ඉරිදා ටියුෂන් තහනම සහ අවජාතකවාදි කිඹුල් කඳුලු

තමාගේ ළමයා දහම් පාසල් නොයවන බව බහි-රාමුවා පවසයි. අපට අසන්නට ඇත්තේ “ඉතින් අපට පාන්ද?” කියාය. බහි රාමුවාහේ ළමයා දහම් පාසල් යැවීම හෝ නොයැවීම ඔහුගේ වැඩකි. බෞද්ධයෙක් නොවන බෞද්ධයන්ය කෙනෙහිලි කම් කරන බහි-රාමුවාගේ ජාන ටිකක් හෝ ගෑවුණු එකෙක් පන්සල පැත්තේ නො එන තරමටම අප වඩාත් කැමතිය. සුපුරුදු පරිදි බහි රාමුවාට පන්දම් අල්ලන එහෙයියන් රැල, හා ඔහු විසින්ම දා ගන්න පිළිතුරුද ඇතුළුව, අවජාතකවාදී චින්තනය පතුරවයි.ඉන් පසුව බහි රාමුවා කර ගන්නේ හත් පොලේ ගා ගැනීමකි. ඉරිදා ටියුෂන් පන්ති තහනම දහම් පාසල් යාම අනිවාර්ය කර ගනීමකට ඔහු සම්මන කර ගනී. අපි මේ විප්‍රකාර කරුවා ගේ ලිපිය සමීපව විමසා බලමු.

බහි රාමුවාගේ තර්කය නම් ඉරිදා ටියුෂන් තහනම මිනිසුන්ගේ නිදහසට අත පෙවීමක් බවයි. ඔහු පවසන්නේ එය දෙමාපියන් හා ගුරුවරුන් අතර එකඟතාවයෙන් ඇති කර ගත යුතු බවකි. සමහර විට බහි රාමුවා සිතනුයේ එක් පන්තියකට පමිනෙන්නේ එක් සිසුවෙක් පමණක් බවයි. එක් පන්තියක මෙසේ ඉරිදා පන්ති ඒමට කැමති සිසුන් පිරිසක් හා අකැමැති සිසුන් පිරිසක් සිටීනම් එවිට කුමක් වෙයිද? මේ දෙකොටසට වෙන වෙනම පන්ති දෙකක් පවැත්වීමට තරම් ටියුෂන් ගුරුවරුන් කාරුණික වෙතෑයි සිතන්නේ නම් බහි රාමුවාට අමු කැවී තිබිය යුතුය. සත්‍ය තත්වය නම්, තම දරුවන් දහම් පාසලට යැවීමට අවශ්‍ය වන දෙමාපියන්ට ඉරිදා ටියුෂන් කෙළිය නිසා ඒ හැකියාව නැතිවීමයි. ඉරිදා නිවාඩු දිනයක් කළ විට තම දරුවා දහම් පාසල් යැවීමට අවශ්‍ය වන දෙමාපියන් එසේ කරනු ඇත. දහම් පාසලින් තම දරුවා නරක් වෙතැයි කියා හෝ දරුවන්ට නිවාඩු නැතැයි සිතා සිටින රැලට තම දරුවන් ගෙදර තබා ගත හැකිය. නමුත් මෙහි පිලිතුරු සපයන ලද සමහරුන් කියන්නේ නිවාඩු නැති නිසා ඉරිදා දහම් පාසල් යැවීම අනවශ්‍ය බවයි. නමුත් මේ ගොන් නාම්බාට, දරුවන් ඉරිදාට ටියුෂන් යන විට ඒ නිවාඩුව නැති වන බව වත්, ඉරිදාට ටියුෂන් තහනමෙන් එය වැලැක්වෙන බව වත් පෙනෙන්නේ නැත. මුන් කාරන්නේ බහි රාමුවාට රූකඩ මෙන් ඔලුව සැලීම පමණි.

මුස්ලිම්වරුන්ට පල්ලි යාමට අවශ්‍ය නිසා සිකුරාදා 12-2 අතරතුර කිසිම රජයේ විභාගයක් පැවත්වෙන්නේ නැත. ටියුෂන් පන්ති පටන් ගන්නේ 2.30ට බැවින් එයින් ටි‍යුෂන් වලට බාධාවක්ද නැත. ඉරිදා ටියුෂන් තහනමට විරුද්ධ වන බහිරාමුවා සිකුරාදා 12-2 කාලයේ රජයේ විභාග නොපැවැත්වීමට විරුද්ධ වන්නේ නැත. ඒ අතරම විභූති වැනි අය පවසන්නේ ඉරිදා ටියුෂන් තහනම් කරනවා නම් සිකුරාදාත් තහනම් කළ යුතු බවයි. ඉරිදා නිවාඩුව බෞද්ධ එකක් ද නොවේ. එය ක්‍රිස්තියානි එකකි. ඔවුන්ට ඉරිදා පල්ලි යාමට අවශ්‍ය නිසාත්, ලෝකය මැවීමේදී දෙවායන් වහන්සේ ඉරිදා නිවාඩු ගත් නිසාත්, ඉරිදා ඔවුන්ගේ නිවාඩුවක් කරගෙන ඇත. ප්‍රශ්නය වන්නේ නිවාඩු දෙන්නේ සිකුරාදා, සෙනසුරාදා හො ඉරිදා යන්න නොවේ. කවදා හෝ නිවාඩු දිනෙක ටියුෂන් තහනම් කර දහම් අධ්‍යාපනයට තම දරුවන් යොමු කිරීමට අවශ්‍ය දෙමාපියන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමය. ඒ දිනය සිකුරාදා ද, ඉරිදා ද එසේත් නැතිනම් බදාදා ද යන්න බෞද්ධයන්ට ප්‍රශ්නයක් නොවේ.

දරුවන් ඉගෙන ගන්නේ ආදර්ශයෙනි. එය ඇත්තය. නමුත් බහි රාමුවා වැනි අවජාතකවාදීන් දෙන ආදර්ශය කුමක්ද? තම ආගම, ජාතිය හා රට තුට්ටු දෙකට දැමීම කරන අන්දම දරුවන්ට පෙන්වා දීමය. රටේ සාරධර්ම වලට උපහාසයෙන් හා අපහාසයෙන් සිනාසෙන අන්දම හුරු කිරීමය. බහි රාමුවා සාර්ධර්ම ලෙස සිතන්නේ සමහර විට කොටි සොහොනකට ගොස් තම දරුවා දෙකට නැමී මල් වඩම් තබනු දැකීම විය හැකිය. තම රට වෙනුවෙන් ආදරයක් නැති දරුවකුගෙන් වෙන බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? සාමය, සංහිඳියාව බිහිවෙන්නට නම්, රටට ආදරය තිබිය යුතුය. සිංහල බෞද්ධ ලෙස කොටු කල සීමා බිඳින්නට යන බහි රාමුවා දෙමළ – හින්දු රාමුව බිඳීම ගැන කියන්නේ නැත. ඔහුට අනුව සිංහල බෞද්ධ අන‍න්‍යතාවය ජාතිවාදී / වර්ගවාදී එකකි. නමුත් දෙමළ වර්ගවාදය ඔවුන්ගේ අන‍යතාවයයි. මේ පසුගිය කාලය පුරාම ඔහු පෙන්වූ අවජාතකවාදයේ සැබෑ ස්වරූපයයි.

අවජාතකවාදයේ සීමා පවුරු අප දරුවන් වටා තනන්නට දැඩි උත්සාහයක් මේ රටේ ඇත. මොවුන් දිවිහිමියෙන් විරුද්ධ වන්නේ සිංහල – බෞද්ධ අනන්‍යතාවයටය. එය විනාශ කරන තුරු මොවුන්ට නින්ද යන්නේ නැත. මේ අවජාතකවාදීන්ගේ ක්‍රියාකාරකම් ගැන අප වඩාත් උනන්දුවෙන් පසු විය යුතුය.

Advertisements
This entry was posted in දේශපාලන, බෞද්ධ and tagged , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )