ලෝකය මැව්වේ අල්ලාද? අබු අර්ශද්ට පිළිතුරු | Did Allah create the universe? Answers for Abu Arshad

අබු අර්ශද් ගොයියා ආයෙත් ලියමනක් දාලා. අබු අර්ශද් රාළ ලියන ඒවට උත්තර දෙන එක හොඳ දෙයක් වුණත්, අර්ශද් වැඩිහරියක් කියන්නෙ බොරු නිසා ලොකු ප්‍රශනයක් මතු වෙනව. මෙදා පාර අර්ශද් ලියපු “ලෝකය මැව්වේ අල්ලාහ්ද? මහා බ්‍රහ්මයාද?” කියන ලියුම ගැනයි මේ පාර කතාව. හැබයි මේ ලිපියේ මාතෘකවෙන් යෙහෝවඃ අත ඇරල තියෙන්නේ අමතක වෙලාද, එහෙම නැත්නම් කට්ට කමටද කියන එක හොයා ගන්න වටින දෙයක්. මාතෘකාවේ සැකයේ වාසිය අපි අර්ශද්ට දීල අර්ශද්ගෙ ලියුමේ අනා ගැනීම් ගැන බලමු.

අර්ශද් තමන්ගේ ලිපි වලින් දේව වාදය ඇත්තා බව පෙන්නන්න නොයෙක් උත්සාහ අරන් තියෙනවා. ඒවා ගනත් රාළට යම් යම් ප්‍රශ්න නැතුවා නොවෙයි. ඒත් රාල “ඉස්ලාමිකයන්ට ප්‍රශ්න දෙකක්” කියන ලිපිය පටන් ගන්නේන්ම දේව වාදය ඇත්ත බව අපි මදකට පිළිගනිමු කියල. ඒ හින්දා අර්ශද් උන්නැහේ ලිපි ගොඩක් සබැඳුම් දාල කරල තියෙන්නේ නිකම් අහසට වෙඩි තියල උණ්ඩ නාස්ති කරනව, එහෙම නත්නම් “සරමේ ගියා” වගේ සිද්ධියක්. ඉන් පස්සේ අර්ශද් උන්නැහේ කරන්නේ “ඒ මේ රාලට මතු වූ ගැටළුව ශ්‍රී ලාංකීය සැලකිය යුතු තරම් බෞද්ධයන් හට තිබෙන පොදු ගැටළුවක් වන නිසාය” කියල සාමාන්‍යකරණයක් කරන එක. අර්ශද් උන්නැහේ, ඔබතුමා කොහොමද බෞද්ධයන්ට තියෙන ගැටළු ගැන දන්නේ? එහෙම දැන ගත්තත් ඔබතුමා කොහොමද මගේ ගැටළුවත් ඒක බව දන ගන්නේ? අල්ලාගේ බලයෙන් ඔබතුමාට අනුන්ගේ හිත් කියවන්න එහෙම පුළුවන් උණාද? (ඒ කියන්නේ “ප්‍රොපට්” කෙනෙක් . . . ඊක්! වැඩේ කනවා නේද එහෙම වුනොත්?). ඒ වගේම ඔබතුමා මම බෞද්ධයෙක්ය කියල වරදියට උපකල්පනය කරල, බුද්ධාගමට පාර ගහල ළදරු ආතල් එකක් ගන්න හදන්නේ. මුව හමට තඩි බානව කියන්නේ ඕකටයි. අනික මහත්තයෝ බුද්ධ පුත්‍රයෝ කියන්නේ ගිහි වෙච්ච අපිට නෙවෙයි, හාමුදුරුවරුන්ට. ඒ නිසා වචනයක් පාවිච්චි කරනවා නම් ඒකේ තේරුම දැනන් පාවිච්චි කළා නම් තමයි හොඳ.

අබු අර්ශද් උන්නැහේ ගරිල්ලා ගේම් වලට හරිම ආසයි. උන්නැහේ “නමුත් මෙහි ඉහතින් මතු කරන ගැටළුවේ මූලික හරය දෙවියන් සිටිනවාද? ඔවුන් මනුෂ්‍යයන්ට වඩා සුවිශේෂි කොට්ඨාශයක්ද? යන්නයි” කියල ගහන්නේ ගරිල්ලා ගේමක්. මම අහපු ප්‍රශ්න දෙකෙන් කියවෙන්නේ බුද්ධාගමේ එන “දේව” සංකල්පය නොවෙන බව, මොලය අලුක්කාලක් තියෙනෙ කෙනෙට තේරෙනවා. මොකද අල්ලා, බ්‍රහ්ම සහ යෙහෝවා කියන්නේ සර්වබලධාරී දේව සංකල්පය මිසක්, බුද්ධාගමේ එන දේව නම් ජීවී කොටස ගන සංකල්පය නොවෙන බව තේරුම් ගන්න හරිම ලේසියි. මොකද “බෞද්ධ” දෙවිවරු මවුම් කරුවන් නොවෙයි.රාළගේ ප්‍රශ්න පටන් ගන්නේ මැවීමක් ගැන සඳහනකින්. අර්ශද් මෙහෙම ගරිල්ලා ගේමක් ගහන්නේ ඇයි? මොකද මම අහපු ප්‍රශ්නෙට අර්ශද්ට උත්තර නෑ. ඒ නිසා අර්ශද්ම වෙනම ප්‍රශ්නයක් හදලා උන්නැහේම ඒකට උත්තරත් දෙනවා. ඔය වගේ ගොන් පාට් අරාබියට හොඳ වුණාට මෙහෙට නම් ගැලපෙන්නේ නෑ. බුද්ධ චරිතයේ කොටසකින් පාඨයක් ගන්න අර්ශද් අපෙන් අහන්නේ “බුදුන් වහන්සේ පරිණිර්වාණයට මොහොතකට පෙර සිදුවුවා යයි පැවසෙන ඉහත සිදුවීම තුල දේව සංකල්පය පිලිඹිබු වනවා නොවේද?” කියල. අපොයි නෑ මහත්තයෝ. ඔය පාඨයේ අකුරක්වත් නෑ මැවුම්වාදයක් එහෙම නෑත්නම් සර්වබලධාරී දෙවියෙක් ඉන්න බව සනාථ කරල. මම අභියෝග කරනව පුළුවන්නම් පෙන්නන්න කියල. ජාතක කතා බෞද්ධ ධර්මය හැටියට පටලවා ගන්න අර්ශද් ඊලඟට උම්මග්ග ජාතකයේ එන කොටසක් දීර්ඝ සූත්‍රයකින් කොටසක් කියල බොරුවට කියනව. මේ බොරු වලින් අර්ශද් මුස්ලිම් අයව රැවටුවාට, බෞද්ධයන්ව රවටන්න අමාරු වෙයි. මොකද බෞද්ධයන් ජාතක පොත මොකද්ද, ත්‍රිපිටකය මොකද්ද කියල දන්න නිසා, ඒ හින්ද සර්වබලධාරියෙක් ගැන පෙන්නන්න ත්‍රිපිටකය කියල වල්ගේ පාගගෙන අර්ශද් උපුටන්නේ උමංදාව! ඔන්න බලන්න මිත්‍රනේ හම්බයාගේ බොරු විදිල්ල!

ඊට පස්සේ මැවීම කළේ එක දෙවියයි කියන්න අර්ශද් අරගන්නේ කුරාණය. ඒකෙන් කෑල්ලක් කියල පෙන්නනවා “මේන් බලපල්ලා, අල්ලා විතරයි පොර” කියල. හැබැයි මහත්තයෝ කිතුණුවෙක්ගෙන්ම ඕක ඇහුවොත් එයා බයිබලය පෙන්නල කියයි මේක තමයි හරි අනික්වා හරි නෑ කියල. අපට කුරාණය කියන්නේ හරිම පොත කියල පෙන්නන්න සාක්කියක් දෙන්න. හැබැයි සමහර විට අපි ක්‍රිස්තියානි කෙනෙක්ටත් ඔබතුමාගේ උත්තරේ බලන්න සලස්වනවා. අල්ලා ලියපු කුරාණය අරගෙන අල්ලා තමයි ලොක්කා කියල පෙන්නන එක විහිළුවක් මහත්තයෝ. පුළුවන් නම් අල්ලා ශ්‍රේෂ්ටයි කියල කුරාණයෙන් හෝ හැඩිත් නොවෙන තැනකින් පෙන්නල දෙන්නකෝ බලන්න. හැබැයි ඒවා ඉස්ලාමයට කත් අදින ඉස්ලාමිකයන් ලිඅය්පු පොත් නොවෙන්න ඕන. නැත්නම් ඒක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් වෙයි. අර්ශද් දන්නවා වුණාට නොකියන ඇත්ත තමයි, අර්ශද් ඒක දේව වාදය (මැවුම් වාදය ) සනාථ කරන්න ගෙනාපු හම කාරණයක්ම ඊටත් වඩා හොඳින් බහු දේව වාදය සනාථ කරන්න පාවිච්චි කරන්න පුළුවන් වීම. ඒ නිසා අර්ශද් මේ පර්ශන්යේදී “දැවැන්ත ව්‍යර්ථ වීමක් (massive failure)” කියල තමයි කියන්න වෙන්නේ.

“රාල, රවා, සිද්දීක්, ඇටමැස්සා….. යනාදී නම්වලින් පෙනී සිටින එකම පුද්ගලයාය” කියල ඊලඟට අර්ශද් උත්සාහ කරන්නේ මඩක් ගහන්න. ඇට මැස්සා සහ රවා කියන දෙන්නාගේ දේශපාලන දර්ශනය, දෙශපාලනය දිහා උදාසීන විදියට බලන රාළ එක්ක මුහු කරලා අර්ශද් කරන්න හදන්නේ ලෝක විහිළුවක්. අර කලින් විදියටම, තර්කනයෙන් වාදය ගෙන යන්න කරුණු නැති වෙලා පරාජයෙන් වියරු වටුණාම මිනිස්සු කරන්නේ මේ වගේ දේවල්. ඔය අතරෙම අර්ශද් කියනවා රාළගේ අඩවියේ ලිපිනය දෙන්නේ නත්තේ ඒකෙන් රාළගේ අඩවිය ප්‍රසිද්ධ වෙන එක වළක්වන්නලු! මේක අර්ශද්ගේ තවත් දවල් හීනයක්. අලෙක්සා අඩවියට ගිහින් අඩවියට ආපු අය ගණන බලුවම පේන දෙයක් තමයි මුළු වෙබ් අවකාශයේම අඩවි අතරින් යහමග අඩවිය ඉන්නෙ මිලියන දෙවනි ස්ථාන්යටත් පහළින් කියල. රාලගේ අඩවිය ඉන්නේ මිලියන වෙනි ස්ථානයට. පෙරමුණේ රාලගේ අඩවිය අර්ශද්ගේ යහමගට වඩා ස්ථාන මිලියනයක් ඉදිරියෙන් ඉන්දද්දී, අර්දද්ගේ අඩවියෙන් රාළගේ අඩවියට හිට්ස් එන එක ගැන කතා කිරීම තවත් විහිළුවක්.

තවමත් පේන කාරණය තමයි අර්ශද් රාළගේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න සමත් වෙලා නැති බව. අරශද් හිතින් මවා ගත්තු ප්‍රශ්න වලට දෙන උත්තර වලින් රාළගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නෑ. ඒක දේව වාදය ඇත්ත බව ඔප්පු කරන්න අර්ශද් තවමත් සමත් වෙලා නෑ. අර්ශද් උත්සාහ කරලා මැවුම් වාදය ඔප්පු කළත් ඒකෙන් ඒකදේව වාදය ඔප්පු වෙන්නේ නැති බව මේක කියවන අපේ මිත්‍රයන්ට වැටහෙන්න ඇති කියල රාළ හිතනව. නමුත් අර්ශද්ට මේක වටහෙන එකක් නෑ. තේරුම් ගියත් නොතේරුණු ගානට ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙනම් මෙන්න තවත් අර්ශද් නා ගැනීමක අවසානය!

Advertisements
This entry was posted in ඉස්ලාම් and tagged , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )