අබු අර්ශද්ගේ කුරාණගත “විද්‍යාත්මක” කරුණු | Quranic “truths” by courtesey of Abu Arshad

බොහෝ මුස්ලිමුන් විසින් ගෙන යනු ලබන, අබු අර්ශද් විසින් සිංහලෙන් කරගෙන යන “විද්‍යාතමක ඉස්ලාම්” බොරු පෙලේ තවත් ලිපි දෙකක් පළ වෙලා. මීට කලින් ලිපියකදී රාළ අභියෝගයක් කළා “නවීන විද්‍යාව විසින් හෝ සමකාලීන උගතුන්ට පෙර, ඉස්ලාම් ආගම මගින් හොයා ගත්තු නවීන විද්‍යාත්මක සත්‍යන් පහක්, කරුණු සහිතව ඔප්පු කරල පෙන්වන විදියට මම අබු අර්ශද්ට අභියෝග කරනවා” ලෙස. අබු අර්ශද් මෙයට ප්‍රතිචාරයක් දාල තියෙනවා. ඒ අතින් අර්ශද් ගෙ මේ ගතිගුණය රාළ අගය කරනවා. මොකද හම්බ බෝධිලා වගේ කොමෙන්ට් වාරණය කරගෙන ඉන්නේ නැතුව සංවාදයට එළබීමට අර්ශද් කැමැත්තක් දක්වන නිසා. සංවාදය තුලින් අර්ශද් ඉස්සරහ තියෙන ඔය ගණ තිමිරය අයින් වෙලා යාවි යයි රාළ විශ්වාස කරනවා.

කාරණා පහ ගැන සංවාදෙට එන්න කලින් අර්ශද් එයාගේ චූර්ණිකාවේ කියන කාරණා ගැනත් පොඩි අවධානයක් යොමු කරමු. අර්ශද් කියනවා “මීට අමතරව විද්‍යාවද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ ඒ උපකල්පන විද්‍යාව හා ඔප්පුකල විද්‍යාව වශයෙනි” කියල. ඇත්තටම අර්ශද් හරි. පරමාණුව දැකීම හා දෙවියන් දැකීම යන දෙකම එකම සංකල්ප. විද්‍යාව අනුව පරමාණුව ඇති බවට සාක්කි ඉදිරිපත් කරනවා. දෙවියන් ඇති බවට කුරාණය හා බයිබලය පාවිච්චි කරමින් සාක්කි ඉදිරිපත් කරනවා. මේ සාක්කි ඉදිරිපත් කර ගැනීම් ආගම හා විද්‍යාව යන වෙනම කලාප දෙකට සීමා වෙලා තිබුණා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද විද්‍යාවට ගෝචර නොවෙන දෙවියන් වහන්සේ විද්‍යාවෙන් ඔප්පු කරන්න කියල කිසිම කෙනෙක් ඉල්ලා හිටින්නේ නෑ. නමුත් ප්‍රශ්නය වෙන්නේ මේ කලාප අතිපිහිත (overlap) වෙනකොටයි. මේ විදිය අතිපිහිත වීමකට උදාහරනැයක් තමයි කුරාණය විද්‍යාත්මක යයි කීම. ඔන්න දැන් කුරාණය විද්‍යාත්මකව ඔප්පු කරන්න කියල අපට කියන්න වෙනව. මොකද කුරාණය විද්‍යාවෙන් ඔප්පු කළ හැකි බවට අර්ශද් ගොයියා පාරම් බාලා ඉවර නිසා. අරශද් මෙන්න මේ විදියට කියනවා “ඉන් එක් ක්ෂෙත්‍රයක් තමා එතෙක් ලොවට අනාවර්ණය නොවූ කරැණු ලොවට අනාවර්ණය කරමින් ඉදිරිපත් කරන අනාවැකි”. අපේ ප්‍රශ්නය වුණේ විද්‍යාවෙන් හොයාගන්න කලින් මේ අනාවැකි තම නුවණින් තේරුම් ගෙන ඉදිරිපත් කල අවස්ථාවන් මොනවද කියන එක. අපට පේන විදියට අර්ශද් මේ කාරණේන් හෙම්හිට ලිස්සලා යනවා. දෙවනි කාරණය තමයි කුරාණයේ වයස. කුරානයේ වයස අවුරුදු 1400කට වැඩි වෙන්න බෑ. ඊට වැඩියි කියල තියෙනව නම් ඒක අර්ශද් ඔප්පු කරල පෙන්නන්න ඕන. පොතේ කියන නිසා පොත පරණයි කියන වෘත්තාකාර තර්කයෙන් තොරව (circular logic) කුරාණය නොවන වෙනත් මූලාශ්‍ර පාවිච්චි කරල ඔහු ඒක පෙන්වන්න ඕන. නැත්නම් අපි පිළිගන්නේ කුරානැය වසර 1400කට වඩා පරණ නොවන බවයි.

දැන් අපි බලමු අබු අර්ශද් ඉදිරිපත් කරන “කුරාණ ගත” සත්‍යයන් එකින් එක විග්‍රහ කරල.

1. රෝමවරුන්ගේ ජය සහා ලොව පහත්ම භූමිය

හොඳට බලන්න, මෙතෙන්දි අර්ශද් කියන්නේ පහත්ම භූමිය ගැන. අර්ශද් මෙතෙන්දී වැරදි දෙකක් කරනවා. පළමු වැන්න කුරාණය විකෘති කිරීම. දෙවැන්න, මළ මුහුද ලොව පහත්ම ගොඩබිම බව උපකල්පනය. අබු අර්ශද් දක්වල තියෙන සිංහල පරිවර්තනයේ තියෙන්නේ “පහත් භූමියෙහි (රෝමවරු) ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු (පාරිසීයවරුන්) පරාජය කරන්නේය”. මෙතන කියන්නේ “පහත්” කියල මිසක් “පහත්ම” කියල නෙවෙයි. මළ මුහුද මුහුදු මට්ටමට පහළ බව සොයා ගැනීම සරල ත්‍රිකෝණමිතියෙන් කරන්න පුළුවන් දෙයක්. කුරාණයේ පරිවර්තන බලද්දී 30.003 සුරාතයේ (යුසුෆ් අලී, පික්තාල් සහ ශකීර් ගේ පරිවර්තන අනුව) එහෙම දෙයක් සඳහන් වන්නෙත් නෑ.

030.003
Yusuf Ali: In a land close by; but they, (even) after (this) defeat of theirs, will soon be victorious-
Picthal: In the nearer land, and they, after their defeat will be victorious
Shakir: In a near land, and they, after being vanquished, shall overcome,

මේ විදියට බලද්දී එක්කෝ අර්ශද් බොරු කියනවා. නැත්නම් බුද්ධිමය වංක බව පෙන්වමින්, “පහත්” කියල තියෙන තැන “පහත්ම” කියල අර්ථ දක්ව ගන්නවා. ඒවගේම මළ මුහුද කියන්නේ ලොව පහත්ම ගොඩබිම් පෙදෙස කියල අර්ශද් උපකල්පනය කරන එකත් එහෙම පිටින්ම වැරදියි. ගොඩබිම පහත්ම ස්ථානය කියල වාර්තාවෙන්නේ ඇන්ටාක්ටිකාවේ බෙන්ට්ලි උප ග්ලැසියර අගාධය. ඒක මුහුදු මට්ටමේ සිට මීටර 2555ක් ගැඹුරුයි. ගණකම් ග්ලැසියරයකින් එය වැහිලයි තියෙන්නේ. මළ මුහුදේ උපරිම ගැඹුරේදී එය පිහිටන්නේ මුහුදු මට්ටමට මීටර 800ක් පමණ පහතින්. කාට හරි කියන්න පුළුවන් මේ කතා කරන්නේ විවෘත ස්ථානයක් ගැන කියල. එහෙම බැලුවත් මේ මතය වැරදියි. මළ මුහුද පහත්ම තැන බව අල්ලා දැක්ක නම් එය ඉතිහාසයේ තිබූ පහත්ම තැනත් වෙන්නත් ඕන. පෞරාණිකව බලන කොට පේන දේ තමයි මළ මුහුද වඩා පහත් ස්ථාන ලෝකයේ තියෙන බව. වසර මිලියන පහමාරකට කලින් මධ්‍යධරණී මුහුද කියන්නේ ජලය නොමැති ස්ථානයක්. මෙහි සාමාන්‍ය ගැඹුර මීටර 1500ක්. ගැඹුරුම ස්ථානය මීටර 5200කට වඩා ගැඹුරුයි. එතකොට මධ්‍යධරණී මුහුද තමයි එතෙක් මෙතෙක් ලෝකයේ පැවතුණු පහත්ම බිම් ස්ථානය. පසු කලෙක අවුරුදු දෙකක් වැනි කාලයකින් එය ජලයෙන් පිරී ගිය බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සහ සාක්කි වලින් ඔප්පු වී තිබෙන්නේ. ඔන්න අර්ශද්ගේ පළමු කාරණේ පරාදයි. මළ මුහුද ලොව පහත්ම ස්ථානය බව කුරාණයේ සඳහන් වෙන්නේ නෑ. දෙවැන්න අර්ශද් කියන විදියට මළ මුහුද ලොව පහත්ම ස්ථානයත් නෙවෙයි.

2. භූගත ජලය

මේ ගැන වසර 1400කට කලින් දැන ගෙන සිටි බවට සාධක ඕනෑ තරම් තියෙනවා. අතීතයේ රජවරු වැවු තාවුල්ලේ ගස් කැපීම සහ පදිංචිය තහනම් කළේ එමගින් වර්ෂා ජලය අපධාවයක් ලෙස ගලා ගොස් භූගත ජලයට එක් නොවී තිබෙන නිසයි. මේ තහනම ගැන සෙල් ලිපි පවා තියෙනවා. ඒ වගේම ලෝකයේ අනෙක් ශිෂ්ටාචාර වල පවා මෙය දැන සිටි බව මේ ලිපියෙන් පැහැදිලි වෙනවා. පරණ තෙස්තමේන්තුව හා හින්දු ග්‍රන්ථ වල සඳහන්.

3. මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා

අබු අර්ශද් රාළ විසින් එල්ල කල අභියෝගයට පිළිතුරක් ලෙස මේ ලිපිය පළ කර තියෙනවා. එතෙන්දී තමන්ගේ මහා ලොකු විද්‍යාත්මක දැනුම පෙන්වන්නට කළල විද්‍යාව පොතකින් අර ගත් කොටස් එහෙම පිටින් අලවලා තියෙනවා. අර්ශද් ගොයියා කියන විදියට දරුවකුගේ ලිංගය තීරණය වන්නේ X හෝ ‍Y වර්ණදේහ අනුව යන කාරණය හරි. X හෝ ‍Y වර්ණදේහ සහිත ශුක්‍රාණුවක්, X වර්ණදේහය සහිත ඩිම්බයක් හා එක් වීමෙන් XX හෝ XY යන යුක්තාණු ඇතිවෙනවා. අර්ශද් නොදන්නවා වුණාට දරුවකුගේ ප්‍රවේණි දර්ශක ලිංගය තීරණය වන්නේ සංසේචනය යන ක්‍රියාවලියේදීමයි. අබු අර්ශද් පෙන්වන්න හදන විදියට කළලයක ලිංගය හදිසියේ තීරණය වෙන්නේ නෑ. ඇත්තටම එය තමයි මුලින්ම තීරණය වෙන දේත්. කලාතුරකින් ඇතිවන ජාන ගත් රෝග හැරුණාම කවදාවත් XX යුක්තාණුවක් පිරිමි දරුවෙක් බවට පත්වෙන්නේ වත්, XY යුක්තාණුවක් ගැහැණු දරුවෙක් බවට පත්වෙන්නේ වත් නෑ. කුරානයේ කළලය ගැන යම් යම් දේ විස්තර කරනවද නැත්ද කියන එක මෙතනට අදාල නෑ. අදාල කුරාණය කියන හැම කරුණක්ම ඇත්තද නැත්ද යන එක විතරයි එක කරුණක් හරි බොරු නම් එක්කෝ අල්ලා සර්වබලධාරී නෑ. නැත්නම් කුරාණය කියූවේ අල්ලා නෙවී. ගැබේදී දරුවකුගේ ලිංගය දන්නේ අල්ලා විතරයි කියල කුරාණයේ කියල තියෙන එක අර්ශද් ට බොරු කරන්න බෑ. හැබැයි දැන් අපිටත් අල්ලාට විතරක් කරන්න පුළුවන් කිවුව දේ කරන්න පුළුවන්.

කළල විද්‍යාව ගැන කුරාණයේ මතය කුඩු පට්ටම් කරලා බඩවැල් එළියට ඇදලා පෙන්නපු තැනක් තියෙනවා. . එළ කිරියේ කට උත්තර නැති වෙන්නටම දීල තියෙන නිසා ආයෙත් ඒ ගැන කතා කරන්න රාළ අදහස් කරන්නේ නෑ.

4. මී පැණි හා එහි ඖෂධ ගුණය

මේක දැක්කම රාළ බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා. කුරාණය ලියවෙන්න වසර දහසකට පමණ පෙර ලියපු ආයුර්වේද ග්‍රන්ථ වෙච්චි සුශෘත සංහිතාවේ සහ චරක සංහිතාවේ මීපැණි වල ඖෂධීය ගුණ ගැන ඕනෑ තරම් කියල තියෙනවා. අදත් ආයුර්වේදයේ මූලික ග්‍රන්ත විදියට පාවිච්චි වෙන්නේ චරක සහ සුශෘත සංහිතාවන්. මී පැනි ආයුර්වේදයට නැතුවම බැරි අංගයක්. මුහම්මද් කලේ ඒ දැනුමෙන් අංශු මාත්‍රයක් අරන් කුරාණයට දාපු එක විතරයි. ඒ හින්දා සමකාලීන් මිනිසුන් මීපැණි ගැන නොදැන සිටි කිසිම දෙයක් කුරාණයේ කියවෙන්නේ නෑ. අර්ශද් මේ කාරනේත් පරාදයි.

5. සංවේදී සම සහා අපාගින්න

“නුඹලාගේ ශරීරයට මතුපිටින් ඇති වන වේදනාව හදුනාගන්නේ සම බවත් එම සම විනාශ වුවා නම් එම වේදනාව හදුනාගැනීමට නොහැකි වන බවත් පවසා සිටී”. අර්ශද් හිතන්නේ මෙකත් මහ ලොකු කුරාණ ගත සොයා ගැනීමක් කියල. වේදනාව පමණක් නෙවෙයි ස්පර්ශය, සිසිල උණුසුම දැනෙන්නේත් සමෙන් බව බුදුන් වහන්සේ විස්තර කරල තියෙනවා. පංච ඉන්ද්‍රියයන්ගෙන් එකකට සම ඇතුලත් කලේ ඒකයි. පංච ඉන්ද්‍රියන් සංවේදනයට වැදගත් වන බව ඒවා බැලූ බැල්මටම පනවා. සම පිළිස්සුණු විට වේදනාව නොදැනෙන බව කුරාණයේ නොකිවුවාට මිනිස්සු ඒත අත්දැකීමෙන් දන්නවා. ඒ මදිවට ආයුර්වේදයේත් දරුණු පිළිස්සුම් වේදනා සහගත නොවෙන බව දක්වලා තියෙනවා. ආයුර්වේදයේ පිළිස්සුම් වලට යොදාගන්නා කෝමාරිකා භාවිත කොට නවීන වෛද්‍ය විද්‍යාව අනුවත් තුවාල වලට ප්‍රතිකාර කරන බව රාළ අඳුනන ශල්‍ය වෛද්‍යතුමෙක්ගෙන් දැන ගන්න ලැබුණා.

අපායේ දඬුවම් විඳීම පිණිස නැවත නැවත මැවෙන (උපදින)  එකත් කුරාණයේ අදහසක් නෙවෙයි. ප්‍රේතවත්ථුවේ, පසේ බුදු කෙනෙක්ට ගලකින් ගසා මරා දැමූ අයෙක් අපායේ විඳින දුක (සට්ඨිකූඨ පේත වස්තුව) ඔය විදියටම විස්තර වෙනවා. මේවා කියැවුණේ කුරාණයට සියවස් 11 කට කලින්.

අබු අර්ශද් තවමත් කුරාණයෙන් පළමුව හෙළි කල කිසිම විද්‍යාත්මක සත්‍යයක් පෙන්නලා දුන්නේ නෑ. ඒ මදිවට දැන් වංක භාවයත් පෙන්නන්නවා. අර්ශද් පෙන්නපු “සත්‍ය” සමහරක් ඇස් පනාපිටම බොරු බවටත් පත්වුණා.

Advertisements
This entry was posted in ඉස්ලාම් and tagged , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to අබු අර්ශද්ගේ කුරාණගත “විද්‍යාත්මක” කරුණු | Quranic “truths” by courtesey of Abu Arshad

  1. පින්ග්කිරීම: අබු අර්ශද් ගේ ලිංග භේද ප්‍රෝඩාව | Abu Arshad’s sex differentiation hoax | mahakalusinhalaya (මාරා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )