ළමා අපචාර මඩිමු! | Let’s stop child abuse!

පසු ගිය සතියේ දිනෙක දික්වැල්ල ප්‍රදේශයේදී දස හැවිරිදි දැරියක්, පාපතරයකු අතින් කෙළෙසී ගියේය. අපට මෙය ටික දිනකින් අමතක වනු ඇත. නමුත් මේ අපරාධය එම දැරියගේත් පවුලේත් අනාගතය තීරණාත්මක අයුරින් වෙනස් කරනු ඇත. මෙබඳු දුක්ඛදායක සිදියකින් වුවද අවජාතිකවාදී රෑන තම න්‍යාය පත්‍රය ඉටු කරගන්නට හැදීම අශික්ෂිත කාරණයකි. සුපුරුදු පරිදි “ඩෝං පුතා” හෙවත් කූඹියා හෙවත් තරංග ජයසේන, ශ්‍රී ලාංකික යුධ විරුවා අධිසාමාන්‍යකරණය භාවිත කොට දූෂකයන් බව පෙන්වීමට උත්සාහ දරමින් සිටී. අප සහෝදර බ්ලොග්කරුවකු වරක් පෙන්වා දුන් පරිදි, ජූඩ් වර්ෂා දියණියගේ මරණය වෙනුවෙන් පිටු පිරෙන්නට කාව්‍යමය රචනා සැපයූ බූන්දියේ, සිංහල දැරියන් වෙනුවෙන් එකදු කවක් හෝ පළ නොවීම නැවතත් බූන්දියේ භූත රැලේ අවජාතිකවාදය පෙන්වයි.

බූන්දියේ අවජාතිකවාදය ගැන අපට ඇති තරමක් කතා කළ හැකි වුවත්, මේ ලිපියේ අරමුණ මුක්කු ගහන්නට කඩා වැටී ඇති බූත බංගලාව නැවත නගා සිටුවීම නොවේ. අපට පෙනෙන නොපෙනෙන ළමා අපචාර ගැන විමසා බැලීමටයි. සමහර ඒවා ඇත්තෙන්ම ළමා අපචාරයන්ද යන්න තර්ක කර විමසා බැලීමත් වටී. ළමා අපචාරයන් ගැන සඳහන් කරන විට සමහරක් ඒවා කෙළින්ම අපරාධ ලෙස පෙනී යන ඒවාය. උදාහරණ ලෙස ලිංගික අපයෝජනය, පහර දීම හෝ මෙහෙකාර සේවයේ යොදවා ගැනීම. නමුත් මේ ලිපියේ අරමුණ වන්නේ මෙම මානයන්ට අසු නොවූ ළමා අපචාරයන් ගැන කතා කිරීමටය. සාමාන්‍යයෙන් කතා නොකරන අපචාර වලට ආගමික සංස්ථා සම්බන්ධ වීම අරුමයක් නොවේ. ආගමික සංස්ථා වල ඇති සිවිල් බලය නිසා මේ පිළිබඳව කතා කිරීම යට ගැසී ගොස් ඇත. එම යට ගැසූ දෙවල් යළි එළියට ඇදීම මේ ලිපියේ අරමුණ වන්නේය.

ළමා අපචාර පිළිබඳව අපකීර්තිමත්ම ඉතිහාසය මුස්ලිම් නීතිය සම්බන්ධව දකින්නට ඇත. ඉස්ලාමීය ආගමේ වක්තෲතුමන් ළමා බිරියක් සරණපාවා ගැනීම තුලින් දෙන ලද “ආදර්ශය” එලෙසම පිළිගැනීමට බොහෝ මුස්ලමානුවෝ මැළි නොවෙති. එනිසා ළමා විවාහ මුස්ලිම් රටවල සිදු වීම අරුමයක් නොවේ. එනමුත් අප රට රෝම ලන්දේසි නීතියෙන් පාලනය වන රටක් වන අතර විවාහයට අවම වයස අවුරුදු 18කුත්, ලිංගික එක්වීමට සඳහා අවම වයස අවුර්දු 16 කුත් වේ. මෙම නීතියම විප්‍රකාර එකක් බව නිර්-රාමුගේ අදහසයි. නිර්-රාමු සිතන්නේ එම වයස් දෙකම එකම මට්ටමකට ගෙන ආ යුතු බවයි. ඒ සඳහා වයස 18 වඩාත් උචිත බව නිර් – රාමු සිතයි. නමුත් මුසල්මානුවන් නීතියට ගරු නොකරන පිරිසක් බව ප්‍රකට කරුණකි. එනිසාම 1951 මුස්ලිම් විවාහ පණත සහ 1956 වාක්ස් පණත මගින් මුස්ලිම් විවාහ වයස අවුරුදු 12 දක්වා අඩු කර ඇත. මේ නීතිය පොතට පමණක් සීමා වූ බවට යමෙක් චෝදනා කළ හැකි වුවත්, වටා පිටාවේ මුස්ලිම් පවුල් සිටින ඕනෑම අයෙකුට පෙනෙන කරුණ නම් වයස 18 වීමටත් ප්‍රථම ඉන් සැළකිය යුතු පිරිසක් විවාහ වන බවයි. මෙලෙස වයස 18ට අඩු දරුවන් විවාහ කිරීම කෙළින්ම ලිංගික අපචාරයකි. රටේ එක් එක් අයට වෙනම නීති නොතිබිය යුතු බවටත්, සියළු දෙනාම එකම නීතියට යටත් විය යුතු බවත් නිර්-රාමු විශ්වාස කරයි. අප ගෝත්‍රවාදීන් යයි උගුර ලෙ රස වනතුරු මොර දෙන ඊනියා අති-මධ්‍යස්ථ බ්ලොග් කරුවන් රෑන තේසවලාමේ නීතිය කටුගා දමන්නට කී විට යකා නැටූ අයුරු අපට මතකය. තෙසවලාමේ පමණක් නොව මුස්ලිම් විවාහ නීතිය, බහු භාර්යා විවාහ, උඩ රට නීතිය ආදී මෙකී නොකී සියළුම “ගෝත්‍රවාදී” නීති කටුගා දැමිය යුතු වෙයි. අපට ගෝත්‍රවාදීන් යයි හංවඩු ගසන බඩගෝස්තරවාදීන් “ඊක්, ඊක්” ගාමින් හෙළුවැලි නැටුම පටන් ගන්නා අයුරු මැවී පෙනෙන්නා සේය! 

නිර් – රාමු තරයේ විරුද්ධ වන දෙවන ළමා අපචාරය නම් ළමා මහණකරණයයි. ළමයාට ළමයාගේ ජීවිතය දිය යුතුය. එය උදුරා ගැනීම යනු රටක විනාශය වෙයි. මහණදම යනු අතිශයින් බුද්ධිමත්ව ගත යුතු තීරණයක් වන අතර එවැන්නක් ළමයෙකුට ගත හැකි යයි සිතීම විහිළුවකි. ළමයා වෙනුවෙන් සමහර තීරණ ආණ්ඩුවට ගත හැකිය (එය පුලස්තිට අනුව අධෝ මුඛයේ ඇඟිලි ගැසීමකි! නමුත් මේ මුග්ධයා දහම් පාසල් යැවීම නොයැවීම දෙමාපිය තීරණය මත පමණක් කළ යුතු යයි කරණ තර්කය, මහණ කම සම්බන්ධයෙන්ද යෙදිය හැකි බව වටහා ගන්නේ නැත). ඒ මන්ද ළමයා අයත් වන්නේ රාජ්‍යයට බැවිණි. එසේම ළමයකුගේ නිසි වර්ධනයට ආහාර පාන මෙන්ම, සුවදායක වටපිටාවක්ද අවශ්‍ය බව වෛද්‍ය මතයයි. තම සාමණේර නම පියෙකු මෙන් රැක බලා ගන්නට සමහර ගුරු හාමුදුරුවරුන්ට හැකි වුවත්, පවුලක රැකවරණය සපයා දීම නම් ඔවුන්ට පහසු වන්නේ නැත. එනිසා මහණ දම් පිරීමේ අවම වයස අවුරුදු 16 වත් දක්වා වැඩි කළ යුතු බව නිර්-රාමුගේ අදහසයි. එවිට වඩාත් හොඳ මහණ පරපුරක්ද අපට දැකගත හැකි වනු ඇති අතර, සැප බඩු වලට පෙරේත කමින් උපැවිදි වී, බුදු දහමට ගරහන හීරළුවන්ගේ ගණනද අඩුවී යනු ඇතැයි අප විශ්වාසයයි. වාසනාවටක මෙන් ඉස්ලාමය මෙන් නොව බුදු දහම ඉතාම සහනශීලී නම්‍යශීලී එකකි. එසේම රටෙහි නීතියටද ගරු කරයි. එනිසා මේ නීතිය සංඝාඥාවක් ලෙස පැණවීම එතරම් අපහසු නොවනු ඇත. එනමුත් පඩික්කම් පුරවමින් දේශපාලකයන්ට කඩේ යනවා හැරෙන්නට වෙනත් වැඩක් නොකරන අප මහ නායක හිමිවරුන්, මෙවැනි ප්‍රගතිශීලී පියවරයන් ගනීද යන්න නම් සැක සහිතය.

මෙරට අනතුරක් වූ විට සාමන්‍යයෙන් කෙරෙන්නේ රියැදුරා දඟ ගෙයි ලෑමයි. හොඳට පදම් වී වැනි වැනී විත් රියට පැන්න විට පවා මේ “පෝරියල්” එක රියැදුරුට කෑමට සිදු වෙයි. මාරක අනතුරක් සම්බන්ධව රියැදුරු දඟ ගෙයි ලෑම ප්‍රශ්නයක් නැත. නමුත් ළමයකු රිය අනතුරකර භාජනය වන්නේ එම ළමයාගේ භාරකරුවන්ගේ නොසැලකිලිමත් කම නිසා බව නම් සත්‍යයකි. දරුවා ඔහේ යද්දී දුරකථනයේ එල්ලී ගෙන ගමන් කරන මවු වරුන් අපි අපමණ දැක ඇත්තෙමු. දරුවා උකුළේ තබාගෙන රිය පදවන පියවරු දැක ඇත්තෙමු. එසේම තමා හිස් ආවරණ පළඳාගෙන ළමයාට මොකුත් නොපළඳවාම යතුරු පැදි වල ගමන් ගන්නා දෙමාපියන්ද අපි දැක ඇත්තෙමු. ළමා ආරක්ෂණ නීතිය අනුව ළමයා අනතුරකට භාජනය වන පරිදි තැබීමත් ළමා අපචාරයකි. එනිසාම ඉහත කී වැරදි වලට අනිවාර්යයෙන්ම නීතියෙන් දඬුවම් කළ යුතු බව නිර් – රාමු විශ්වාස කරයි.

අපට අපගේ අදහස් ඇත. ළමයින්ට ඔවුනේ අදහස් ඇත. ඕමාර් ඛයියාම් කියනා පරිදි ඔවුන්ගේ අදහස් හෙට නම් ගෘහයේ පදිංචි වී ඇති අතර අපට එහි සිහිනෙනුදු යාමට නුපුළුවන. එනමුත් මේ හෙට නම් ගෘහයේ පදිංචි වන ළමයාගේ අදහස් දූෂ්‍ය කිරීම නම් අප විසින් ජයටම කර ගෙන යන්නෙමු. දරුවන් යොදවා ගෙන දරුවන් වෙනුවෙන් යයි කියන නාට්‍ය, චිත්‍රපට ආදිය නිෂ්පාදනය කරන වැඩිහිටියෝ, තමන්ගේ කුරුවල් දේශපාලන අදහස් ළමයින් උපයෝගී කරගෙන නොමේරූ සිත් තුළ තැන්පත් කරති. කලෙකට පෙර ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ එක්තරා ළමා නාට්‍යයක් තනිකරම භාවිත වූයේ සමාජයේ වැඩිහිටියන් කරන වැරදි වලට සිනා සීමටයි. මෙහිදී නාට්‍යය රඟපාන දරුවන් අධ්‍යක්ෂකගේ රූකඩ වී, ඔවුන්ගේ සිත් කුරුවල් වී යාමත්, “ළමා නාට්‍ය” ලේබලයට මුවාවී තම දේශපාලනය ළමයා වෙත සම්ප්‍රේෂණය කිරීමත් මෙමගින් සිදු වන්නකි. ළමයින්ට දිය යුත්තේ ධ්නාත්මක අදහස් මිස කුරුවල් දේශපාලනය නොවේ. අප රටේ මාධ්‍ය හැසිරෙන්නේත් මීටම නොදෙවෙනි ආකාරයකිනි. ඕනෑම ඕජාව ගලන මළකුණක් විකුණා හෝ මඩි තරකර ගැන්ම පුරුද්ද කරගත් විද්‍යුත් මාධ්‍ය ළමා පචාර ආදියේ පුවත් ගෙන එන්නේ තළු මරමිනි. මේ ප්‍රවෘත්ති වල අදාල ළමයා ගේ රූප පෙන්වීමද මේ මළකුණු බුදින “මාධ්‍ය සිගාලයින්” විසින් පෙන්වනු ලබයි. කළුබෝවිල රෝහලින් සොරකම් කරන ලද බව කී දරුවා වසර කීපයකට පසුව හමු වූ විට “ලඟම නෑයා” යයි කියන කොටි වාහිනිය අදාල දරුවාගේ රූප, ඒ වන විට එම දරුවාට ආදරණීය දෙමාපිය යුවලක්ව සිටි පුද්ගලයන්ගේ රූපද තළු මරමින් ප්‍රදර්ශනය කළහ. එම පවුලට ඉන් පසුව ඔවුන් පදිංචි ස්ථානයෙන් ඉවත්ව යාමට පවා සිදු වූයේ මේ කාළකණ්නි නාලිකාව නිසාය. අවසන අධිකරණය, උක්ත දෙමාපියන් වෙතම දරුවා ගේ භාරකාරත්වය හිමි කළේ ඔවුන් දරුවා රැක බලාගෙන තිබූ ආකාරය නිසාමය. “සියල්ලටම ඉහළින්” ඇති කොටි වාහිනිය කලේ කාරණයට අනවශ්‍ය ප්‍රසිද්ධියයක් දී එම වාසනාවන්ත පවුලට උන් හිටි තැන් අහිමි කිරීම පමණකි. එසේම කළු ගඟට විසිකල දරුවාගේ පණ අදින සිරුර වීඩියෝ කරමින් ස්වර්ණවාහිනිය ලද “මළකුණු බුදින ආනන්දය” ද ජුගුප්සා ජනකය. මේ අවස්ථා දෙහේකේදීම උක්ත ළමයින්ගේ අයිතිවාසිකම් මාධ්‍ය මගින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇත. වැඩිහිටියකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඡායාරූපයට නැගීම වරදක් නොවූවත්, ළමයකු එසේ ඡායාරූපයට නැගීමට භාරකාර අවසරය තිබිය යුතුමය. එනිසා අටුවාව කියවන් දෙමාපියෝ ඇත්නම්, එක් එක අයට වුවමනා අන්දමට තම දරුවන්ගේ රූප ගැනීම ඉඩ ලබා නොදීමට ඔබට අයිතියක් ඇත.

අවසානයේ කිව යුත්තේ දරුවන් රැක බලා ගැනීමේ වගකීම දෙමාපියන් මෙන්ම රජය සතු එකක්ද වන බවයි. මෙරට නීති වල ඇති හිල් වසා දමා දරුවන්ට ආරක්ෂාකාරී වටපිටාවක් බිහි කිරීමේ මුල් පියවර ගැනීම රජය සතු යුතුකම මෙන්ම වගකීම ද වන්නේය.

මේ සම්බන්ධ වෙනත් ලිපි

1.  ළමයින් අයිති පාස්ටර්ටය

2. ඉස්ලාම් ආගම දරුවන් මත බලෙන් පටවන්නකි

This entry was posted in ඉතිහාසය, ඉස්ලාම්, දේශපාලන, බෞද්ධ and tagged , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න