ටැබූ හෙළි කිරීම – දෙමළ ජනයාට සිදු වන අසාධාරණකම් | Exposing Taboo – “Historic” grievances of Tamils

ටැබූ ගේ හැක් වීම ගැන තවමත් කඳුලු සලන අය සිටිති. ටැබූ ගේ මතවාද ජය ගන්නට නොහැකිව ටැබූ හැක් කරනු ලැබුවේයයි කට මැත දොඩන සැමට, ටැබූ මතවාදීමය තලයේ ලැබූ දරුණුතම පරාජය සහිත ලිපිය මෙසේ ගෙන එන්නෙමු. මේ ලිපිය ටැබූ විසින් රචිත පහත ලිපියේ සඳන් පිළිතුරක් අරබයාය. ටැබූගේ මූලික කරුණු දැක්වීම පහත පරිදි වේ.

මේ රටේ දෙමළුන්ට නැතිව සිංහලයන්ට ලැබී ඇති සුවිශේෂ වරප්‍රසාද මෙසේය. (ඔබ 25ක් අසා ඇති නිසා 25ක් දක්වමි.)
දේශපාලන බලය

1. තම ජාතියේ කෙනකු රටේ නායකයා කර ගැනීමට ඇති හැකියාව.
2. තම ජාතියට ඉතා විශාල බලයක් හිමි ඇමති මණ්ඩලයක් පත්කර ගැනීමේ ඇති හැකියාව.

රජය සමඟ ගනුදෙනු කිරීම:

3. ඕනෑම පහළ උසාවියක පවා තම මව් බසින් කෙළින්ම කටයුතු කර ගැනීමට ඇති හැකියාව. (දෙමළ පමණක් කතාකරන්නකු සාක්ෂ්‍ය දීමට පැමිණියද තම වියදමින් පරිවර්තකයකු රැගෙන ආයුතුය. දෙමළෙන් විනිශ්චයකාරවරයා ඇමතිය නොහැකිය.)
4. ඕනෑම රජයේ දෙපාර්තමේන්තුවක් සමඟ, ඕනෑම මට්ටමක නිලධරයකු සමඟ තම බසින් ගණුදෙනු කර ගැනීමට ඇති හැකියාව.
5. ඕනෑම ආදායම් බදු වාර්තාවක් තම බසින් ලබා ගැනීමේ හැකියාව.
6. රටේ ඕනෑම පොලීසියකින් තම බසින් කට උත්තරයක් සටහන් කරවා ගැනීමේ හැකියාව
7. ඕනෑම රජයේ ආයතනයක (උදා:දුම්රිය ස්ථානයක කියමු) හැම විටම තම බස ඉහළින්ම තබා ගැනීමේ හැකියාව. මෙය ඉන්දියාව හා සසඳන්න. තමිල්නාඩුවේ කිසිම දුම්රිය පළක දෙමළට වඩා හින්දියට තැන දී නැත.

සංවර්ධනය:

8. ‘සිංහල’ ඡන්ද මත යැපෙන ආණ්ඩු පත්කර ගැනීමට ඇති හැකියාව තුළින් ‘සිංහල’ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා වැඩි ප්‍රතිපාදන වෙන්කොට ගැනීමට ඇති හැකියාව.(ජනවාර්ගික අර්බූදයට එක් මූලික හේතුවක් වූයේ ‘සිංහල’ ආණ්ඩු විසින් සාම්ප්‍රදායිකව දෙමළ පළාත් සංවර්ධනය සඳහා අවම ප්‍රතිපාදන වෙන් කිරීමය.)

ආරක්ෂාව

9. රටේ ආරක්ෂක හමුදා 100% සිංහල වීමේ හේතුකොට ගෙන වඩා සුරක්ෂිතභාවයක් අපේක්ෂා කිරීමේ හැකියාව. (උදා: සුදු වෑන් එවා ඉස්සුවේ දෙමළුන්ය, සිංහලයන් නොවේ.)
10. දෙමළකු ජාතිවාදී වීම ‘ත්‍රස්තවාදියකු වීම’ සේ හංවඩු ගැසෙද්දී කිසිම ප්‍රශ්නයක් නැතිව ජාතිවාදී වීමට ඇති හැකියාව හා එය ජාතිකවාදය ලෙස නම්කොට ගැනීමේ ඇති හැකියාව. (තිස්සනායගම් ගේ මාධ්‍ය භාවිතයට බරපතළ වැඩ ඇතිව වසර විස්සක සිර දඬුවම් නියම වෙද්දී ඒ වරදම කරන චම්පික රණවක ඇමතිවරයකු වෙයි.)

අධ්‍යාපනික හා රැකියා අවස්ථා

11. වඩා හොඳ අධ්‍යාපන අවස්ථා (කොළඹ ජනප්‍රියතම පාසල් දහය අතුරින් දෙමළ මාධ්‍ය පන්ති ඇත්තේ රාජකීය විද්‍යාලයේ හා ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ පමණි.)
12. ජීවත්වන ප්‍රදේශය අනුව තම මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා සීමා නොවීම. (කිලිනොච්චියේද සිංහල පාසලක් ඇති කිරීමට කටයුතු කළ ‘සිංහල’ ආණ්ඩු සිංහල බහුතරයක් වෙසෙන බොහෝඅ පළාත්වල දෙමළ පාසල් ඇති කිරීමට කටයුතු කර නැත. ඒ නිසා දෙමළ සිසුන් දහස් ගණනක් මත අද සිංහල මාධ්‍ය අධ්‍යාපනයක් බලෙන් පටවා ඇත.)
13. කඩඉම් පරීක්ෂණයට සිංහල භාෂාව අනිවාර්යය කිරීම නිසා සිංහල අති බහුතරයක් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු වලට පත්කර ගැනීමට ඇති හැකියාව. (මෙය ජනගහණ ප්‍රතිශතයට වඩා ඉතා ඉහළය.)
14. රාජ්‍ය සේවයේ අති බහුතරය සිංහල වීම හේතුකොට ගෙන (ඥාති සංග්‍රහ හා ජාති-සංග්‍රහ මාර්ගයෙන්) සේවයේ උසස් වීම් දෙමළුන්ට වඩා ලෙහෙසියෙන් ලබා ගැනීමට ඇති හැකියාව.
15. යුද හමුදාවට බැඳීමේ හැකියාව
16. වඩා ලෙහෙසියෙන් පොලීසියට බැඳීමේ ඇති හැකියාව.(no screeing at all)

කල්තර හා ආගමික
17. තමන්ගේ කල්තරය ‘රටේ default කල්තරය’ කර ගැනීම ඇති හැකියාව. (උදා: අපේ රටේ බහුලව භාවිතාවන මුදල් නෝට්ටු අතුරින් දෙමළ කල්තරය නියෝජනය වන්නේ එක නෝට්ටුවකින් පමණකි. ඒද කඳුරට දෙමළ කල්තරයයි.)
18. තම ජාතියේ (‘මහා වංශ’) ඉතිහාසය රටේ default ඉතිහාසය කර ගැනීමේ හැකියාව.
19. තම ජාතියේ සංකේතය වන සිංහයා රටේ default සංකේතය කොට අනෙකුත් ජාතීන් මත පැටවීමට හැකිවීම.
20. තම ජාතියේ කොඩිය, ඉතා සුළු වෙනසක් කොට රටේ කොඩිය කර ගැනීමට ඇති හැකියාව.
21. තම බසින් ජාතික ගීය ගැයීමට ඇති හැකියාව.
22. තම බසින් රට නම් කර ගැනීමට ඇති හැකියාව. (මේ රට ‘ශ්‍රී ලංකා’ මිස ‘ඉලන්කෛ’ හෝ ‘ඊලාම්’ නොවේ.)
23. (බෞද්ධයින් හා හින්දූන් වශයෙන් සැලකූ කළ) බෞද්ධයින්ට වසරකට ආගමික නිවාඩු දින 15ක් හා හින්දූන්ට 2ක්.
24. තමන්ගේ ආගම රජය ලවා ආරක්ෂාකර ගැනීමේ සුවිශේෂ වරප්‍රසාදය
25. රටේ අනෙකුත් සුළුජාතීන් සහමුළින්ම අමතක කොට “මේ සිංහල අපගේ රටයි” යනුවෙන් කිසිම ලජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ කියා ගැනීමට ඇති හැකියාව.

මේ ලිපියට මිගාර පිළිතුරු දෙන්නේ පහත ආකාරයෙනුයි. මේ ලිපිය ලියවුණේ 2009 ඔක්තෝබර් මස 29 වැනිදාය.


ප්‍රථම වතාවට යමෙක් සිංහලයන්ට ඇති නමුත් දෙමළුන්ට නැති අයිතිවාසිකම් ගැන කතා කර තිබේ. ඒ අනුව මෙයින් සංවාදයක් අරඹීමෙන් වෙනස් මත ඇති අයට එකඟතා ලක්ෂ්‍යකට ඒමේ හැකියාව ගැන සතුටු විය යුතුය. නමුත් පරහකට ඇත්තේ මේ කාරණා ඉදිරිපත් කරන්නේ ටැබූ වීමයි. සාක්ෂි නොමැතිව බොරු කීම ගැන ඔහුට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයක් බව පන්හිඳ සමග අඩවියෙන් සහ රාමචන්ද්‍රගේ අඩවියෙන් පෙන්වා දී ඇත. ටැබූ පෙන්වා ඇති කරුණු සමහරක් එසේ වුවත් සංවාදයට ගත යුතුය. මන්ද ඒවා සංවාදයට ගැනීම තුළ වඩාත් සංවාදශීලී පාඨකයන් ගෙන හැර පාන්නා වූ කරුණු ඉතා වැදගත් බැවිණි. නමුත් ඔහු සුපුරුදු පරිදි ඔහු අඩවියේ මා දැක්වූ කරුණු වලට පිළිතුරු නොදී “ජාති වාදීන්ට මම පිළිතුරු දෙන්නේ නැතයි” මග හැර යයි. මේ ලිපිය උක්ත කාරණා සාකච්ඡා කිරීම උදෙසා ලියැවේ.

තම ජාතියේ කෙනකු රටේ නායකයා කර ගැනීමට ඇති හැකියාව

හැකියාව ඇතත් ඒ සඳහා සුදුසු නායකත්වයක් නැත. දෙමළ ජාතිවාදී දේශපාලනය කරපින්නාගෙන සිංහළුන්ගෙන් චන්ද ලබන්නට සිතීම හෙළ උරුමය දෙමළ ඡන්ද පැතීමට නොදෙවෙනි විහිලුවකි. දෙමළ ජනයාට වීමට නොහැකි වී ඇත්තේ රටේ ඡන්දයෙන් පත්වූ නායකයා වීම පමණි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මුල් නම කන්නසාමි නම් වේ. ඒ අනුව දෙමළ රජුන් ද සිංහලයන් පාලනය කර ඇති බව පැහැදිලිය. රටේ විපක්ෂනායක, අග විනිසුරු, නීති පති, විගණකාධිපති හා කුලපති පදවි යනාදී ඡන්දයෙන් පත් නොවන පදවි වලට ඇති තරම් දෙමළ ජනයා පත්වී ඇත. මේ අතරම තමිල්නාඩුවේ මහ ඇමති වූ දෙමළ නොවන පුද්ගලයකු හෝ යාපනයේ පුරපති වූ සිංහලයකු නම් කරන්නට ටැබූට ආරාධනා කර සිටිමි.

තවදුරටත් ලෝක දේශපාලන තත්වය සලකා බලන විට ප්‍රජාතන්ත්‍රවාදයේ බාරකරුවන් ලෙස සිටින එක්සත් ජනපදයේ ජනපතිවරුන් 44 දෙනාගෙන් එකදු හිස්පැනික ජනවර්ගයට අයත් ජනපතිවරයකු නැත. එරට හිස්පැනික ජනගහණය මුලු ජන ගහණයෙන් 14.5% පමණ වේ. බරක් ඔබාමා සුළු ජාතිකයකු බව පෙන්වමින් යමකුට තර්ක කළ හැකිය. නමුත් ඔහු අයත් වන්නේත බහුතර සංස්කෘතියේ කොටසකට මිස කළු ජාතික සංස්කෘතියට නොවේ. මෙයට සමාන උදාහරණය නම් කදිර්ගාමර බෞද්ධයකු බවට පත් වී චන්දය ඉල්ලීමට සමානය. තමා මුස්ලිම් ජාතිකයකු නොවන බව ඔප්පු කිරීමට බරක් ඔබාමා මහතාට මහත් වෙහෙසක් ගන්නට සිදු වූ අයුරු අපට මතකය. එබැවින් ඡන්දයෙන් පත් වන රටේ නායකයන් බොහෝ විට පත්වන්නේ මහ ජාතියෙන් බව පැහැදිලිය. ටැබූ වසා දමන්නට හදන්නේ මේ සත්‍යයි.

තම ජාතියට ඉතා විශාල බලයක් හිමි ඇමති මණ්ඩලයක් පත්කර ගැනීමේ ඇති හැකියාව

ටැබූ විසින් සිංහල ගෝත්‍රවාදී ලෙස පුන පුනා හංවඩු ගසනු ලැබූ ආණ්ඩුවේ මෙගා ඇමති මණ්ඩලයම ටැබූගේ කතාවට අතුල් පහරක් දෙයි. ඇමති වරු 105 දෙනගෙන් (ජනපතිද ඇතුලුව) සිංහලයන් සිටිනුයේ 75 කි. එනම් 71.42% කි. එය සිංහල ජන ප්‍රතිශතයටත් වඩා අඩුය. මුස්ලිම් ඇමතිවරු 15 (14.29%) සහ දෙමළ ඇමතිවරු 11 (10.48%) සිටිති. මේ සිංහල ජාතිවාදී ලෙස හංවඩු ගැසු ආණ්ඩුවක ඇමති මණඩලයයි. (සැ. යු. තිස්ස විතාරණ හා ඩිව් ගුණසේකර උපතින් සිංහලයන් නිසා සිංහල ලෙස වර්ග කළත්, ක්‍රියාවෙන් ඔවුන් සිංහල නොවෙති). ඉන්පසුව පාර්ලිමේන්තුව දෙසට හැරෙමූ. 2004 දත්ත අනුව (මියගිය මන්ත්‍රින් හා ඔවුන්ගේ ආදෙශක ගැන සඳහන් වීමට මේ දත්ත පරණ වැඩිය ), පාලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරු 33ක් ද, මුස්ලිම් මන්ත්‍රීවරු 24ක් ද සිටිති. ඒ අනුව ප්‍රතිශත අනුව 14.67% හා 10.67% කි. ඒ අනුව සුළුජාතික ප්‍රතිශතය 25.33% කි. මෙහිදී එ.ජා.ප. යේ සිංහල ලෙස වර්ග කල මංගල සමරවීර වැනි අයද සිංහල ගොඩටම දමා ගණනය කලේ ඔවුන් උපතින් පමණක් සිංහල බැවිනි. මේ අනුව මෙතරම් සුලු ජාතික බලයක් හිමි රටක් ඇත්නම් ඒ කලාතුරකිනි. එලෙස සුළු ජාතියට වැඩි බලතල දී ඇති රටක් පෙන්වන්නට ටැබූට ආරාධනා කර සිටිමි.

ඕනෑම පහළ උසාවියක පවා තම මව් බසින් කෙළින්ම කටයුතු කර ගැනීමට ඇති හැකියාව /  ඕනෑම රජයේ දෙපාර්තමේන්තුවක් සමඟ, ඕනෑම මට්ටමක නිලධරයකු සමඟ තම බසින් ගණුදෙනු කර ගැනීමට ඇති හැකියාව / රටේ ඕනෑම පොලීසියකින් තම බසින් කට උත්තරයක් සටහන් කරවා ගැනීමේ හැකියාව.

යාපනය අධිකරණයේදී තත්ත්වය මෙයට ප්‍රතිවිරුද්ධය. සිංහලෙන් කතා කරන පුද්ගලයකුට සිංහලෙන් සාක්කි / කට උත්තර දීමේදී ඉහත දුෂ්කරතාවය මතු වේ. එය සුළුතරය වීම නිසා ඇති වන ප්‍රශ්නයක් මිස දෙමළ වීම නිසා ඇති වන ප්‍රශ්නයක් නොවේ. එය සිංහලයාට වන අසාධාරණයක් ලෙස ටැබූට පෙනෙන්නේ නැත. එය ඕනෑම රටක හෝ ප්‍රදේශයක සුළුතරයට විඳින්නට සිදුවන අපහසුතානයකි. කළ යුත්තේ භාෂා පරිවර්තකයන් සැපයීමය.

ඕනෑම ආදායම් බදු වාර්තාවක් තම බසින් ලබා ගැනීමේ හැකියාව

මෙයට හැකියාව ඇත.

ඕනෑම රජයේ ආයතනයක හැම විටම තම බස ඉහළින්ම තබා ගැනීමේ හැකියාව

මාතර දුම්රිය පොළේ දෙමළෙන් දුම්රිය ස්ථානයේ නම සඳහන්ය. (කාල සටහන තිබේද නැත්ද යන්න ලේඛකයාට මතක නැත) නමුත් නව දිල්ලි දුම්රිය ස්ථානයේ නාම පුවරුව පහත දැක්වෙ. එහි හින්දියෙන්, ඉංග්‍රීසි හා උර්දු බසින් නම් සඳහන්ව ඇතත් දෙමළ අකුරකුදු නැත. අඩු ගණනේ මාතර දුම්රිය පොලේ දෙමළෙන් නම වත් සඳහන්ව ඇත.

තවදුරටත් පහත දැක්වෙනුයේ ටැබූ විසින් උඩ දමන ලද ඉන්දියාවේ රෝහල් වල නාම පුවරු කිහිපයකි. එය පසුව දැක්වෙන කරාපිටිය රෝහලේ පුවරු හා සසඳා බැලීම වටී.

ඉන්දියාවේ තමිල්නාඩුවෙන් පිට දෙමළ බසට තැන දි ඇති හැටි අපූරුය!

‘සිංහල’ ඡන්ද මත යැපෙන ආණ්ඩු පත්කර ගැනීමට ඇති හැකියාව තුළින් ‘සිංහල’ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා වැඩි ප්‍රතිපාදන වෙන්කොට ගැනීමට ඇති හැකියාව.

මෙය තඩි බොරුවකි. ලංකාවේ වඩාත්ද ඌණ සංවර්ධිත පළාත ඌව පළාත වන අතර එහි ඇත්තේ සිංහල බහුතරයකි.

රටේ ආරක්ෂක හමුදා 100% සිංහල වීමේ හේතුකොට ගෙන වඩා සුරක්ෂිතභාවයක් අපේක්ෂා කිරීමේ හැකියාව.

ගෝනි බිල්ලන් දමා ඉස්සුවේ සිංහලයන් මිස දෙමළුන් නොවේ. ටයර් වල පිච්චුනේ සිංහලයන් මිස දෙමළුන් නොවේ. පොලීසි වලින් එලව එලවා පහර දුන් සරසවි සිසුන් බහුතරයක් වූයේද සිංහලයන්ය. කඳුලු ගෑස් ප්‍රහාර කෑ බහුතරයද සිංහලයන්ය. මේ අතීතය අමතක වීමට තරම් ටැබු බබෙක් නොවේ. පැහැදිලිවම ඔහුට ඇත්තේ සිලෙක්ටිව් ඇම්නීසියාවයි. එනම්, පාඩු වන සිද්ධි මතක නැතිව වාගේ සිටීමයි.

දෙමළකු ජාතිවාදී වීම ‘ත්‍රස්තවාදියකු වීම’ සේ හංවඩු ගැසෙද්දී කිසිම ප්‍රශ්නයක් නැතිව ජාතිවාදී වීමට ඇති හැකියාව හා එය ජාතිකවාදය ලෙස නම්කොට ගැනීමේ ඇති හැකියාව.

චම්පික රණවක මිනිසුන් අමු අමුවේ පෙති ගසන සංවිධානයකට මුදලට ලියා නොමැත. අතදරුවන් මන්නා පහරින් දෙපලු කරන උන්ට සහය පළ කර නැත. බඩ දරු අම්මලා අත මිනිස් බෝම්බ එවීම සාධරණීකරනය කර නැත. ටැබූ චම්පික රණවක සමග ඇති පුද්ගලික තරහ මරහ පිරිමසා ගැනීමට හැම ලිපියකටම නම ඈඳා ගැනීම සිදු කරයි. දෙමළ බව ගැන කතා කිරීම “ජාතික අනන්‍යතාවකි”. සිංහල කම ගැන කතා කිරීම “ජාතිවාදයකි”. ටැබූ ගේ කියවීම එහෙමය.

වඩා හොඳ අධ්‍යාපන අවස්ථා ජීවත්වන ප්‍රදේශය අනුව තම මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා සීමා නොවීම.

කොළඹ හින්දු විද්‍යාලයේ හෝ යාපනයේ හාට්ලි විද්‍යාලයයේ එකදු සිංහල ශිෂ්‍යයකු නැත. වැඩි එකක් තබා යාපනය දිස්ත්‍රික්කයේ සිංහල පාසල් දැනට ඇත්තේ ද නැත. නුවර එළියේ ජනප්‍රිය දෙමළ පාසල් වලද සිංහල පන්ති නැත. කිලිනොච්චියේ සිංහල පාසලක් පසුගිය වසර 35තුල තිබී නැත. අනෙක් අතට දෙමළ මාධ්‍යයෙන්ම පමණක් උගන්වන පාසල් සඳහා සිංහල සිසුන්ට ඇතුලත් වීමට නොහැකි වීම ගැන ටැබූ මුනිවත රකී.

කඩඉම් පරීක්ෂණයට සිංහල භාෂාව අනිවාර්යය කිරීම නිසා සිංහල අති බහුතරයක් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු වලට පත්කර ගැනීමට ඇති හැකියාව.

සිංහල නිලධාරීන්ට දෙමළ භාෂාව සමත් වීම අනිවාර්ය වේ. මේ යොමුවෙන් දැක්වෙනුයේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන් සඳහා පැවැත්වූ කඩ ඉම් විභාගයේ ප්‍රතිඵල ය. සියලුම සිංහල සිසුන් දෙමළ භාෂාව සඳහා පෙනී සිට ඇති බව පැහිදිලිය. එනිසා අතේ රෝල් යවා පාඨකයා නොමග නොයවන මෙන් ඉල්ලා සිටිමි. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 1/3 ටත් වඩා දෙමළ වෙයි. මේ යොමුවෙන් දැක්වෙනුයේ වර්තමානයේ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සුදුසුකම් ලබන වෛද්‍ය වරුන්ගේ ප්‍රතිඵල ලේඛනයයි. ශල්‍ය වෛද්‍ය විද්‍යාව වැනි ඇතම් අංශ වල 25%-50% දක්වා දෙමල වෛද්‍යවරුන් ප්‍රමාණයක් අඩංගුය. එබැවින් ටැබු නැවතත් පවසන්නේ හිතළු ය. නැතිනම් දැන දැන බොරු කීම සිදු කරයි. ඔහුගේ ඉතිහාසයේ හැටියට එයට පුදුම විය යුතුද නැත.

රාජ්‍ය සේවයේ අති බහුතරය සිංහල වීම හේතුකොට ගෙන සේවයේ උසස් වීම් දෙමළුන්ට වඩා ලෙහෙසියෙන් ලබා ගැනීමට ඇති හැකියාව.

අවශ්‍ය දේශපාලඥයන් පසුපස යාම මිස ඥාති සංග්‍රහ නොවේ. ෆවුසි හා අෂ්රෆ් ඇමතිවරුන්ව සිටි අමාත්‍යංශවල හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ තොප්පි හා රැවුල් කරුවන් ගණන වැඩි වී ඇති අන්දම පහසුවෙන්ම බලා ගත හැකිය. සුළු ජාතික දෙශපාලඥයන් ජාති සංග්‍රහ වලට වඩාත් ප්‍රසිද්ධ බව සැම දෙනාම දන්නා කරුණකි. ඉහත වරායේ උදාහරනයෙන් එය පැහැදිලි වනු ඇත. එනිසා ඉහත ප්‍රශ්නය වඩාත් බලපානුයේ සිංහලයන්ටය.

යුද හමුදාවට, පොලීසියට බැඳීමේ හැකියාව

වෙනසක් නැත. වෙනසක් දැන් ඇත්නම් ඊට හේතුව එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්ය.

තමන්ගේ කල්තරය ‘රටේ default කල්තරය’ කර ගැනීම ඇති හැකියාව

ඇමරිකාවේ ස්පාඤ්ඤ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය නොවේ. ඉන්දියාවේ මුස්ලිම් සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය නොවේ. රටක සුළු ජාතියක සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය කර ඇත්තේ මා දන්නා තරමට වර්ණ භේද වාදි දකුණු අප්‍රිකාවේ පමණි. එසේ කිරීම මහ ජාතියට, රටේ සංස්කෘතිය ඉපැද්දවූ ජන කොටසට කරන විශාලතම අසාධාරණයක් ද වෙයි. ඔබ ඉල්ලන්නේ කුමක්දැයි අපැහැදිලිය.

තම ජාතියේ (’මහා වංශ’) ඉතිහාසය රටේ default ඉතිහාසය කර ගැනීමේ හැකියාව

සාධක සහිතව ඔප්පු කරන ලද ඉතිහාසය එක එක අයගේ අවශ්‍යතා වලට වෙනස් කළ නොහැක. දෙමළ ජනයාට සිංහල ජනයාට තරම් ලංකාව තුල ඉතිහාසයක් නොමැත. ඔවුන් රටේ සංස්කෘතියට කර ඇති දායකත්වයේ තරම ඉතිරිව ඇති නටබුන් ප්‍රමාණය දෙසත්, කර ඇති සාහිත්‍ය ග්‍රන්ථ සංඛ්‍යාව අනුවත් පහසුවෙන්ම නිගමනය කල හැකිය. ටැබූට එල්ලාවල මේධානන්ද හිමියන් වහ කදුරු වී ඇත්තේ මේ හේතුව නිසාය. උන් වහන්සේ පෙන්වා දෙන කරුණු බිඳීමට ටැබූට මෙනම දෙමළ ජාතිවාදීන්ට නොහැකී නිසා මඩ ගැසීම් හා චරිත ඝාතන හරහා ඒ කාර්යය නැවැත්වීමට බලයි. ටැබූට ඇති ඉතිහාස දැනුමේ තරමද දැන් ටික ටික ප්‍රදර්ශනය වෙමින් පවතී.

තම ජාතියේ සංකේතය වන සිංහයා රටේ default සංකේතය කොට අනෙකුත් ජාතීන් මත පැටවීමට හැකිවීම, තම ජාතියේ කොඩිය, ඉතා සුළු වෙනසක් කොට රටේ කොඩිය කර ගැනීමට ඇති හැකියාව.

සුළු ජාතීන්ට තැනක් දී ඇති එකම ධජය ශ්‍රී ලංකාවේ ධජය පමණී. ස්කැන්ඩිනේවියානු රටවල ජාතික ධජ වල පාප් වහන්සේගේ ආධිපත්‍යය හඟවන කුරුසය තවමත් ඇත. ඒ රටවල් වතිකානුවට අද යටත් නැත. නමුත් ඓතිහාසික හෙතු නිසා ඔවුන් තම ධජයන් වෙනස් කර නොගනිති. එරට සුළු ජාතින් “අපි අපේ කොඩියේ නෑ මෙයා” කිවුවාට ඒ රටවල් වල කොඩි වෙනස් වෙන්නේ නැත. මේ ප්‍රජාතන්ත්‍රවාදය අම්බානකට පවතින බව කියන රටවල් බවද මතක තබා ගත යුතුය.

තම බසින් ජාතික ගීය ගැයීමට ඇති හැකියාව

අමරිකාවේ මෙය ගයන්නේ ඉංගිරිසියෙනි. ඉන්දියාවේ බෙන්ගාලි – සංස්කෘත බසිනි. (වේදය ලියැවී ඇත්තේ සංස්කෘත වලිනි ). ජාතික ගී ඇත්තේ එකකි. එය ගයන්නේ නියම කර ගත් භාෂාවකින් පමණි. ලංකාවේ එය සිංහල භාෂාවයි. නෝර්වේ රටේ එය නෝවීජියානු භාෂාවයි. ඉන්දියාවේ ජාතික ගීය තමිල්නාඩුවේ ගයන්නේ “ජන මන ගන අධි නායක” ලෙස මිස “ජනම් මනම් අධි නායකම්” ලෙස නොවේ. මේ කරුණු නොදැන බොරුවට තප්පුලෑම නූගතුන්ගේ සිරිතය.

තම බසින් රට නම් කර ගැනීමට ඇති හැකියාව

ඉන්දියාව “හින්දුස්තාන්” මිස දෙමළ එකක් නොවේ. ජරිමනියේ නම “ඩොයිෂ්ලන්ඩ්” මිස ඉංගිරිසි හෝ ප්‍රංශ එකක් නොවේ. ඕලන්දය ඕලන්ද බසින් “නෙදර්ලන්ඩ්ස්” ලෙස හඳුන්වයි. ජපානය ජපන් බසින් “නිපොං” ලෙස හඳුන්වයි. ඒ රටවල් තම රාජ්‍ය ලියවිලි වල යොදන්නේ එකම නමක් පමනි. ඒ නම රටේ බහුතර ජනයා රටට භාවිත කරන නම ද වේ. විටෙක ශ්‍රී ලංකා කියාත් විටෙක ඉලන්කෛ කියාත් එක එක නම් වලින් රාජ්‍යය හැඳින්වීම ලොව පුරා වෙන කිසිම තැනෙක සිදු නොකෙරේ. එය තම බැචාලාට කාඩ් ගැසීම වගේ ලෙහෙසි සිම්පල් ප්ලෑන් එකක් ලෙස ටැබු සිතුවා විය හැකිය.

(බෞද්ධයින් හා හින්දූන් වශයෙන් සැලකූ කළ) බෞද්ධයින්ට වසරකට ආගමික නිවාඩු දින 15ක් හා හින්දූන්ට 2ක්.

නැවතත් ටැබූ බොරු කීම සිදු කරයි. බෞද්ධ නිවාඩු ඇත්තේ 13ක් පමණි. එනම් පොහොය 12 සහ වෙසක් දිනට පසු දින නිවාඩුවයි. හින්දු නිවාඩු 5ක් ඇත. හින්දු අලුත් අවුරුද්ද, තෛපොංගල්, මහා සිවරාත්‍රී හා දීපවාලී දිනයන්ය. අලුත් අවුරුද්ද සිංහල එකක් මිස බෞද්ධ එකක් නොවන බව සිහි තබා ගත යුතුය. මීට අමතරව මුස්ලිම් ජනයා සඳහා නිවාඩු 2ක්ද ක්‍රිස්තියානි ජනයා සඳහා නිවාඩු 2ක් ද ඇත. (ඊස්ටර් ඉරිදාව ඉරිදා දිනයක වැටෙන නිසා එය 3ක් වීම වැලකී ඇත ) නිවාඩු නම් කොහොමටත් වැඩිය. ඒවා අඩු කල යුතුය.

තමන්ගේ ආගම රජය ලවා ආරක්ෂාකර ගැනීමේ සුවිශේෂ වරප්‍රසාදය

අපට බණ දෙසන නෝර්වේ රටට රාජ්‍ය ආගමක් ඇත. එංගලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය ආදී මානව හිමිකම් ඔස්තාද්ලාගේ රටවලත් එසේය. නමුත් ලංකාවේ රාජ්‍ය ආගමක් නැත. ඇමෙරිකානු ජනපති දිවුරුම් දෙන්නේද “God help USA” කියමිනි. අප රටේ ජනපති දිවුරුමට “තෙරුවන් සරණයි” යන පදය නැත. එක්සත් රාජධානිය, ස්කැන්ඩිනේවියානු රටවල් හා බොහෝ යුරෝපිය රටවල් වලද රටේ නායකයා දිවුරුම් දෙන්නේ දෙවියන්ට ස්තූති කරමිනි. මේවා අපේ රටේත් තිබුනා නම් ටැබූ ලා කොහොම කෑ ගසනු ඇත්ද?

රටේ අනෙකුත් සුළුජාතීන් සහමුළින්ම අමතක කොට “මේ සිංහල අපගේ රටයි” යනුවෙන් කිසිම ලජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ කියා ගැනීමට ඇති හැකියාව

එහෙම කොහේවත් කාර්යාලීයව කියා නැත.

නැවත නැවත ටැබූ ලජ්ජා රහිතව බොරු ඇද බෑම සිදු කරන්නේ කුමක් නිසාදැයි මට නොවැටහේ. සමහර විට පචබාහු මොඩල් එකේ අයට සිංහල සංස්කෘතිය අරහං වීම නිසාද විය හැක. ටැබු විසින් ඉද්‍රිපත් කරන්නට යෙදුනු කරුණු බහුතරය අසත්‍ය බව දැන් පෙන්වා ඇත. අනෙක් කරණු පවා ඔහු ඉදිරිපත් කර ඇත්තේ ඒක පාර්ශවිකව, දත්තයන්ට සැලකිල්ල නොදක්වමිනි. නියම දත්තයන් සහිතව අපට මේ සංවාදය කරගෙන යාමට හැකිය. එමගින් සියළු දෙනාට වැදගත් යමක් ඉතිරි වනු දැකිම මේ ලිපියේ අභිලාෂයයි.

Advertisements
This entry was posted in ඉතිහාසය, දේශපාලන, බෞද්ධ and tagged , , , , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )