හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහර

     
      කොලඹ නුවර මාර්ගයේ කඩුගන්නාව බලන දුර්ගය තරණය කරන කල්හි දකුණු පසින් දිස් වන රමණීය චිත්‍රණයට අයත් කඳු පන්ති අතර බතලේගල හා දෙවනගල විසින් දක්වන්නේ අපූරු චමත්කාරයකි. මවනැල්ල හෙම්මාතගම පාරේ කිලෝ මීටර් නයවයක් පමණ ගමන් කරන කල්හි කටුගහවත්ත කඩ මන්ඩිය හමු වෙයි. එතැනින් ඉහළ බැලූ කල්හි දිස් වන්නේ දෙවනගල මහා පර්වතයේ පඩි පෙළයි. වසර දෙදාහේ දී  මහනුවර වාරියපොළ සුමංගල විදුහලේ පාසල් දරුවන්ගේ ව්‍යාපෘතියක් උදෙසා කරුණු සෙවිමට අප මෙම පර්වතය තරණය කළෙමු. මේ උත්තලාකාර පර්වතය අමරගිරි දුතිය සේල දාසෙන් පව්ව කිත්සෙන් පව්ව හා දෙව් නැගි ගල යනුවෙන් නාමකරණය වී තිබෙන්නේ එහි ඉතිහාසයේ මනරම් යුගයන් ගැන සිහිපත් කරවමිනි. එහි එක් යුගයක් ගැන විහාර විස්තරයේ සඳහන් වන්නේ මෙසේය.
දිලේ දිලේ රැස් බුදු සසුන ලක තුලේ- විලේ ජලේනොසිඳේ සැදුන හැම            කලේ
කලේ නිරිඳු දාසෙන් වෙහෙර මන කලේ -ගලේ දෙවන නැග ගොස් වඳිමු සිතු ලොලේ
කටුගහවත්ත කඩ මණ්ඩියෙන් මෙන්ම අයගම හන්දියේ ඉදිරිපිට මාර්ගයෙන්ද උඩපමුණුව මාර්ගයෙන් ද දෙවනගලට පිවිසිය හැකි වන අතර එහි මස්තකයට දර්ශනය වන්නේ සතර කොරළයේ කඩයිම් බව කිව යුතුය. ජූනි මාසයේ දී සමකයට ආසන්න ව ගමන් කරන හිරු ලංකාවට මුදුන් වන්නේ අප්‍රියෙල් මාසයේ දීය. දෙවුන්දර දේවාලය ඉහළින් මුදුන් වන හිරු සමනොල කන්ද පසුකර දෙවනගලටද මුදුන් වෙයි. අනතුරුව අනුරාධපුරයේ ඉසුරුමුණි යෙන්ද නික්ම ඉරුමියන්කුලම හරහා පැදුම් දොර නොහොත් පේදුරු තුඩුවෙන් ලංකාවෙන් නික්ම යයි.දෙවනගල ට නැගි කල්හි මේ අතීත සූර්ය දේවාලයේ නටබුන් අපට දක්නට හැකිය. එවැනිම ගල් දෙවොලක් දෙවිනුවර ද වෙයි.
    සීතාවක රාජසිංහයන් භික්ෂූන් වහන්සේලාට විරුද්ධව ආඬි පක්ෂය ගෙන කටයුතු කරන අවස්ථාවේ දී සෙංකඩගලින් යුග පුරුෂයෙකු බිහි විය. ඔහු නමින් කොනප්පු බන්ඩාර විය. කලක් පරංගි යටතේ යුධ සෙනෙවි කම් කළ හෙතෙම උඩරට භික්ෂූන් වහන්සේලා සමග සම්බන්ධකම් ඇති කරගෙන රට නිදහස් කර ගැනීමේ සූක්ෂම ව්‍යාපාරයක නිරත විය. මල්වතු විහාරයට අයත් භික්ෂු පරමිපරාවේ දෙවනගල රතනාලංකාර හිමි මේ කටයුත්තේ දී දුන්සහාය නිසා උඩරට ජය ගැනීම මෙන්ම රාජ උරුමය ඇති කුසුමාසන දේවියද තමන් ළඟට ගැනීමට කොනප්පු බණ්ඩාරයන්ට හැකි විය. පළමුවන විමලධර්ම සූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාර උඩරට රාජධානියට නව ජීවයක් එක් කොට නැති ව තිබූ උපසම්පදාව යලි ඇති කොට ශ්‍රී පාදය නැවත ආඬින් ගෙන පවරා ගෙන බෞද්ධයින් සතු කොට තමන්ට උපකාර කළ දෙවනගල රතනාලංකාර ස්වාමීන්ට ද පුද සත්කාර කලේය ඒ වෙනුවෙන් ගම් බිම් පුදා දෙවනගල ගලේ කරන ලද ශිලා ලිපියක් වෙයි.
        2000 වසරේ දී අප එහි යන විට මෙහි ගල පාමුළ අරක් ගෙන සිටි මුසල්මානුවන් සහ ඔවුන්ට උදව් කරන සිංහලයින් ගේ නිධන් ආශාවට මේ ස්ථානය ගොදුරුව තිබුණි. ඒ සෙල් ලිපියේ සූර්ය ලාංඡනය මත ඇසිඩ් වත් කර එය කඩා දමන්ට කළ උත්සාහය  මොනවට දිස් වුණි. ඒ මතුද නොව නුවර යුග‍යේ දී ඉඳිකළ ටැම් පිට විහාරයේ දොර කඩා එහි තීබූ බුදු පිළිමය යවුල් වලින් ඇණ දෙපලු කර එහි ද නිධන් සෙවීමේ නියුක්ත  වී ඇත. පළමුවන විමල ධර්මසූරිය රජු ගේද දෙවනගල රතනාලංකාර හිමියන් ගේද පිලිරූ නියඬවම මේ විනාශය දර සිටිනු පෙනෙයි.එකල මේ විහාරය සම්පූර්ණයෙන් ආරාජිකව තිබූ අතර දෙවනගල චෛත්‍ය රාජයානන් වහන්සේ ගේ සතරැස් කොටුව පවා මේ නිධන් හොරුන්ගෙන් හානියට පත්ව තිබුණි.
    දෙවනගල හිරු ගල් දෙවොලට පහලින් උඩ පමුණුව පාරට වැටෙන පඩිපෙළ මදක් දුර යන විට තවත් සෙල් ලිපියක් හමුවෙයි.පොළොන්නරුව ජය ගත් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා  විසින් කෙට වූ එම සෙල් ලිපිය වටේ ගසා තිබූ යකඩ වැටද කඩා දමා ඇත. සෙල් ලිපිය මත ගඩොල් වලින් හූරා එයට හානි කරන්නට මුසල්මානුවන් කළ උත්සාහයද ප්‍රකට වෙයි. කිත් නුවර ගල් නම් නෙනෙවියෙකු බුරුමයේ රාමඤ්ඤ රට කුසුමිය නගරය ජය ගෙන එහි රජ කරමින් සිටි අහංකාර අලෞංසිතු රජු දමනය කොට කරන ලද දස්කම සඳහා උඩ පමුණුව පල්ලෛ පමුණුව සහ ලබුටුව ආදී ගම් වලින් අමුනු පණස් දෙකක ඉඩ කඩම් නින්දගම් කොට පවරාදීම පිණිස මේ සන්නස් කොටවා තිබේ. කොත්මලේ අමරවංශ හිමියන් ගේ ලක්දිව සෙල් ලිපි ග්‍රන්ථයේ මේ සෙල්ලිපි පාඨයන් අඩංගු කර ඇත. නමුත් මේ සෙල් ලිපි පාඨ වල සඳහන් ඉඩ කඩම් බොහොමයක් අද විහාර සන්තකයේ නොමැත.  
         1941 වර්ෂයේ දෙසැම්බර් දොලොස් වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් දෙවනගල විහාර සන්තක ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරක ලැයිස්තුවට ඇතුලත් කර ඇත. නමුත් පෙර සඳහන් කරන ලද රජ වරුන් පූජා කරන ලද ගම් බිම් සහිත සම්පූර්ණ විහාරගම ඇතුලත් බිම් මැනුම සකස් කර ඇත්තේ 1876 වසරේ දීය. කැකිරි ගොඩ ලියන රාළ නැමැත්තෙක් හේන් කෙටීම  සඳහා  දෙවනගල විහාරස්ථානයෙන් අවසර ලබා ගෙන ඇත්තේ මීට කලකට පෙරය. ඒ අනුව ගල පාමුළ කැලේ කොටා හේන් පැල් ඇටවිණ. කලක් යද්දී ස්වාමීන් වහන්සේ අපවත් වූ පසු මේ ඉඩම් වලට බලපත්‍ර ලබා ගත් ඔවුහු  ස්ථිර නිවාස ද ඉඳි කළහ. අනතුරව වරින් වර රුපියල් එකසිය පණහක් වැනි සුලු මුදලකට මේ ඉඩ කඩම් මුස්ලිම් වරුන්ට විකුණා දමා ඇති බව දැන ගන්නට තිබේ. විහාරස්ථානයත් ගමත් අතර සම්බන්ධය බිඳ වැටෙද්දී අන්‍ය ජාතිකයින් දෙවනගල ගල වටේ අක්‍රමණය කරන්නේ මෙලෙසය.
    අනූව දශකයේ සිටම මේ විහාරය  ආරාජිකව පැවතුණි.මුස්ලිම් වරුන්ගේ මෙහෙයවීම මත විහාරයේ බොහෝ විනාශකාරී සිදු වීම් දියත් වූ බව පැවසේ. මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් මේ ස්ථානයේ භාර කාරත්වයට ස්වාමීන් වහන්සේලා පත්කළද වරින් වර උන්වහන්සේලාද අපවත් වීම නිසා තව දුරටත් නායකත්වයක් නොමැති ස්ථානයක් බවට පත් ව තිබුණි. පසු ගිය කාලයේ දී යවුලෙන් ඇණ කඩා බිඳ දැමූ පිළිම වහන්සේලා නැවත ප්‍රතිස්ඨාපනය කිරීමේ වගකීම ඉටු කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාරතමේන්තුවේ නිලධාරින් පිරිස විසිනි. එහෙත් දෙවනගල ගල පාමුළ වටයක් තුල පුරා විද්‍යා රක්ෂිතයට අයත් ඉඩ කඩම් කිසිවක් තවමත් නිදහස්ව නොමැත. පුද බිම පාමුළ උඩ පමුණුව පැත්තෙන් ගලේ කොටසක් කැඩීමට දමන ලද ගල් වලකි. කටු ගහවත්ත හා අයගම මාර්ගයන්ට මැදිව තිබෙන්නේ මුසල්මානුවන්ගේ ගව මස් කඩ හා කුකුලු කොටුය.
         වර්ෂ 2009 දී එවකට සපරගමුව ආණ්ඩුකාරවර පදවිය හෙබවූ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා ගේ මෙහෙය වීමෙන් මේ ස්ථානයේ රැස්වීමක් පැවැත්වුණි. පුරාවිද්‍යා රක්ෂිතයට අයත් ඉඩම් නිරවුල් කොට එම රක්ෂිත භුමිය වෙන් කර කණු සිටුවීම එහි අභිප්‍රාය විය. නමුත් එයින් කලබල වුණු පලාතේ මන්ත්‍රීවරයා තමන්ගේ චන්දදායකයින් වන මුස්ලිම් වරුන්ද කැටිව එම රැස්වීමට කඩා පැණ කළ කලබගෑනිය තවමත් මට හොඳ හැටි මතකයට නගා ගත හැකිය. ගල වටේ මේ ඉඩම් සියල්ල දැනට අත්පත් කර ගෙන තිබෙන්නේ ආතාවුද සෙනෙවිරත්න ඇමති වරයාගේ ආධාරකාරයෙකු වන  මුස්ලිම් පුද්ගලයෙකුය. ඔහු ඇත්ලු මුස්ලිම් වරු වරින් වර ඔවුන් ගේ සීමාවන් පුලුල් කර ගැනීමට උත්සාහ දැරීම නිසා දැන් පුරා විද්‍යා අංශ ඔවුන්ට විරුද්ධව නීතය ඉදිරියට පැමිණ ඇත.  දැනට සිවිල් ආරක්ෂකයින් ගේ ආරක්ෂාව යටතේ පවතින දෙවනගල විහාර භුමිය නැවත බෞද්ධයින් ගේ වන්දනා මානයට විවරව තිබිම සතුටට කරුණකි. එහෙත් එම විහාර නඩත්තුවට වෙන් කරන ලද ඉඩ කඩම්ද නිරවුල් ව ශාසනයේ පැවැත්ම පිණීස යෙදවෙන්නේ නම් එදා දෙවනගල රතනාලංකාර හිමියන් ජාතියට කළ මෙහෙයට කරන උපහාරයක්ම වන බව මතක් කළ යුතුය.
Advertisements
This entry was posted in අල්ලා, ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මුහම්මද්, සිංහල and tagged , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )