සිරි සඟ බොදි විකුම | The curious case of Sri Sangabodhi

බ්ලොග් අවකාශයට දිනෙන් දිනම නව අඩවි එක්වේ. එය ඇත්තෙන්ම පැසසිය යුතු කරුණෙකි. තාක්ෂණය, ආගම, විද්‍යාව හා දේශපාලනය ආදී නොයෙකුත් මතෘකා මේ අතර සාකච්ඡා වෙයි. මේ බොහෝ බ්ලොගයන්ගේ පිළිතුරු වාරණය කර නැත. නමුත් තම මතවාදයන්ට කිසිම පදනමක් නැති බව දන්නා නිසාදෝ සමහරුන් පිළිතුරු වාරණය කරති. ඉස්ලාම් ආගම සම්බන්ධ බ්ලොගයන් මේ අතින් නරකම වන බව නොකිව මනාය. පෙරමුණේ රාළ, විසල් හා පිටියේ අප්පු ගේ තුන් ඈදුතු මතවාදීමය ප්‍රහාරය හමුවේ අසරණව ගිය මේ සමහර බ්ලොග් කරුවෝ අපට එක් තර්ජනයක් කළහ. “අපි බුද්ධාගම ගැනත් දන්න ගත්තම බලමු. එහෙම එකක් මග එනවා” ලෙස අපට තර්ජනයක්ද ඉදිරිපත් කළහ. පෙරමුණේ රාළට නම් මෙය අදාල නොවන කතාවකි. මන්ද ඔහු බෞද්ධයන් වෙනුවෙන් පෙනී නොසිටින බැවිනි. එනමුත් බෞද්ධයන් වෙනුස්වෙන් පෙනී සිටින මට මේ විකුම් පාන අළුත් අඩවිය ගැන යමක් නොකියාම බැරි විය.

ශ්‍රී සංග බෝධි අඩවිය ඇරඹෙන්නේ මේ වන් වටපිටාවකය. සංඝ  යන්න සංග ලෙස ලිවීමෙන්ම මේ පුද්ගලයා කුමන වර්ගයේ එකකුදැයි මනාව වැටහී යා යුතුය. පිළිමල් පිළිතුරු සඳහා ඇති බිය නිසාම පිළිතුරු වාරණයක් තදින්ම ක්‍රියාත්මක වේ. මෙහි අයිති කරුවා කවරෙක්ද යන්නට සමීප වීමට එය තවත් පිටිවහලක් වනු ඇති. සඟ බොදි විකුම පටන් ගන්නේ අරෙහෙන් මෙහෙන් පුවත් අඩවි වලින් උස්සා ගත් පුවත් කිහිපයක් හෝල් සේල් ගානට අඩවියට එක් කිරීමෙනි. බොදු පුවත් ආදිය, කොටි විරෝධය ආදිය සමග සිහල බොදු අඩවියක් ලෙස මේ අඩවිය පෙන්වන්නට උත්සාහ ගෙන තිබේ. බල්ළා මල්ලෙන් එළියට පනින්නේ ඉන් පසුවය.

මේ අඩවිය දිගින් දිගටම සිහල බෞද්ධයන් ට පහර එල්ල කරන්නට ගනෙන ඉන් පසුවය. “බිරිය ඝාතනය කර, පහළොස් හැවිරිදි දියණියද දූෂ්‍ය කිරීම – මෙහෙමත් බෞද්ධයෝ” යන්නෙහි මෙහෙමත් බෞද්ධයෝ යන්න අතින් දමයි. එනමුත් ඉබ්බාගමුවේදී හම්බයන් විසින් දෙමස් බිළිඳකු සහිත මවකට පහර දීම මෙම අඩවියේ විස්තර වන්නේ නැත. බස් රථයක ගමන් කල තරුණියකගේ ඩෙනිම බ්ලේඩ් තලයකින් කැපූ සිද්ධිය මොහු විස්ටර කරන්නේ සිංහල තරුණයෙක් බස්රථයක ගමන් කරමින් සිටි තරුණිය ඇඳ සිටි “ ඩෙනිම් “ කලිසම බ්ලේඩ් තලයකින් කපලා ලෙසිනි. එයට අමතරව පන්සල් තුළ සිදු වන ලිංගික අපයෝජනයන් ඔජ වඩමින් මොහු වාර්තා කරයි.සඟ බොදි විකුමෙහි ඊලඟ සාධනීය පැතිකඩ නම් ඇමෙරිකානු විරෝධයයි. පලස්තීනය හා ඇෆ්ගනිස්ථානය ගැනත්, එහි වැසියන් ගැනත් හොටු පෙරන සඟ බොදි තෙම, පලස්තීන හා ඇෆ්ගන් ඉස්ලාමික ගරිල්ලන්ගේ සැහැසි භාවය ගැන කටෙන් කෙළ පොදක් නොහෙලයි. කාත්තන්කුඩි ඝාතනයේදී කොටින්ට පලු යන්නට දෙසා බාන සඟ බොදි තෙම පලස්තීන හා ඇෆ්ගන් ත්‍රස්තවාදයට විරුද්ධ ඇමෙරිකානු ක්‍රියාන්විතය හෙළා දකී. මේ සියල්ලම වන අතර බෞද්ධ පුවත් දෙක තුනක් හා ගොන් පාට් කීපයක් එක් කරමින් තමන් අතිශය නි-පක්ෂ යයි පෙන්වීමට උත්සාහ කරත් සරමෙන් මුහුණ වසා ගත් විට කුට්ටම එළියේ වැනෙන බව සඟ බොදිට අමතකව ඇත.

මේ වන තුරුත් සඟ බොදිට මුස්ලිම් සමාජයේ ලමා අපචාර ගැන වචනයක් වත් කතා කිරීමට නොහැකි වී ඇත. ජිහාඩ් දියත් කරන පලස්තීන් ගරිල්ලන් හා තලේබාන් තස්තවාදීන් හෙළා දැකීමට ඔහුට නොහැකි වී ඇත. ඇමෙරිකාව ත්‍රස්තවාදයට විරුද්ධව කරන සටන දෙස මධ්‍යස්ථව බලන්නට නොහැකි වී ඇත.

සඟ බොදි අන් කවරෙක් වත් නොව මූලධර්මවාදී ඉස්ලාම බ්ලොග් කරුවෙක් ගේ තවත් වෙසක් බව පැහැදිලිය. ඔහුට ඔහුගේ ගමන යා හැකිය. නමුත් ඒ අප පසු කර ගෙනය. මතවාදීමය ලෙස අප ඔවුනට මහ බාධකයක් වන්නෙමු.

Advertisements
This entry was posted in ඉස්ලාම්, දේශපාලන, මිෂනාරී and tagged , , , . Bookmark the permalink.

One Response to සිරි සඟ බොදි විකුම | The curious case of Sri Sangabodhi

  1. පින්ග්කිරීම: හම්බබෝධි ගේ ඒක දේව වාදී කස්තිරම | Hambabodhi’s monotheistic blabberings | mahakalusinhalaya (මාරා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )