ළමා අපචාර ගැන තව දුරටත් | More about child abuse

රාළ කලින් ලියපු ලිපියෙන් බොහෝ දෙනාට රිදිලා වගේ පෙනවා. අන්වර් මනතුංග හැරෙන තැපෑලෙන් ඒ ගැන ලිපියක් දාලා තියෙන්නේ ඒ නිසා වෙන්න ඕන. ඒ වගේම එක්තරා මුස්ලිම් “සහෝදරයෙක්” බොහොම ආවේගාත්මක පිළිතුරක් දාලත් තියෙනව. අන්වර් මනතුංග කොහොමටත් අන්තවාදියෙක් නිසා මඩේ ගිලිලා ඉවරයි. නමුත් අපේ මේ මුස්ලිම් “සහෝදරයා” ඒ තරමට මඩේ ගිලිලා නැතිව ඇතියි කියල රාළ හිතන නිසා කරුණු දක්වීම එතනින් පටන් ගන්නම්.

අපේ “සහෝදරයා” එයාගේ චූර්ණිකාව පටන් ගන්නේ “ඔබතුමා කරන්නේ අන්තර්ජාලයෙන් ඉස්ලාමයට අපහාස කර ඇති ඉංග්‍රීසි වෙබ් අවවියකින් කුමක් හෝ කරුණක් සොයාගෙන ඉන්පසු එය සිංහලෙන් පරිවර්තනය කර තමාගේ දස්කමක් ලෙස මෙහි පලකිරීම” කියල. හැබැයි ඒ “සහෝදරයා” රාළගේ අඩවිය කියවලා නැති බව ලේසියෙන්ම පේනවා. මොකද මේ අටුවාවේ ලිපි වලින් භාගයක්ම ලංකාවේ යම් යම් සිද්ධි පාදක කරගෙන නිර්මාණය වෙච්ච ඒව නිසා. ඒ වගෙම, ඉස්ලාමය ප්‍රශ්න කරන ඕනෙම කෙනෙක් ඉස්ලාමිකයන්ට පේන්නේ අපහාස කරන්නන් විදියට. මොකද ඉස්ලාමිකයන් “බ්‍රේන් වොෂ්” වෙලා ඉවර නිසා ඔවුනේ තර්කන හැකියාව සහ භාවිත ඥානය බිංදුවට වැටෙනවා. ඉස්ලාමය ප්‍රශ්න කරන අය ඉස්ලාමයට අපහාස කරනවා කියල චෝදනාව කරන්නේ මෙන්න මේ පදනම උඩ. රාළ කරන්නේ ඉංග්‍රීසි අඩවි පරිවර්තනය කියල මොහොතකට පිළිගත්තත්, ඒ මතු කරන කාරණා වලට උත්තර දෙන්න බැරි කමක් ඉස්ලාමිකයන්ට තියෙන්න බෑ. හැබෑ කාරණේ තමයි ඒ වගේ සංවාදයකට ඉස්ලාමිකයන් බයයි. මේ බය කොච්චරද කියනව නම්, රාළ අන්වර් මනතුංගගේ අඩවියේ පිළිතුරක් දැම්මම රාළගේ අඩවියට තියෙන වෙබ් සම්බන්ධතා අයින් කරන්න තරමටම මේ අය බය වෙලා. රාළ නම් තමන්ගේ පාඨකයන්ට ඔක්කොම මත ඇහෙන්න සලස්වනවා. මෙතන කිසිම කොමෙන්ට් වාරණයක් නැහැ. ඒ වගේම කාගේ හරි ලිපියක් ගන විචාරයක් දැම්මොත් බය නැතුව ඒ ලිපියට සම්බන්ධතාවයක් එකතු කරනවා. අන්වර් මනතුංගලා, ඉබ්නු මන්සූර්ලා බය මෙන්න මේ කාරණේ කරන්නමයි. තමන්ගේ එහෙයියන් රෑන තමන්ගෙන් අයින් වෙලා ආතල් කැඩෙයි කියල බයට තමයි මෙහෙම කරන්නේ.

අපේ මුස්ලිම් “සහෝදරයා”, “එම අඩවිවල වීඩියෝ , නැත්නම් කුරාන් වාක්‍ය තිබුනොත් ඒවාද අහුලාගෙන ඒවාද පලකීරීම. ඔබ ඔවුන්ගෙන් අහුලාගත් කුරාන් වාක්‍යක් දේ කුරානය වැරදි යැය් කියන නමුත් , එම වාක්‍යට පෙර හෝ පසු වාක්‍ය කියව්වොත් කියවන්නාට සත්‍ය තේරුම් ගත හැක.” කියලත් කියනව. ඒ මහත්මයා නොදන්න කාරණය තමයි ඉංග්‍රීසි ලිපි වල තිබුණු පලියට රාළ ඒ දේවල පළ කරන්නේ නැති බව. රාළ ඉස්සෙල්ලම කුරාණයේ අදාල කොටස කියවනවා. ඊට පස්සේ ඒ ගැන දෙපාර්ශවයෙන්ම ලියවිච්චි විචාර කියවලා බලලා දැනුමෙන් සන්නද්ධ වෙලා තමයි මේ ලිපි දාන්නේ. මේ ලිපි වල අන්තර්ගතය ගැන තර්ක කර ගන්න බැරුව “මෙන්න ජාතිවාදියා, මෙන්න ආගම් වාදියා, මෙන්න අන්තවාදියා” කියල කුහක අඳෝනා නගන්නේ ඔය “සහෝදරයගේ” ආගමේ ඉමාම් ල තමයි. “ඔබ සැමදා ක්‍රියාකළ ” සතුරාගේ හරිදේද මෙන්ම වැරදිදේද වැරදිය , අපගේ හරි මෙන්ම වැරදි දේද හරිය . සතුරා සැමදා වැරදි කරයි අප වැරදි කරන්නේ නැත. අප කරන කියන සැමදෙයක්ම හරිය ” යන ප්‍රතිපත්තියේ සිට මේ ලිපය ලියා ඇත” කියල අපේ සහෝදරයා කිව්වට ඔය මතයේ ඉන්නේ කුරාණය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි. කොච්චර හොඳ කළත් කෆීර් කෙනෙක්ට ස්වර්ගයට යන්න බෑ කියල උගන්නන්නේ මොන ආගමද කියල තමුන්ගේ පපුවට තට්ටු කරල අහලා බලන්න. 

ඒ “සහෝදරයා” මතුකරන ප්‍රධාන කාරණයට බහිමු. “මුලින්ම විවාහයක් හා දුෂණයක් අතර වෙනස ඔබට වැටහෙන්නේ නැත්තේ මන්දය් නොදනිමි. පොදුවේ විවාහයක් යනු දෙපාර්ශවයේම එකඟතාවය ඇතිව, වැඩිහිටියන් හා සමාජයේ ආශීර්වාදය ඇතිව කරන්නාවූ ක්‍රියාවකි. දුෂණයක් යනු එක පාර්ශවයක අකමැත්ත උඩ බලහත්කාරයෙන් සිදුවන ක්‍රියාවකි.” මුස්ලිම් “සහෝදරයා” මේක දැන ගත්තු එක හොඳයි. දූෂණයක් වෙන්න නම් කැමැත්තෙන් තොරව වෙන ලිංගික එකතු වීමක් වෙන්න ඕන. මේ කැමැත්ත කාගේ කැමැත්තද? අපේ රටේ නීතියට අනුව, සහ සමාජ සම්මතයට අනුව, මේ කැමැත්ත දෙන එකම කෙනා අදාල කාන්තාව විතරයි. මේ කාන්තාව බැඳලද, නැත්ද, කියන එක මෙතෙන්දී වැඩක් වෙන්නේ නෑ. සැමියා, බලෙන් තම බිරිඳ එක්ක එක්වුණත්, ඒකත් ස්ත්‍රී දූෂණයක් විදියටයි සැලකෙන්නේ. කුරාණයෙන් කාන්තාවන්ට කොච්චර හොඳට සලකනවද කීවොත්, ලිංගික ක්‍රියාවට කාන්තාවගේ කැමැත්ත ඕනේ නැති බවට වක්‍රව ඉඟි කරනවා (2:223). ලිංගික වහලියන් (දකුණතට හිමි දේවල්) සම්බන්ධයෙන් කැමැත්ත කොහොමටවත් ඕනේ නෑ. මෙහෙම බැලුවොත් කුරාණයෙන් ස්ත්‍රී දූෂණැයක් කියන්නේ මොකද්ද කියලවත් අර්ථ දැක්වෙන්නේ නෑ. කුරාණයේ කියවෙන්නේ ලිංගික විෂමාචාරය ගැන විතරයි.

දැන් ප්‍රශ්නය වෙන්නේ අයිෂා, සාෆියා සහ ජුවයිරියා විවාහයට කැමැත්ත දුන්නද කියන එක. සාෆියා සහ ජුවයිරියා විවාහයට කැමැත්ත දුන්නේ නැති බව බොහොම පැහැදිලියි. තමන්ගේ සැමියා, දෙමාපියන් සහ නෑදෑයන් සමූලඝාතනය කරපු මිනිහා කසාද බඳින්න කමැති වෙන්න සාෆියාට සහ ජුවයිරියාට පිස්සු වෙන්න ඕන. ඒ නිසා මුහම්මද් විවාහයේ නාමයෙන්, සාෆියා සහ ජුවයිරියා දූෂණය කළ බව පැහැදිලියි. අයිෂා ගේ තත්වය මීට ටිකක් වෙනස්. මෙතන ප්‍රශ්නය එන්නේ අවුරුදු 6ක ළමයෙකුට විවාහය වෙනුවෙන් කැමැත්ත දෙන්න හැකියාවක් තියෙනවද කියන එක. හැඩිත් ව්ලට අනුව අයිෂා බෝනික්කන් සමගින් සෙල්ලම් කරමින් සිටි ලාබාල දැරියක්. ලිංගික එක්වීමක් සඳහා කැමැත්ත දෙන්න ළමයෙකුට හැකියාවක් නැති බවයි අද ලෝකේ පිළිගැනීම. ඒ නිසා ළමයින් සමග කෙරෙන සියළුම ලිංගික ක්‍රියා දූෂණ හැටියට සලකනවා.

අපේ “සහෝදරයා” “මවු පදවිය ලබන වයස ගැන නිකන් වල පල් දොඩවන්ඩ එපා. වාර්තා අනුව කොව ලොව මව්පදවිය ලැබූ ලාබාලම කාන්තාවට එවිට වයස අවු.5 මාස 7 දින 17″ කියල නම් පේළියක් දාල ඔප්පු කරන්න හදන්නේ අවුරුදු 6 දී ළමයින් හම්බුවෙන එක සාමාන්‍යයි කියල පෙන්නන. මේ ඉස්ලාමිකයන්ගේ තියෙන පහත් කාමුකත්වය පෙන්නන තව එක තැනක්. මහත්තයෝ ඔය විදියට දිග නම් පේළියක් ඇතුළු වෙන්නේ ඔය දේවල් අසාමාන්‍ය නිසා. අවුරුදු 30දී ලැමයි හම්බුවෙච්ච අයගේ ඔහොම ලේඛණයක් නැත්තේ ඒක සාමන්‍ය නිසා. ඔය මහත්තැන් පඩත්තල කමට දෙඩෙව්වට ලෝක සෞඛ්‍ය සංගමයේ නිර්දේශය තියෙන්නේ ළමයෙක් හම්බුවෙන්න හොඳම වයස අවුරුදු 18 – 35 අතර, ඉන් එහා නම් ඒක මවටත්, දරුවාටත් හානිකරයි කියල. සමහර විට අපේ “සහෝදරය” ඒ දොස්තර මහත්තැන්ලට වඩා ළමයි හම්බුවෙන එක ගැන දන්නව ඇති. ඒ වගෙම මේ “සහෝදරයා” දීපු නම් පෙළෙන් පළමු වෙනියා ලීනා මෙදීනා ව ඒ තත්වෙට පත් කරපු කෙනා සැක පිට අත් අඩංගුවට අරගෙන තියෙනවා, දුෂණ චෝදනාව උඩ!. නමුත් 1939 තරම් ඈතක DNA තාක්ෂණය නොතිබුණු නිසා මිනිහා නිදහස් වුණා. ඔය නම් පේළියේ දෙවැනියා ඇගේ සීයා අතින් දූෂණයට ලක්වෙච්ච කෙනෙක්. කොලොම්බියාවේ 2004 සැප්තැම්බර් මාසයේ වයස අවුරුදු 8 මාස 9 වෙච්ච දරුවාගේ ගර්භණීතාව, ඇයව ගණිකා වෘත්තියේ යෙදවීමෙන් ඇති වෙච්ච දෙයක්. අ රටේම ඊට මාසෙකට පස්සේ වෙච්ච සිද්ධියත් සැලකෙන්නේ දූෂණයක් විදියට. මෙහෙම බලද්දී අඩු වයසින් දරුවන් ලැබෙන එක බොහෝ විට ස්ත්‍රී දූෂණ නිසා සිද්ධ වෙන බව පැහැදිලියි. ඒ වගේම මේ නම් පේළියේ හිටපු ළමයින් ගර්භණීතාවයට සුදුසු තරම් මෝරා සිටි බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කලොත්, රාළ මේ අටුවාව වහලා දානවා. ඔන්න මුස්ලිම් “සහෝදරයාට” රාළගේ අභියෝගය.

අපේ “සහෝදරයා” ඊලඟට කියනවා “ඔයා මෙච්චර දඟලන්නේ සිදුහත් කුමාරයා වයස 16 විවාහ වුන එක හරි කියල කියන්ඩත් මුහම්මද් නබි තුමා වයස 9 කෙනෙකු හා විවාහ වුන එක වැරදි කියල කියන්ඩත් නේ” කියල. මම එහෙම කොහෙවත් කියල නෑ. මම කියන්නේ ඉබ්නු මන්සූර් මුහම්මද්ගේ පාහර වැඩේ ෂේප් කරන්න සිදුහත් කුමාරයා මේකට ගාවා ගන්න එකේ කුජීත කම පෙන්නල දෙන්න. ඒ වගේම වයස අවුරුදු 18ට අඩු කෙනෙක් අතින් ළමා අපචාරයක් වෙන්න නම් වින්දිතයාගේ වයස පීඩකයාගේ වයසට වඩා අවුරුදු 5ක් වත් අඩුවෙන්න ඕන කියල නීති පොතේ තියෙනවා. එහෙම බලද්දී සිදුහත් කුමාරයා ගැන ගේන තර්ක ඔක්කොම හිස් එව්ව බව පෙනිලා යයි. මේ එකකින්වත් 54ක් වයස මහල්ලෙක්, අවුරුදු 6ක දැරියක් විවාහ කර ගැනීම සාධාරණීකරණය වෙන්නේ නෑ.

අපේ “සහෝදරයා” ඊලඟට ඉළ ඇදෙන කතාවක් දාල තියෙනව. “එතොකට සිදුහත් කුමාරයා බුදුවෙන්ඩ ක්‍රිස්තියානි වෙලාද හිටියි ?” කියල. මේක දැකල රාළට පණ යන්න හිනා. ඇයි මිනිහෝ, බුදුහාමුදුරුවෝ ඇති වෙන්න කලින් බුද්ධාගමක් කොහේද තිබුණේ? ඒකත් හරියට දෙයියෝ ලෝකේ මැවුව නම් ලෝකේ මවන්ඩ කලින් දෙයියෝ හිටියේ කොහේද කියල අහනව වගේ ප්‍රශ්නයක් නේද? බුදුන්වහන්සේ තමන්ගේ මතය ප්‍රකාශ කරන කල් බුද්ධාගමක් තිබුණේ නෑ. සිදුහත් කුමාරයා උපතින් වෛදික-උපනිෂද් ආගම් අදහන පවුලකට අයිති වෙච්ච කෙනෙක්. වෛදික-උපනිෂද් කියන්නේ වර්තමාන් හින්දු ආගමෙන් පැතිරී ගිය අතු. මේ වගේ ගෝං ප්‍රශ්නයක් අහන අපේ “සහෝදරයා” තමන්ගේ බුද්ධි මට්ටම හොඳට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපේ සහෝදරයා “ඉබ්නු මන්සූර් පැවසූ සියලු දෙයක්ම පැවසුවේ මුලාශ්‍ර සහිතව. එම මුලාශ්‍ර සමාජයේ පිළිගන්න , පාසල්වල උගන්වන ඒවා. ඔබ කියනවා ඒවා ලියා අතේ බුදුන් පරිවානයට පත්වීම වසර සිය ගණනකට පසු බවය් . මේවා වැරදිනම් මම අයෙත් අහන්නේ ඇය් මේවා තියාගෙන ඉන්නේ. හැබය් එම ග්‍රන්ථ ඇසුරෙන් ඔබගේ තර්කයක් ඔප්පු කිරීමට් ඔබට හැකියාවක් තිබුනොත් ඔබ මෙමෙ ග්‍රන්ථ යොදාගන්නවා සිකුරුය් ” කියල කියනව. රාළ පෙන්නල දෙන්නේ ඉබ්නු මන්සූර් බුද්ධාගම කියල හිතන් ඉන්න ඒවා වැරදියි කියලයි. ඉබ්නු මන්සූර්වත්, “සහෝදරයවත්” රාළ කියන්නේ බොරු බව ඔප්පු කරලා නෑ. නිකම් අඬෝවැඩියාව විතරයි. මේ ග්‍රන්ථ වැරදි නම් මෙව්වා තියන් ඉන්නේ ඇයි කියන එක හොඳ ප්‍රශ්නයක්. මේවා අපි තියන් ඉන්නේ ඒවායේ විශිෂ්ට සාහිත්‍යම්ය අගය නිසා. අපි ආගමට අපහාස කළා කියලා “සාතනික් වර්සස්” එහෙම නැත්නම් “ලජ්ජා” වගේ ඒව තහනම් කරනෙන්වත්, ඒවායේ ලේඛකයන්ට මරණ දඬුවම දෙනෙන වත් නෑ ඉස්ලාමිකයන් වගේ. ඒ වගෙම මේ කියපු ග්‍රන්ථ වලින් රාළ එක තර්කයක් හරි ඔප්පු කරල තියෙනව නම් පෙන්වන්න කියල රාළ දෙවනි අභියෝගෙත් කරනවා. රාළ ලියපු ලිපි 50ක් විතර මෙතන තියෙනවා. ඔන්න කියවල බලලා අභියෝගේ බාර ගන්න.

“ඉහත 65:4 කතා කරන්නේ ඉද්දා කාලය සම්බන්දයෙන් . ඉද්ද කාලය යනු දික්කසාද වීමක් හෝ පුරුෂය මියගියවිට කාන්තාව සිටිය යුතු ශෝක කලය” කියල සහෝදරය කියන එක හරි. හැබැයි මෙතන සහෝදරයා දක්වන පාඨය බොරු. “පරිවර්තනයේදී මේ ගැන කියවෙන්න නැ” කියල කියන්නේ සහෝදරයාගේ මතය. සහෝදරයට වඩා පොරවල් තමයි මේවා පරිවර්තනය කලේ. ඒ වගෙම 65.4 පැහැදිලිවම තියෙනවා “And those who no longer expect menstruation among your women – if you doubt, then their period is three months, and [also for] those who have not menstruated” විදියට සඳහන් වෙලා. මෙතන “those who have not menstruated” කියල කියන්නේ තවමත් ආර්තවය සිද්ධ නොවුණු කාන්තාවන්, ඒ කියන්නේ දරුවන්. සහෝදරයා මොන අතට කැරකැව්වත් අන්තිමට 65.4 රාළ මතු කරන පාඨය එහෙමම තියෙනවා. රාළ දන්න විදියට “අල් කුරාන් අර්ථ විවරණ” ලියල තියෙන්නේ අපේ රටේ මනුස්සයෙක්. කුරාණයේම කියල තියෙනව කුරාණ පාඨ වල හරි තේරුම දන්නේ අල්ලා විතරයි කියල. ඉතින් අල්ලා විතරක් දන්න පාඨ වල තේරුම මේ පොත ලිව්ව ගොයියා දන්නේ කොහොමද? උන්දෑට අල්ලා කතා කරනවා වත්ද? එහෙම උණොත් නම් ඉතින් මුහම්මද් කියන්නේ අන්තිම ප්‍රොපට් නෙවෙයි.

බුද්ධාගමට තියෙන තර්ජන ගැන මුස්ලිම් සහෝදරයෝ අපිත් එක්ක කතා කරන්න ඕනේ නෑ. අනික බුද්ධාගමට තියෙන තර්ජන මේ අටුවාවෙන් කතා කරන්නෙත් නෑ. මේකෙන් කතා කරන්නේ කුරාණය ගැන, ඉස්ලාමය ගැන. සාධක එක්ක කතා කරන ඒවා දිරවා ගන්න බැරිනම් “සහෝදරයා” ඉබ්නු මන්සූර් එක්ක තමුන්ගේ ආතල් එක තියාගෙන ඉන්න.

දැන් අපි හැරෙමු අන්වර් මනතුංග දිහාවට. වාදයට එන්න බැරි වුණාම ප්‍රතිවාදියා “අසූචි කන සූකරයන්” විදියට අඳුන්නමින් වාදයෙන් පැනලා ගිහිපු පළමු වෙනියා අන්වර් නෙවී. කාලය බ්ලොග් ලෝකේ හොල්ලන් හිටපු උන්දෙකුත් කලේ ඒ වැඩෙම තමයි. අන්වර් මේ වගේ ගොන් කතා කියමින් වාදයෙන් පැනලා යන්නේ අන්වර්ට දත කට මූටු වෙන්න අපෙන් හම්බ වෙන බව දන්න නිසායි. අන්වර් ලමා මහණකරණය ගැන ප්‍රශ්නයක් අහනව! අන්වර් රාළගේ අඩවියේ ලිපි කියවන්නේ නැතිව මාතෘකා විතරක් බලලා ලිපි ලියන ගණයේ දෙකයි පණහේ උන්දෙක් බව මේකෙන් පෙනී යනවා. අන්වර් “ළමා අපචාර මඩිමු” කියන නිර්-රාමුගේ ලිපිය කියෙව්ව නම්, මේ ගැන වෙන්නේ මොනවද කියල දැන ගන්න තිබුණා. නමුත් අන්වර්ට එච්චර විවෘත මනසක් නැති බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

අන්වර් ලිපිය පුරාම කියන්න හදන්නේ “කුඩා දරුවෙක්ට අඩු වයසින් භික්ෂු ශාසනයට එළඹෙන්නට අවසර ඇති නම් වැඩිවියට එළඹුණු ගැහැනු දරුවෙක් විවාහ වීම වරදක් වන්නේ කෙසේද?” කියන එක. මේක එක වරදක් මාර්ගයෙන් තව වැරදි දෙකක් සාධාරණීකරණය කරන්න යාමක්. පළමුවෙනි එක, දරුවන් මහණ කරන්න වගේම විවාහයටත් යොදා ගත යුතු අය නෙවෙයි. මේ දෙකම තේරුම් ගන්න තරම් ඔවුන් මෝරා නැහැ. දෙවනි වැරද්ද තමයි, වැඩිවිය පත් වෙච්ච දැරියක්, ලිංගික භාණ්ඩයක් විදියට සලකන තුච්ඡ, නිහීන ඉස්ලාමීය චින්තනය. කොච්චර වෛද්‍ය විද්‍යාතමක සාක්ෂි ඉදිරිපත් කළත් අන්වර් වගේ අන්තවාදීන් වැඩිවිය පත්වීම කියන එක විවාහයට තියෙන එකම සුදුසුකම නෙවෙයි කියල පිළිගන්නේ නෑ. එහෙම පිළිගත්තොත් ඒ අය දන්නවා මුහම්මද් ළමා අපචාරකයෙක් වෙන වග. අයිෂා ගැන අන්වර් බොහෝ දේවල් කිව්වත්, සාෆියා සහ ජුවරියා දූෂණය ගැන වචනයක්වත් කතා නොකරන්න පරිස්සම් වෙන්නේ ඇයි කියන එක වෙනම ප්‍රශ්නයක්. ඔන්න අපි මුස්ලිම් “සහෝදරයට” අභියෝග දෙකක් ඉදිරිපර්ත් කළා. අන්වර් ගැන ඉතින් කතා කරල වැඩක් නෑ. ගල් යුගයේ ෆොසිලයකින් ඔයිට වැඩියේ වැඩක් තියෙනවා.

ප.ලි. මෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය අවුරුදු 18ට අඩු දරුවන් ගර්භණී වීම ගැන කියන කතා.

1. Adolescent pregnancy

  • In low- and middle-income countries, complications from pregnancy and childbirth are a leading cause of death among girls aged 15-19 years.
  • Stillbirths and newborn deaths are 50% higher among infants of adolescent mothers than among infants of women aged 20-29 years.
  • Infants of adolescent mothers are more likely to have low birth weight.

2. Maternal mortality

  • In low- and middle-income countries, complications from pregnancy and childbirth are a leading cause of death among girls aged 15-19 years.
  • Stillbirths and newborn deaths are 50% higher among infants of adolescent mothers than among infants of women aged 20-29 years.

3. Preventing early pregnancy and poor reproductive outcomes among adolescents in developing countries: WHO guidelines

The WHO guidelines, Preventing early pregnancy and poor reproductive outcomes among adolescents in developing countries, provide both a call to action and directions for future research on: preventing early pregnancy: by preventing marriage before 18 years of age; by increasing knowledge and understanding of the importance of pregnancy prevention; by increasing the use of contraception; and by preventing coerced sex

අඩු සහ මැදි ආදායම් රටවල අවුරුදු 15 – 19 අතර වයසේ දැරියන්ගේ මරණ වලින් වැඩිම කොටසකට හේතුව ගර්භණීතාවය සම්බන්ධ සංකූලතා.වයස 15 – 19 අතර මව්වරුන්ගේ දරුවන් සහ වයස 20 – 29 අතර මව්වරුනෙග දරුවන් සැලකුවාම,  මළ දරු උපත් සහ උපන් ගමන් බිළිඳුන් මිය යන එක වයස 15 – 19 මව්වරුන්ගේ දරුවන් අතර 50%ක් වැඩියි. 15 – 19 වයස් මව්වරුන්ගෙ දරුවන් අඩු බර උපත් වීමට හැකියාවත් වැඩියි. ඕනෑවට වඩා කලින් ගර්භණී වීම සහ යහ-ප්‍රජනක සෞක්‍යය ගැන ලෝක සෞක්‍ය සංවිධානයේ අත්වැල් උපදෙස් අනුව, ඉහත දේවල් වලක්වා ගන්න විවාහය අවුරුදු 18 තෙක් පමා කිරීම, නිසි ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රම අඳුන්වා දීම කරන්න ඕන.

ඔන්න “සහෝදරයා” ලෝකේ ඇත්ත තත්වය.

Advertisements
This entry was posted in අන්වර් මනතුංග, අල්ලා, ඉස්ලාම්, මුහම්මද්, ළමා අපචාර and tagged , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )