ප්‍රෝඩාවෙන් උපන් රසකතා

සැමට මිතුරු

මානව ඉතිහාසයේ අතිශයින්ම සාර්ථක වූ දිගු කලක් පැවතුන ප්‍රෝඩාව මාක්ස්වාදයයි.බටහිර නොවන සංස්කෘති පැරදවීමේ අටහිර යුද්ධෝපාය සාර්ථක කර ගැනීමට මාක්ස්වාදය අගනා මෙහෙවරක් කළේය.මාක්ස්වාදයේ ප්‍රධාන විජයග්‍රහනය නම් රුසියාව ජය ගැනීමයි.සෝවියට් දේශය ලෙස රුසියානු අධිරාජ්‍ය ගොඩ නගීමේදීත් නැගෙනහිර යුරෝපා රටවල් එක්කර මහා රුසියානු අධිරාජ්‍ය ගොඩ ණැගීමේදීත් වඩා වැදගත් වුනේ දේශන හෝ අධ්‍යන නොව  අවි බලයය.

එදා බ්‍රෙස්ට් ලිටොව්ස්ක් ගිවිසුමේ පරිදි ලෙනින්ට රුසියාවට යාමටත් රුසියානු ජෙනරාල් වරු සමඟ කුමන්ත්‍රනය කිරීමටත් අවස්ථාව හිමි විය.රුසියාවට  ප්‍රංශ විප්ලව පන්නයේ ආන්ඩු වෙනසක් අවශ්‍ය වූ අතර රුසියානුවෝ විප්ලව ගැන දැන නොසිටියහ.ඔවුන්ට අවශ්‍ය වූ දේශපාලන වෙනස ලෙනින් ට්‍රොට්ස්කි ඇතුළු කීප දෙනෙකුගේ පොත ක්‍රියාත්මක කිරීමට ල්ඝු විය

රුසියාවේ සිදුවූ මේ විකෘතිය මාක්ස්වාදයේ වරදක් නොවන බවත් රුසියාවේ විප්ලවයට සුදුසු වාස්තවඉක තත්වයන් මෝරා නොතිබූ බවත් මෙරට මාක්ස්වාදීහු කියති.ඒක නම් ඇත්තය.රුසියාවට බටහිර බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්වාදය ලැබී නොතිබුණි.
දේශපාලනය සම්බන්ධව අපේ අනන්‍ය කියැවීමක් ඇත.එහිදී සීමාසහිතව මෙන්ම හේතු ඇතිව එහිදී බටහිර බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය උත්කර්ශයට නංවන පදනමක් ඇත.මේ ඒ පදනම තුල පමණි.
මාක්ස්වාදී සමාජවල විහිළු කතා කියන්නට පෙර මාක්ස්වාදය ගැන යමක් කීම සුදුසුය.ඔය කෙහෙල්මල අධ්‍යයනය කරනු පිනිස මම බොහෝ පොත් කියෙව්වෙමි.
එවකටත් තිබූ සමාජවාදී න්‍යායන්ට ප්‍රචන්ඩ විප්ලවය ආදේශ කිරීම හා තවත් ආලවට්ටම් දැමීම මාක්ස්ගෙන් සිදුවිය.මාක්ස් මෙසේ පොත් ලියන අතර ඔහුගේ ආර්ථික ප්‍රශ්න ගැන සොයා බැලුවේ එන්ගල්ස්ය.එහෙත් මාක්ස් තම පවුල ගැන සොයා නොබැලූ බව කියැවේ.එය මාතෘකාවට අදාල නැත

එව බලව 

සියල්ල ආර්ථිකට ඌනනය කරන මාක්ස්වාදියාට ඇත්තේ ආර්ථික ලෝකයකි.එහෙත් මිනිසාගේ එක් අවශ්‍යතාවයක් පමණි. ආර්ථිකය.,ආරක්ෂාව,ලිංගිකත්වය,නායකත්වය (කැපී පෙනීම ) හා ආධ්‍යාත්මික ආශාව යන පංච මහා මාර්ග වලින් එකක් පමනි ආර්ථිකය.මිනිසාගේ සියලු ක්‍රියා ආර්ථික ක්‍රියා ලෙස ගැනීම වැරදිය.

වහලා සහ වහල්හිමියා අතර ගැටුමින් වහල් සමාජය බිද වැටී වැඩවසම් සමාජය බිහිවූ බවත් ප්‍රවේණිදාසයා හා රදලයා අතර ගැටුමින් ධනවාදී සමාජය බිහිවූ බවත් නිර්ධනයා හා ධනපතියා අතර ගැටුමින් සමාජවාදය ඉහිවන බවත් කියැවේ.එය විප්ලවය ලෙස හැදින්වේ.ඉන්පසු සමාජවාදී සමාජය අභාවයට යන බවත් ඉන්පසු පරමාදර්ශී කොමියුනිස්ට් සමාජය බිහිවන බවත් වැඩිදුරටත් කියැවේ.
මෙය පැරණි.ස්පාටන් සමාජයට සමානය.එනම් දරුවා උපන් විගසම ඔහු රාජ්‍යයේ සාමාජිකයෙක් වේ.ඉන් පසු ඔහු යන්ත්‍රයකි.ඔහ්ගේ ජීවිතයම තීරණය කරන්නේ ඊනියා රාජ්‍ය විසිනි.මෙහි ඊනියා සමානාත්මතාව ඇත.එහෙත් සොබා දහම තුල සමානාත්මතාව කියා දෙයක් නැත.විකෘතියක් ලෙස සමාජය කපා ඔපමට්ටම් කිරීමට යාමෙන් හැදෙන්නේ සෝවියට් පන්නයේ අංග විකල දරුවෙකි.

ඇත්තෙන්ම මාක්ස් කියන පරිදි නිශ්පාදන මාර්ග වල අයිතිය ඇත්තන් පාලක පංතිය වන බව ඇත්ත නොවේ.නිශ්පාදන  උපක්‍රම හිමි අය බලවත් වේ යන්න මෙහිදී අපගේ විග්‍රහයයි .

මානව සමාජ කුඩා සමූහ වල සංදානයක් ලෙස අපි හඟිමු. නිශ්පාදන  උපක්‍රම සතු සමූහය වටා අනෙක් සමූහ උපරි සමූහ ලෙස භ්‍රමනය වෙමින් පොකුරු ගැසෙමින් මහා සමාජය බිහිවේ.

ස්වාභාවික කුඩා සමාජයේ සියල්ලෝම එකිනෙකා හදුනාගෙන සිටියහ.නමුත් මහා සමාජයේ එසේ නැත.
මහා සමාජය ගොඩ නැගෙද්දී රජවරු,රදලයන් බිහි විය.සමාජයේ කුඩාම අංශූන් වෙත බලය ගෙන යාම සදහා නිලබල ධූරාවලියක් ඇතිවිය.මේ නිළබල දූරාවලියේ හැඩතල පමනක් වෙනස් වෙමින් ඉදිරියට යයි.ධනය ඒකරාශී වීමේ අනතුර මාක්ස් දුටුවත් බලය හා නිළය එක් රැස්වීමේ අනතුර ඔහු දුටුවේ නැත.ඔහු ඒවා නොවැදගත් ලෙස සැළකුවේ ඒවා ධනය එක් රැස් වීමි මූලික ප්‍රශ්නය නිසා පැනනැගුන අතුරු ගැටළු ලෙසය.එහෙත් ධනය එක් හේතුවක් පමණි.

මේ පැටලිල්ල නිසා සෝවියට් දේශය මානව ඉතිහාසය අශිෂ්ටම අධිරාජ්‍ය බවට පත් විය.
මේ අධිරාජ්‍යයේ ජීවත් වූ නරපනුවන්ට වෙන කිසිවක් කරකියාගත නොහී කවි,විහිළු කතා වැනි දේ අනාගතයට උරුම කර දුන්හ.

මේ මට හමුවූ ඒවායින් කීපයකි.

සෝවියට් අධිරාජ්‍යයේ වැදගත් වහල් රාජ්‍යයක් වුනේ පෝලන්තයයි.සෝවියට් අධිරාජ්‍ය වාසීන් ඕර්තොඩොක්ස් ක්‍රිස්තියානීන් වුවද පෝලන්තවාසීහු රෝමානු කතෝලිකයෝය.සෝවියට් කොමියුනිස්ට් වරු ආගම් ඇදහීම හැකිතාක් අධෛර්ය කළහ.එක් අවස්ථාවක පක්ෂ නිළධරයා ගොවීන් හමුවීමට පැමිණ ගොවීන් හා කතා බස් කරන්නට විය.ආ අමතක වුනා කියන්නට.වගා කරන්නේ කුමක්ද යන්න තීරණය කරන්නේ පක්ෂයයි.එය පමනක් නොව හෙට කන්නේ මොනවාද යන්නත් හෙට අදින ඇදුමත් තීරණය කරන්නේ පක්ෂයයි.මෙය යම් අතිශයෝක්තියක් වුවද සත්‍යාසන්නය.

සහෝදරරුනි මේ පාර අස්වැන්න කොහොමද?පක්ෂ නිළධර්යා ඇසීය

ජයයි අස්වන්න  අන්තිම ඉහලයි  කොච්චරද කියනවානම් දෙවියන් වහන්සෙගෙ දනහිස ගාවටම තිබුනා කියා ගොවීහු කීහ.

ඒත් සහෝදරවරුනි දෙවියන් වහන්සේ කියා කෙනෙක් නෑනෙ පක්ෂ නිළධරයා ඇසුවේ නළල රැලිගන්වමිනි.


ඔවු සහෝදරයා  අල අස්වැන්නක් තිබුනේත්  නෑ ගොවීහු පිළිවදන් දුන්හ.



කොමියුනිස්ට් පීඩනය ඉවසිය නොහැකිව මිනිසුන් රට හැරයන්නට විය.දැනට කියුබානුවෝ රට හැර යති.චීන්නු ,වියට්නාම් වරු රට හැර යති.මෙසේම එකළ සෝවියට් අධිරාජ්‍ය වැසියෝ රට පැන්නහ.මෙහිලා පරසිදු උදාහරණය නම් බර්ලින් තාප්පයයි.නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනියට පැනීම්ට ගොස් අතපය අහිමිවූ ජීවිත අහිමිවූ සංඛ්‍යාව විශාලය.මිනිස් නිදහසේ නාමයෙන් වධකාගාරයෙන් පලායන්නන්ට ඒවා සුළු දේවල්ය.

රුසියාවේ බොරිස් නමැත්තෙකු රට යන බව කේ ජී බී ඔත්තු සේවයට වාර්තා වී තිබුණි.කේ ජී බී කාරයා ලියුම් බෙදන්නෙකු සේ ආවේ පාන්දර හතරටය.ඔහු දොරට තට්ටු කරයි

බොරිස් සහෝදරයා සුබ උදෑසනක් මම මේ ලියුම් බෙදන සහෝදරයා

ආ සහෝදරයා සුබ උදෑසනක්

මට දැනගන්න පුලුවන්ද බොරිස් සහෝදරා වැටුප් ගැන සෑහීමට පත් වෙලාද කියල

ඔවු වැටුප් ගැන කිසි ප්‍රශ්නයක් නෑ.බොරිස් පැවසීය

එහෙනම් ඉදුම් හිටුම්

ආ ඒවා හොදටම හොදයි

වෙනත් අවශ්‍යතා සමාජ්වාදී රජයෙන් ඉටුවෙලා නැද්ද?

නෑ හැම දේම හොදයි.
එහෙනම් බොරිස් සහෝදරයා සමාජවාදී දේශයෙන් පිට යන්න හදන්නෙ ඇයි

මට යන්න ඕන පාන්දර හතරට ලියුම් බෙදන්නෙ නැති රටකට


ඉහත කතාව සියුම් උපහාසයකි ඇත්තෙනම වර්තමාන කියුබාව මෙන්ම එදා රුසියාවේ ජනගහනයෙන් සැළකියයුතු ප්‍රතිශතයක් රහස් පොලිස් නිලධාරීන් වූහ.


සමාජවාදී සමාජයේ වැදගත්ම දේනම් දැනුවත් කිරීම්ය.මෙහිදී දැඩි මනෝ විද්‍යාත්මක ශික්ෂණයක් ලබා දෙයි.තෝරාගත් පිරිසක් විශේෂ තනක හුදකලා කිරීම,ඔවුන්ට පීඩාකාරී තත්වයන් යටතේ විශය හැදෑරීමට ඉඩ දීම මේවායින් සමහරකි.සීමාසහිත පීඩනයකට මිනිස් මනස  ඇබ්බැහි වෙයි.තරවටු නොකරන ගුරුවරයාට වඩා තරවටු කරන ගුරුවරයාට ළමෝ ආදරේය.ගුවන් යානා මංකොල්ල වලදී මංකොල්ල කරුවන් හා ප්‍රාන ඇපකරුවන් අතර අරුම සම්බන්දතා ඇතිවේ.දැඩි දුක් සහිතව රැකියාව කරන අය නොදැනුවත්වම එම රැකියාවට් ඇබ්බැහි වෙති.මෙසේ දුකට ඇබ්බැහිවන ස්වරූපය මාක්ස්වාදීහු මැනවින් වටහා ගත්හ.

සෝවියට් යුගයේ මෙම මොළ සේදීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවිය.මේ සදහා සහභාගීත්වය අනිවාර්ය විය.එහෙත් ජනතාව මෙම විගඩමට කැමැත්තක් නොදැක්වූහ.මේ නිසා පක්ෂ නිලධරයන්ට ජනතාව මේ සදහා පෙළඹවීමට විවිධ උපක්‍රම භාවිතා කිරීමට සිදුවිය.

පක්ෂ නිළධරයා දැනුවත්කිරීම් වලට සහභාගි නොවූ අයට යම් තරවටුවක් කරයි

ආ කියනවා බලන්න බ්‍රෙශ්නෙෆ් කියන්නෙ කවුද කියලා පක්ෂ නිලධරයා ඇසීය

කිසිවෙක් කතා කළේ නැත්
ඔන්න ඕකනෙ කියන්නෙ පක්ෂ රැස්වීම් වලට නෝන එකේ අවර්ද බ්‍රෙශ්නෙෆ් කියන්නෙ සෝවියට් සමූහාන්ඩුවේ උත්තරීතර නායකතුමා

හා බලන්න කියන්න ජියරෙක් කියන්නෙ කවුද කියලා 
සියල්ලෝම මුනිවත රැක්කහ

ඔන්න ඕක තමයි ඒකවත් දන්නෙ නෑ.ජියරෙක් කියන්නෙ පෝලන්ත සමාජවාදී සමූහාන්ඩුවේ නායකතුමා

එවිට එක් කටහැකරයෙක් නැගිට

බො(ග් )ඩනෙක් කියන්නෙ කවුද කියා ඇසීය

බො(ග්)ඩනෙක් ඒ කවුද කියා පක්ෂ නිලධර්යා ඇසීය.

බො(ග්)ඩනෙක් කියන්නෙ මගෙ ගෑනිගෙ හොර මිනිහ.ඔන්න ඕක තමයි පක්ෂ රැස්වීම් වලට නොයන එකේ හොදේ.මම ඒක දන්නෙ පක්ෂ රැස්වීම් වලට නොගිය නිසානෙ කියා පැවසීය


ඇත්තෙන්ම සමාජවාදී රාමුව තුල පක්ෂයේ මතයට පිටින් යම් අදහසක් දැරීම බරපතල අපරාධයකි.එවැන්නන් වැඩ කඳවුරු වලට යවනු ළැබේ .ඒවායේ දඩුවම් විද ආපසු එන්නේ සුළුපිරිසකි.

සෝවියට් දේශයේ ප්‍රචලිතව පැවතියේ සොවියට් සමාජය සියලු ප්‍රශ්න වලින් විනිර්මුක්ත වූ උත්තර සමාජයක් බවය.එහෙත් සෝවියට් යුගය අවසන් වන විට පැහදිලි වුනේ එම සමාජය අන් සියලු සමාජවලට වඩා අතිශයින් ජරාජීර්න වූවක් බවය.සෝවියට් ප්‍රෝඩාව කඩා වැටී බිමටම සමතලා වුනේ මෙවැනි රසකතා ලොවට දායාද කරමිනි

Advertisements
This entry was posted in ඉතිහාසය, දේශපාලන and tagged , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )