අළුත්ම සොයා ගැනීමක්! | Groundbreaking discovery!

සමන් වික්‍රමාරච්චි යනු කවුදැයි අපි නොදනිමු. නමුත් එතුමා ඉතා වටිනා සොයා ගැනීමක් කර ඇත. මේ සොයා ගැනීම නිසා ලොව පුරා මහත් ආන්දෝලනයක්ද ඇති වී තිබේ. “නිදහස අදුරේ ලැබුවෙමි – එහෙත් තවම එළි වී නැත” යන ක්ෂුද්‍ර කවියට ටීකාවක් සපයන වික්‍රමාරච්චි මේ ආන්දෝලනාත්මක සොයා ගැනීම සිදු කර ඇත. ඔහුගේම වචන වලින් එය කිවහොත් “පෘතුගීසීන්, ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන් ද මෙරටට පැමිණෙන්නේ වෙළෙඳ ගමනක් මිස අප යටත් කොට ගැනීමේ චේතනාවෙන් නොවේ. එහෙත් අප අපේ අභිමානය ඔවුන් මත පටවන විට ඔවුන් ඔවුන්ගේ අභිමානය අප මත පටවන්නේය. මේ හේතුවෙන් අප ඔවුන්ගේ යටත් වැසියන් බවට පත්වන අතර ඉන් මිදීම සඳහා අප නිදහස වෙනුවෙන් සටන් වදිති. මෙහිදී පීඩනයේ නිර්මාතෘ කවුද යන්න පිළිබඳව අප නැවතත් සිතා බැලිය යුතුව ඇත. අප නිර්මාණය කළ පීඩනයෙන් මිදීමට ඇති අවශ්‍යතාව මත අප විවිධ ආකාරයේ සටන් මෙහෙයවති” ලෙසයි. මේ අනුව ය්ජුරෝපීය ජාතීන් මෙහි පැමිණියේ වෙළඳ ගමනකි. අපි ඔවුන්ට පහර දුන් නිසා ඔවුන් අපව යටත් කොට ගෙන ඇත. අන්තිමට නයාට ගසා පොල්ල වරද්දාගෙන ඇත්තේ අපිම ය. .

අප රටට පැමිණි විදේශිකයෝ වන්නේ පරංගි, ලංදේසීන් හෝ ඉංගිරිසීන් පමණක් නොවේ. ප්‍රංශුවන්ද, අරාබි වෙළෙන්දන්ද ඊට පෙර රෝම හා ග්‍රීක වෙලෙඳ කණ්ඩායම්ද මෙරටට පැමිණි බවට ඓතිහාසික සාක්ෂි හමුවේ. නමුත් යුරෝපීය ජාතීන් අන් අයගෙන් වෙනස් වූයේ කෙසේද? අරාබි ජාතිකයන් ශූර වෙළෙඳන් වූ නමුත් ඔවුන් මෙරට යටත් කොට ගැනීමට සිතුවේ නැත. ඒ වෙනුවට මෙහි පදිංචිව, සිංහල නම් ගත් සමහරු මෙරට සංස්කෘතියට අනුගත වූහ. අරාබීහු වෙළඳාම පිණිසම පැමිණි බව අප කියන්නේ කෙසේද? ඔවුන් කාලතුවක්කු දුසිම් දෙකක් සහිත නැව් වලින් මෙහි නො ආවෝය. කුරාණය එක් අතෙකිනුත් කඩුව අනික් අතිනුත් ගෙන මෙහි පැමිණියේද නැත. දරුවන් උඩ විසිකර හෙල්ලයේ අමුණනවා යයි දෙමාපියන් බියවද්දා ඔවුන් ඉස්ලාම් ආගමන්ට හරවා ගත්තේද නැත (වෙනත් රටවලදී, ඉන්දියාවේ ඔවුන් එසේ කර ඇතත් මෝගල් අධිරාජයන් ලංකාව සමග ගැටීමට මැලි කමක් දැක්වූයේ මේ සුවිශේෂී ස්ථානයේ තවත් සතුරකු ඇති කර ගැන්මට ඔවුන්ට වුවමනාව නොතිබූ නිසාය.). පන්සල් කොල්ල කා, භික්ෂූන් මරා, පොත්පත් ගිණි තැබුවේද නැත (ඉන්දියාවේ නාලන්දාව ගිණි තැබූවේ මුස්ලිම්වරුන් විසිනි.). කොටින්ම අරාබි වෙළෙන්දන් මෙහි පැමිණියේ වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම වෙළඳ චාරිකාවකි..

බටහිර අර්ධ ගෝලයේ මුල් වැසියන් වූ රතු ඉන්දියානුවන්, මායාවරුන් හා ඉන්කා වරුන් බටහිර ජාතීන් විසින් සමූලඝාතනය කරන ලද්දේත් සමහර විට ඔවුන්ගේ අභිමානය යුරෝපීයන් මත හොණ්ඩර ගණනට පටවන්නට ගොස් විය හැකිය. ඔස්ට්‍රේලියාවේ මුල්වැසියන් (ඇබොරිජින්වරු) සමූලඝාතනය වූයේ ඇබොරිජින් අභිමානය සුද්දා මත පටවන්නට යාම නිසා විය හැකිය. වික්‍රමාරච්චි කරන්නේ දිවේ මයිල් එන බොරු ගෙතීමක් බව පැහැදිලිය. යුරෝපියන් මෙහි පැමිණියේ යටත් විජිත ඇතිකර ගැනීමටත් ආගම පැතිරවීමටත් මිස වෙනත් අරමුණක් උදෙසා නොවේ. සුද්දාගේ අසූචිත් සුවඳයි කියන වික්‍රමාරච්චිලාට ගැලපෙන හොඳම පදය අවජාතකවාදිය එසේත් නැතිනම් අවජාතිකයා යන්නයි. මුසාවාද වික්‍රමාරච්චි අමතක කරන අනෙක් කරුණ නම් සුද්දන්ට බඩ යන්නට පහර දුන් නවසීලන්තයයේ මැඕරි ජාතිකයන් අද ආදිවාසී ජන කොටසක් විඳින වරප්‍රසාද වැඩියෙන්ම විඳින බවත්ය. මැඕරීන්ට සුද්දන් හා සම අයිතිවාසිකම් ලබා දෙන තුරුම ඔවුන් සටන් කළ අතර සුද්දන්ගේ අභිමානය බිඳීමට ඔවුන් කලේ සුද්දන් මරා ඔවුන්ගේ මස් කා ඇටකටු ඔවුන් වෙත ආපසු යැවීමය. .

වික්‍රමාරච්චිලා අයත් වනේ රටේ දුප්පත් මිනිහාගේ මුදලින් නොමිළේ ඉගෙන ගෙන රටට කෙළවන ජාතියේ අමනයන්ටය. අවජාතකවාදී මාන්සිකත්වය තුලින් මොවුන් මෙහෙයවන්නේ සිංහල බෞද්ධ කමට එරෙහිවමය. ඒ උදෙසා පල්ලියත්, ඇංග්ලිකන් නිකායනුත් සුද්ද කිරීම මොවුන් අතින් ජයටම සිදු වෙයි. ඔහුගේ චූර්ණිකාව පුරා කියවෙනේද නිදහස යන්න සීමා සහිත බවයි. මේ නොකියා කියන්නේ අපේ නිදහස නොදන්නා බලවේගයක් මගින් සීමා කර ඇති බව යන්න පැහැදිලිය. කොටින්ම අප නිදහසේ උරුමකරු / උරුමකාරිය යෙහෝවාය යන්න නොකියා කීමට වික්‍රමාරච්චි උත්සාහ දරයි. අවසානයේ අප සහෘදයකු මූණු පොතේ තැබූ සටහනකින් මෙ ලිපිය නිමා කරමි..

අපේ සිංහලයෝ ගිහින් පෘතුගාලය, නෙදර්ලන්තය සහ එන්ගලන්තය ආක්‍රමණය කරන්න ගිහින් අපි අපගේ මහත් වූ අභිමානය ඔවුන් මත පැටවූවා.ඒක නිසයි ඔවුන් අහිංසක සහ සාධාරණ ලෙස ඔවුන්ගේ අභිමානය අපි මත පටවන්න ඇවිත් අපිව යටත් කරගත්තේ..මේක ඉතාම සාධාරණයි.අපි උන්ට කරා, උන් අපිට කරා. ඉතාම සාධාරණයි, සුන්දරයි, අහිංසකයි.ඒක නිසා ඔයාලා මෝඩයො වගේ සුද්දො කරපු වැඩවලට බනින්න එපා.”.

ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරණ මහා සොයා ගැනීමක් කිරීමට ලංකාවේ බිහිවූ මහා බුද්ධිමතෙකුට හැකිවී තිබේ.මේ සොයාගැනීම නිසා සමස්ත ලෝකයාම විවාදයකින් තොරව පිලිගත් ඉතිහාසය පිලිබඳ මතවාද සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති අතර මේනිසාම එංගලන්තයේ සරසවි සිසුන් සියළු ඉතිහාස පොත් ගිනි තබනබවද වාර්තාවේ.ලෝක ඉතිහාසය පිලිබඳ කීර්තිමත් මහා ප්‍රාඥයන්වූ පරණවිතාන නිකලස් ආටිගල, හේමචන්ද්‍ර රායි, බෂාම් නීලකණ්ඨ ශාස්ත්‍රී, මාර්ෂල් ගොඩකුඹුර ආදී මහා ඉතිහාසඥයන්ගේ සියළු මතවාද බිඳ දැමීමට මේ ඊයේ පෙරේදා බිහිවූ අසම සම ඉතිහාසඥයාට හැකිවී තිබේ.එපමණක් නොව ලංකාව පාලනය කළ ෆෙඩ්රික් නෝත් මේට්ලන්ඩ් ටොරිංටන් වැනි ආණ්ඩුකාරයන් එංගලන්ත යටත් විජිත බාර ලේකම්ට ලියායැවූ සියලු ලිපි බොරුබවට ඔප්පුවී ඇති නිසා ඔවුන් රාජද්‍රෝහීන් බවට මේවනවිටම නම්කර තිබේ.මේ මහා සොයාගැනීම කුමක්දැයි දැනගැනීමට කුහුලක් ඔබ තුළ වැඩෙන නිසා මම කෙටියෙන්ම ඔබට එය ගැන කියමි. මේ සොයාගැනීම කර තිබෙන්නේ සමන් වික්‍රමාරච්චි නමැති රෝමකූපයක් ගානේ මොලේ වැඩී තිබෙන අයෙකි.මොහු හෝ මෑපවසන්නේ ඉංග්‍රීසීන් සංචාරයක් සඳහා සඳහා ලංකාවට පැමිණිවිට සිංහළයෝ ඔවුන් ට පහර දුන්නිසා ඔවුන් අපට පෙරලා පහරදුන් බවය.මේ රත්නමලල කතාකරන්නේ බත් මුඛයෙන් නොව වෙනත් මුඛයකින්ය. උපන් බිමේ ඉතිහාසයට ද්‍රෝහීවියහැක්කේ දුෂ්ඨයන්ගෙත් දුෂ්ඨයෙකුටය. පරයෙකුගේ ධාතු බින්දුවක් ගර්භාෂයේ තැන්පත්වීමෙන් බිහිවෙන පරගැති අමනයන් ලක්මව කෙලෙසන අයුරු අප දැක තිබේ. මගේ ලක් මව එවන් හීනදීන ගුණමකු අධමයන්ටත් රැකවරණය සලසනවා නොවේද?”.

Advertisements
This entry was posted in ඉතිහාසය, දේශපාලන, බෞද්ධ and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )