මිෂනාරි පදයට නටන උපැවිදි චරිත

උපැවිද්දන් යනු මහණ කමේ සිට සිවුර හැරලූ අයයි. ඇතම් ප්‍රදේශ වල “හීරලුවා” ලෙසද මේ පුද්ගලයන් හඳුන්වති. න්මුත් “හීරලුවා” ලෙස සර්පයෙක් ඇති නිසා මම උපන් පළාතේ (මහවැලි පිටාර නිම්නයේ) මේ නම භාවිතා වෙන්නේ අඩුවෙනි. බොහෝ උපැවිද්දන් උපැවිදි වන්නේ වයස 17 – 30 අතර කාලයේය. මහණ කමෙහි දැඩි විනය නීති දැරිය නොහැකි වන බව තේරුම් ගන්නා ඔවුහු සිවුරු හැර යති. සමහර තරුණ භික්ෂූන් වහන්සේලා පන්සලේ පිහිටෙන් සරසවි අතුළු වූ පසූ උපාධිය ලබා ගෙන සිවුරු හැර යති. ඔවුහු බොහෝ විට ගුරුවරුන් ලෙස ක්‍රියා කරණු දැකිය හැකිය.

උපැවිද්දන් අතර මෙතෙක් කලක් දැකිය හැකි වූ ලක්ෂණය වූයේ ඔවුන්ගේ තිබූ දැඩි ශික්ෂණයයි. ගිහියන් ලෙස වුවද අධ්‍යාපනික වශයෙන් සාර්ථක වීමට ඔවුන්ට හැකි වන්නේ එලෙසිනි. කලක් සමාජය හ එතරම් ගැටීමක් සිදු නොවන නිසා විවාහ ජීවිතයේදී නම් ඔවුන් යම් යම් ප්‍රශ්ණ වලට මුහුණ පාති. නමුත් මොවුන් කිසිවෙක් බුදු දහමට හෝ තමන් පැවිදිව සිටි කාලය ගැන හෝ නෝක්කඩු කීම නොකරති.

නමුත් 1990 දශකයේ සිට මේ උපැවිදි පිරිස ඉලක්ක කර ගන්නට මෙන්ම උපැවිදි වීමට බලා සිටින ස්වාමින් වහන්සේලා ඒ වෙත තල්ලු කිරීමේ ව්‍යාපාරයක් ඇරඹී ඇත. මා සරසවියේ ඉගෙන ගන්නා කාලයේදී නැවතී සිටියේ පන්සලකයි (මම පැවිද්දෙක් නොවෙමි). එකල එක මහතෙක් විසින් පන්සලට කාය වර්ධන කට්ටලයක් තෑගි කරන ලදී. දානය බොහෝ සේ ලැබුණු ඒ පන්සලේ ස්වාමීන් වහන්සේලා ට කිසිම ව්‍යයාමයක් නොවීය. උන් වහන්සේලා පිණ්ඩපාතය පවා වැඩියේ කලාතුරකිනි. එනිසා මේ කාය වර්ධන කට්ටලය හොඳ අදහසක් බව උන්වහසේලාගේ මතය විය. නේවාසිකාගර ලැබූ පසු මම පන්සලෙන් පිටවී ගියෙමි. නැවත පන්සලට මා පැමිණියේ අවුරුද්දකින් පමණ කල් ගතවීය. පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ එවිට කීවේ එක්තර භික්ෂූන් වහන්සේලා දෙනමක් තරුණියන් හා සැඟව ගිය කතාවකි. මේ දෙදෙනා නිතරම කායවර්ධන ව්‍යායාම වල නියුතු වූ අතර ඔවුහු වසරක් ගතවන විට බොහෝ කඩවසම් බවට පත්වී සිටියහ. පසුව මා මිත්‍ර වෛද්‍ය ශිෂ්‍යයකු මට කියා සිටියේ උක්ත මහතා එක්තරා මිෂනාරි සභාවක ක්‍රියාකාරී සාමාජිකයෙක් බවයි. ඔහු විසින් සංවිධානය කරන ලද කඳවුරකට මා මිත්‍රයා සහභාගී වී තිබිණි. මේ අනුව කාය වර්ධන කට්ටලයේ දහස කුමක්දැයි පැහැදිලි වනු ඇත.

මෙයට අමතරව උපැවිදි වන භික්ෂූන් ඒ සඳහා යොමු කිරීමට කාන්තාවන්ද යොදා ගනී. මේ සුන්දර ලලනාවන්ට වහ වැටෙන සමහර භික්ෂූන් අවසානයේ තරුණියත්, පැවිදිකමත්, ගිහිකමත් නොමැතිව නන්නත්තාර වී යති. ඇතැම් විට යහමින් මුදල් ගෙවා සඟ සසුනේ හා බුද්ධාගමේ වැරදි පතුරා ලීමට මොවුන් යොදා ගැනීමද ජයටම සිදු විය. වසර 2000 පමණ වනවිට තත්වය සෑහෙන දරුණු වී තිබිණ. මා හදුනන උපැවිද්දන් දහයකට වැඩි ගණනක් වෙනත් ආගම් වැලඳගෙන තිබුණු අතර එයට හේතු වූයේ ඔවුන්ගේ පෙම්වතියන්ය. ඔවුන් ජයටම එම ආගම් ප්‍රචාරයේ යෙදී සිටියහ.

දැන් දැන් බ්ලොග් අවකාශයටද මේ නින්දිතයන් පැමිණ සිටිති. ඇත්තෙන්ම මෙවන් නින්දිත උපැවිද්දන් බුදු සසුනට කරන හානිය අති මහත්ය. මොහු තරිඳු යන නාමයෙන් පෙනී සිටින අතර සුදත්ත නමින් පැවිදි වී සිටි බව කියයි. (මේ නම් ගල් පැලෙන බොරුක් වීමට බොහෝ ඉඩ ඇත). මොහු විසින් පවත්ව ගෙන යන “අච්චාරු” බ්ලොගය තුලම දිස්වන්නේ එවන් මිෂනාරී ග්‍රහණයට හසු වූ උපැවිද්දකුගේ භූමිකාවයි. ශ්‍රී ලාංකික මහ තෙර නමකර අපහාසාත්මකව බැණවදින විට මොහු කරන්නේ ඒ “පිනට අනුමෝදන්” වීමයි. ඔහු විසින් ලියන ලද සුදත්ත සාදුගේ දිනපොතෙන් නම් ලිපි පෙළ පුරාවටම ඔහු පාවිච්චි කරන භාෂා විලාශය පවා අපහාසාත්මකය. ඔහු ප්‍රධාන ස්වාමීන් වහන්සේ හන්දුන්වන්නේ “එයා”, “මෑන්” ආදී ලෙසය. සිය සහෝදර හිමි නමක් හඳුනවන්නේ “පෝරිසාදයා”, “උන්දෑ” හැටියටය.  මේ බොහෝ  භික්ෂූන් සමලිංගිකයන් බව පෙන්වන්නටද ඔහු උත්සාහ කරයි. ඉන්පසුව බ්ලොග් අවකාශය පුරාම ඇති බුදුදම විවේචනය කරන ලිපි වලට පණ්ඩිතමානී බවක් පෙන්වමින්, බුදු දහම විවේචනය වන පරිදි පිළිතුරුද සපයයි.

තරිඳු, අපි ඔබ දෙස බලා සිටිමු. ඔබ සිවුරෙන් අයින් වුනා නොව පැන්නුවා යයි මට සිතේ. ඒ තරහ ඔබ පිරිමසා ගන්නට හදනවා විය යුතුය. ඔබේ නම කුමක් වුවත්, ඔබ දුන් විස්තර අනුව ඔබ සොයා ගැන්ම එතරම් අපහසු නැත. ඔබ සිවුරෙන් පන්නා දැමූ කාරණය එවිට හෙළි කළ හැකි වනු ඇත. මිෂනාරීන් විසින් දෙන ලද ශිෂ්‍යත්වයකට හෝ සැප බඩුවකගේ පහසට ගිජු වී බුදු දහම විවේචනය කරන නින්දිත උපැවිද්දන් ගොඩට ඔබ නොවැටෙනු ඇතයි පතමු.

Advertisements
This entry was posted in බෞද්ධ, මිෂනාරී and tagged , , . Bookmark the permalink.

One Response to මිෂනාරි පදයට නටන උපැවිදි චරිත

  1. පින්ග්කිරීම: ළමා අපචාර මඩිමු! | Let’s stop child abuse! | mahakalusinhalaya (මාරා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )