීතිය අදාල වෙන්නේ නෑ. අපි මේක සංසන්දනය කරන්න ඕන වෙන්නේ අදාල තරුණියන්ගේ කිසිම කැමැත්තක් විමසීමකින් තොරව ඔවුන් ඊනියා විවාහයේ නාමයෙන් දූෂණය කරපු මුහම්මද් එක්ක. මුහම්මද් සාෆියාගෙන්, ජුවයිරියාගෙන් කැමැත්ත විමසුවේ නෑ. කෙළින්ම, බලෙන්ම ඇඳට අරන් දූෂණය කලා. ඒ වගේම විවාහ වෙනකොට සිදුහත් කුමාරයාගේ වයස කොපමණද කියල ත්‍රිපිටකයේ කොහේවත් සඳහනක් වෙන්නේ නෑ. වයස 16 කියන එක එන්නේ එක එක ජන කතා සහ බෞද්ධ සාහිත්‍යය ආශ්‍රය කරගෙන. ඒවගේම, බෞද්ධයෝ අදහන්නේ බුදුන් වහන්සේ මිසක් සිදුහත් කුමාරයා නෙවෙයි. රහත් නොවූ ඕනේම කෙනෙක් අතින් වරදක් වෙන්න පුළුවන් බව බෞද්ධයෝ පිළිගන්නවා. ඒ නිසා සිදුහත් කුමාරයා අතින් සිද්ධ වුණේ වරදක් නම්, ඒක බෞද්ධයන්ගේ ආගම ඇදහීමට බලපෑමක් වෙන්නේ නෑ. ඒ වගේම උපන් විගස බුදු වෙන බව ප්‍රකාශ කල බව කියන එකත්, මේ වගේම ත්‍රිපිටකයේ අඩංගු නැති ඒත් පසු කාලෙක බෞද්ධ සාහිත්‍යයේ අඩංගු වෙච්ච කතාවක්. මන්සූර් සිද්ධ කරන ලොකුම විහිළුව තමයි ජාතක කතා උපුටා අරගෙන සිදුහත් කුමාරයා විවාහයට කැමැත්ත ප්‍රකාශ කල බව සහ දරු උපතක් ඇති වෙන ආකාර ගැන පූජාවලිය උපුටාගෙන ඒක බුද්ධ ධර්මය විදියට පෙන්වන්න හදන එකෙන් කරන්නේ මහා ප්‍රෝඩාවක්. කොහොමටත් මන්සූර් වගේ ඉස්ලාමිකයන් ඔය වගේ බොරුව ඇත්ත කරන්න දක්ෂයි. මන්සූර් උපුටා දක්වන ජාතක කතා සහ පූජාවලිය ලියවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් දහ අටකට පස්සේ. කොටින්ම ඉස්ලාම් ආගමවත් එච්චර වයස නැහැ. මේවා බුද්ධ දේඅශනා ලෙස උපුටලා දක්වලා ඒවායේ වරදි අල්ලන් බුද්ධාගමට පහර දෙන්න මන්සූර්ලා උත්සාහ කරන්නේ ත්‍රිපිටකයේ වැරැද්දක් හොයා ගන්න බැරි බව මේ අය දන්න නිසා. කොටින්ම මන්සූර්, පරිපූර්ණ යයි කියන ඉස්ලාමයේ වක්තෲ මුහම්මද් විසින් කරපු පාපී ක්‍රියාව සාධාරණීකරණය කරන්න කෆීර්ලගේ ආගම් වලින් උදාහරණ හොයනවා. ඉස්ලාමය මේ තරම්ම බංකොළොත්ද? ‍කාන්තා අයිතිවාසිකම් ගැන මන්සූර් කතා කරන එක වැද්දන් බණ කියනවා වගේ වැඩක්. ඉස්ලාමය කාන්තාවන් පහත් කරලා සලකන අන්දම ගැන අපි බොහොම වාරයක් පෙන්නල දීල තියෙනව. අෂ්ට ගරු ධර්ම බුදුන් වහන්සේ විසින් පැනවූ එක සහ හාමුදුරු කෙනෙක් කාන්තා උත්පත්තියක් ලැබීම පාපයක් යයි කියපු එකක් අල්ලගෙන මන්සූර් නටන නාඩගම කෙළවර කරන්න අපි මෙන්න මේ අභියෝගය මන්සූර්ට ඉදිරිපත් කරනවා.

1. කාන්තා උත්පත්තියක් ලැබීම පාපයක් බව ත්‍රිපිටකයේ සඳහ්න් වෙන තැනක් පෙන්නන්න

2. අෂ්ඨ ගරු ධර්ම බුදුන් වහන්සේ විසින් පැනවූ බව ඔප්පු කර පෙන්වන්න. (ත්‍රිපිටකය හැර වෙනත් ලියවිලි බාරගන්නේ නෑ)

ආයිෂා තුමියට මඩ ගැසීම නැවත් වූ විගස මෙම ලිපිය ඉවත් කිරීමට අපි නියත වශයෙන්ම කටයුතු කරන්නෙමු කියල මන්සූර් කියනවා. අපි අයිෂාට මඩ ගහන්නේ නෑ. අපි ඇය ගැන අනුකම්පා කරනවා. අපි කියන්නේ මුහම්මද් ලමා අපචාරකයෙක් සහ ස්ත්‍රී දූෂකයෙක් කියල. මේ කියන එක අපි කවදාවත් අයින් කරන්නෙත් නෑ. මන්සූර්ට අවශ්‍ය නම් මෝඩ ඉස්ලාමිකයන් රෑන ඔය කතා වලින් රවට්ටන්න පුළුවන් වෙයි. නමුතෙ ඒ කවුරු හරි අපි එක්ක වාදයකට ආවොත් වෙන්නේ මෙන්න මේ විදියටම ආතල් කඩා ගෙන පීචන් වෙන්න.

Advertisements
This entry was posted in ඉස්ලාම්. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )