ටැබූ හෙළි කිරීම – Taboosubjects කොයිබටද? | Exposing Taboosubjects – Where is Taboo heading?

කලෙකට ඉහත දී මිගාර නමින් බ්ලොග් කරුවෙක් වීය. “පන්හිඳ සමග” ඔහු විසින් ලියන ලද දෙශපාලන බ්ලොගයකි. වෘත්තියෙන් වෙදැදුරෙක් වූ හෙතෙම කවියෙක් හා ගීත රසිකයෙක් ද වූ බව ඔහුගේ වෙනත් අඩවි දෙස බලන විට පෙනී යයි. ටැබූ විසින් දෙසා ප්‍රජාතන්ත්‍රවාදය ඔහුම විසින් කඩ කරමින් නිහඬ කරවූ “පන්හිඳ සමග” බ්ලොගයේ ටැබූ මතවාදීමය ලෙස කපෝති වී ගිය ආකාරය දක්වමින් අපි මේ ලිපි පෙළ ගෙන එමු. බයෙන්ද ප්‍රේමේ ද කුජීත කර දැමූ ලිපි කීපයක් වෙතත් ඔහු ගැන විවේචනයකට අප තවම සූදානම් නැත. මේ ලිපි පිටපත් කිරීමට අවසරය දී බ්ලොග් අඩවිය නැවත් විවෘත කල මිගාරට අපේ තුති.

පළ වූ දිනය: 23 – 05 – 2009

මෙවරත් මගේ විමර්ශනයට ලක්වන්නේ Taboosubjects ය. ඒ පිළිතුරු වාරණයත් බේගල් ඇදබෑමත්, ජාතික කොඩියට අපහාස කිරීමත් යන කරුණු ගැන සාකච්ඡා කරන්නටය.

පසුගිය ලිපියේදී ත් හෙතෙම තමන්ට උත්තර දීමට නොහැකි පිළිතුරු කපා දමා ඇති බවට මම චෝදනා කළෙමි. ධනික විසින් එම චෝදනාව බොරුවක් නොවන බව පෙන්වා දුන්නේය. පිළිතුරු කැපීමේ Taboo ගේ දීන ගතිය මෙවර ඔහුගේ වචන වලින්ම දක්වා ඇත.

“ප්‍රථමයෙන්ම, ඔබේ කමෙන්ට් එකේ අදාළ නැති කොටස් ඉවත් කර ඇත.”

එසේ කියන මොහු මාතෘකාවය අදාල නැති, එනමුත් ඔහුගේ පල් වූ දේශපාලන දර්ශනයට අනුගත, ඇතැම් ප්‍රතිචාර ගැන දක්වන්නේ පුදුමාකාර උදාසීන භාවයකි.

Taboo ගේ තවත් නිර්ලජ්ජිත ක්‍රියාවක් නම් දමන ලද ප්රිතිචාර moderation අවස්ථාවේ තිබෙන්නට හැර, මාතෘකාව යට ගිය පසු පළ කිරීමයි. එවිට ඔහු “නෝන්ඩි” වී ඇති අවස්ථා අනෙක් අයට ඇස ගැසීම අඩු වන බැවිනි. මම පහත පළ කරනුයේ එලෙස උපුටා ගත් screen capture එකකි. මෙහි මා හට පහළින් ලියූ පිළිතුරු දෙකම ඔහු විසින් බලා පළ කරන ලද මුත් මා විසින් දමන ලද ප්‍රතිචාරය moderation අව්සථාවේ ම තිබෙන්නට දී ඇත. එය මට දර්ශනය වුවත් අනෙක් අයට දර්ශනය නොවේ. මේ නොකෑ යුතු අවුරුද්ද | The New Year that shouldn’t be නම් ලිපියෙන් කළ උපුටනයකි.

Taboosubjects ගේ තවත් අශික්ෂිත දුර්වලකමක් වනුයේ තමන්ට උතතර දෙනනට බැරි ප්‍රශ්න වලට උත්තර නොදී මඟහැර යාමය. ඉහත දැක් වූ මේ නොකෑ යුතු අවුරුද්ද | The New Year that shouldn’t be නම් ලිපියේ දී හෙතෙම මෙසේ සඳහන් කරයි.

“ලේඛකයාගේ මතකයට නැඟෙන්නේ The Pianist චිත්‍රපටය යි. කථා නායකයාගේ පවුල වෝසෝ ගෙටෝවට (http://en.wikipedia.org/wiki/Warsaw_ghetto) දක්කාගෙන යන දර්ශන පෙළ සිහියට නඟා ගන්න. ගෙටෝව තුළ ඔවුනට ගෙවනට සිදුවූ කටුක ජීවිතය සිහියට නඟා ගන්න. බඩ සයින් පෙළෙන මිනිසුන් හා ගැහැණුන් තමන් අතරම වන දුබලයකුගෙන් ආහාර සොරා ගන්නා යුරු මතක් කර ගන්න. මේ අද පුතුක්කුඩුයිරිප්පුවය. එය දකුණු ආසියාතික ගෙටෝවකි”

නමුත් මේ ලේඛකයා විසින් එය ඔප්පු කර පෙන්වන මෙන් කළ අභියෝගයට හෙතෙම ගොළුවී ඇත.

“මේ බ්ලොග්කරුවා නාසි කඳවුරු දැක නැති බව පෙනේ. නැත්නම් ඒ පිළිබද කියවා නැත (”වෘකයන් අතර” පොත කියවීම නිර්දේශ කරමි). සුබසාධන කඳවුරකට පය තබා හෝ නොමැත. නැත්නම් දේශපාලන කුහකකම විය යුතුය. සුබසාධන කදවුරු වල සේවයේ යෙදි සිටින මා මිත්‍ර වෛද්‍යවරු පවසන අන්දමට රෝගී වූවන් හැර මන්ද පෝෂණයෙන් පෙළෙන කිසිවෙක් එහි නොමැත. (සිංහලයන්ගේ නරුම කම මනාව විදහා පෙන්වන සාධකයක් වනුයේ උක්ත කදවුරුවල සේවයෙහි යෙදෙන වෛද්‍යවරු 25 දෙනාම සිංහලයන් වීම තුළිනි) බ්ලොග්කරුවා මහත් දුකින් පවසන්නා වූ පරිදි බඩසයින් පෙළෙන මිනිසුන් හා ගැහැණුන් තමන් අතරම වන දුබලයකුගෙන් ආහාර සොරා ගන්නා යුරු ඔහුගේම ගෙටෝ ෆැන්ටසිය තුළම දකින්නාවූ හිරිකිත සිහිනයක්ම පමණි.”

ඉන් පසුව දෙමළ ජනයා කඳවුරු වල සිරවී සිටිද්දී සිංහලයන් අවුරුද්ද සමරතැයි හෙතෙම චෝදනා කරයි.

“මෙවර සිංහල අවුරුද්ද උදාවන්නේ අන් කවරදාකටත් වඩා ශෝක ජනක අවස්ථාවකය.”

නමුත් මේ ලේඛකයා විසින් අසන ලද මෙම ප්‍රශ්නයට පිලිතුරු දීම Taboo විසින් අද දක්වාත් සිදුකර නොමැත. “සිංහල කොල්ලන් උතුරේ යුද බිමේ මිය යද්දී, දෙමළ ජනතාව අවුරුද්ද නොසමරා සිටියාද යන්න ගැනත් taboo දැඩි නිහඩතාවයක් රකී”

මෙලෙස අසන ලද ප්‍රශ්න වලට උත්තර දීම මඟහැර, එරෙන අවස්ථාවක් හමු වූ විට මේ අයුරින් කියමින් ප්‍රශ්නයෙන් පැන යයි. (ලිපිය – නලින් ද සිල්වා බුදුසමයට අවමන් කරයි | Nalin De Silva insults Buddhism).

“ඔබේ ප්‍රතිචාර වලට මීට පසු පිළිතුරු බලාපොරොත්තු නොවන්න. ඔබට කැමති මඟුලක් කියා ගත හැකිය. ඒ ගොන් කතා වලට පිළිතුරු දීමට කාලය නාස්ති කරනවාට වඩා මට කරන්නට දේවල් තිබේ.”

“ඔබ වැනි බුද්ධි හීනයනට පිළිතුරු දී ඵලක් නැත. ගොනුන් තපුල්ලන විට මා සාමාන්‍යයෙන් කරන්නේ ඔහේ තපුල්ලන්නට ඉඩදී බලාගෙන සිටීමය.
මේ වෙලාවේ කතා කරන්නට නලින් ද සිල්වා ට වඩා වැදගත් මාතෘකා ඇති නිසා මම ඉඩ ලද විටෙක තිස්සට පිළිතුරු දෙමි.”

එහෙත් මොහු තවමත් තිස්සට පිළිතුරු දී නැත.

දැන් දෙවන කරුණ වෙත යොමු වෙමු. සිය දේශපාලන විරුද්ධ වන්නන් ගේ දිව දැලි පිහියෙන් ඇද කැපීම කරමින්, Taboo මහාචාර්ය නලීන් ද සිල්වා අන්තර්ජාතිකව පිළිගත් කිසිවක් කර නැතැයි පවසයි. ඒ තමන්ගේ ගණිතය පිළිබඳ දැනුම ගැනද පාරම් බාමිනි. Taboo ගේ ගණිත දැනුම මහැදුරු සිල්වා ඉදිරියේ හිරු දුටු කදෝපැණියකුට සම බව අප දනිමු. මන්ද වයසේ හැටියට Taboo තවමත් උපාධිධරයෙක් පමණක්ම බැවිණි.

“ඔබ නොදන්නවා නම් දැන ගන්න. නලින් ද සිල්වා විසින් අන්තර්ජාතික පිළිගැනීමකට ලක්වූ කිසිම නිබන්ධනයක් කර නැත. ඒ ඔහුගේ ගෝලයින් කරන බොරු පිම්බීම් විතරය”

“මා ඔහු ගැන ඇත්ත ඔහුට වෙනස් කරන්නට බැරි මෙතැන ලියන්නේ එනිසාය. නලින් ද සිල්වා කර ඇති නැති දේවල් ගැන මට අවබෝධයක් ඇත”

“ගණිතය නොදන්නා ඔබ වැන්නන්ට මැජික් වූවාට ගණිතය දන්නා අයට නලින් ද සිල්වා කියන්නේ කොයි තරම් බොරු කාරයකුදැයි වටහා ගත හැකිය. එහෙත් අපොස සාමාන්යි පෙළ දක්වා පමණක් ගණිතය උගත්තෝ මේ පල්හොරාට රැවටෙති.”

“මා ඇත්ත කියන්නේ මට ඔප්පු කළ හැකි දේ ගැනය. නලින් ද සිල්වාට ගණිතඥයකු වශයෙන් කිසිම පිළිගැනීමක් නැති බවද, ඔහු තමා කළා යැයි මහ ඉහළින් කතා කරන දේ අළුත් දෙයක් නොව කොහෙන් හෝ අහුළාගත් යල් පැන ගිය මතවාද බවද මට ඔප්පු කළ හැකිය.”

නමුත් මහැදුරු සිල්වා ඉදිරිපත් කළ පහත නිබන්ධනයන් ගේ පිටපත් තිස්ස විසින් ඉදිරිපත් කිරීමත් සමගම Taboo විසින් ඇදබාන ලද ගජබින්න රොත්ත තතු-විති ඇතිව මොනවට ප්‍රදර්ශනය විය. මේ නිබන්ධනයන් සඳහන්ව ඇත්තේ හාර්වර්ඩ් – ස්මිත්සෝනියන් තාරකා විද්‍යා සංගමයේ (High Energy Astrophysics Division at the Harvard-Smithsonian Center for Astrophysics) වෙබ් අඩවියේ ය. එබැවින් එය වීකිපීඩියාවකැයි බැහැර කිරීමට Taboo ට නුපුළුවන. SpringerLink යනු සුප්‍රකට සඟරා ලිපි සෙවුම් යාන්ත්‍රණයක් වන අතර එයට ලියාපදිංචි වන සියළුම ලිපි අන්තර්ජාතික පිළිගැනීමක් ඇති ඒවා ය. නලීන් ද සිල්වා ගේ අන්තර්ජාතික මට්ටමේ නිබන්ධන පහත දැක් වේ.

1. Quasars as images of Seyfert nuclei
2. On Gravitational-Lens Quasars
3. Induced rotational effects in relativity

මෙලෙස ගජබින්න ඇදබාන තවත් බ්ලොග්කරුවන් ඇත්නම් ඒ කිහිප දෙනෙකු පමණි. දැන් Taboo ගේ සැබෑ නිරුවත පෙනේ. නොදන්න දේ කීමට ගොස් ඔහු විසින්ම රෙද්ද ගලවා ගෙන ඇත.

දැන් අප තුන්වන කරුණට එමු. රටක ජාතික කොඩිය යනු පුරවැසියන්ගේ ගෞරවයට පාත්‍ර වන සංකේතයකි. Taboo විසින් නිර්ලජ්ජිත ලෙස තම හමගිය දේශපාලන කවරය වර්ණවත් කරගැන්මට විකෘති කරන ලද ජාතික කොඩිය යොදා ගනී. සිංහලයන් විසින් සුළු ජාතිය පාගා දමනු ඇතැයි යන ෆැන්ටසිය පාඨක සිත්තුළට එබ්බවීමට ඉහත විකෘත කළ කොඩිය හෙතෙම යොදා ගනී.

ඔහුගේ වාසනාවට ජාතික කොඩියට ගැරහීම අප රටේ දඬුවමට පාත්‍ර වන වරදක් නොවේ. නමුත් ඔවුන් කඩේ යන හා සිහින දකින ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර වන් එක්සත් ජනපදයේ ජාතික කොඩියට අපහාස කිරීම වන ආකාරය හා ඊට ලැබෙන දඬුවම් ගැන මෙසේ කියැවෙයි.

“United States Code Title 4 Chapter 1 — The Flag”

ඒ අනුව ජාතික කොඩියේ වර්ණ වෙනස් කිරීම හෝ විකෘති කිරීම එයට කරන අපහාසයකි (Desecration). ජාතික කොඩියෙන් පෙන්වන්නේ ජීවමාන රටක, ජාතියක අභිමානයයි. තමන් ඉපදී, හැදී වැඩී. එහි ම වූ මිනිසුන් ගේ දහඩියෙන් ඉපැයූ මුදලින් ඉගෙන ගෙන, රණ විරුවන් ගේ ලේ මතින් ආරක්ෂා වී, එයට අපහාස කිරීම මහා අපරාධයකි. නමුත් පචබාහු (වික්‍රමබාහු) වැනි දේශද්‍රෝහීන් ගුරු කොට ගන්නා Taboo වැන්නවුන් ජාතික කොඩියේ පැහැරීම වුවද කරනු නියතය. සාමාන්‍ය ජීවිතයේ දී ඇති හීනමානය වසා ගන්නට බ්ලොග් හරහා පොරත්වයක් ආරූඪ කරගන්නට තතනන මොවුන් වැන්නවුන් තම මව වුවද ඒ වෙනුවෙන් විකිණීමට සූදානම් වනු ඇත.

Taboosubjects වෙත කිව යුත්තේ මෙයයි. දැන් කැරැට්ටුව එළි වී ඇත. කළ වැරදි වලට දැන්වත් සමාව ගෙන රටට වැඩදායක යමක් පළ කිරීම කළ හැකිය. එය පශ්චාත් යුද සමයේ අප රට දියුණුව කරා ගෙන යාමට ඉවහල් වනු ඇත.

(ටැබූගේ අදාල ලිපි වලට Cache සම්බන්ධයන් එක් කර ඇත.)

Advertisements
This entry was posted in දේශපාලන and tagged , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )