ඉස්ලාමය හා මූලික මනුෂ්‍ය අවශ්‍යතා | Islam and basic human needs

යහ මග ඩොට් කොම් අඩවිය සිංහලෙන් ඉස්ලාම් උගන්වන්නට තියෙන අඩවියක් බව රාළට මතකයි. මේ අඩවිය බලද්දී ලෞකික දිවිය හා ලොකොත්තර විමුක්තිය කියන ලිපිය හමු වුනා. මේ ලිපිය ලියලා තියෙන්නේ අබු අර්ශද්. හැබැයි අර්ශද් උන්නැහේ පටන් ගන්නේම වැඩේ අනා ගෙන. අර්ශද් උන්නැහේ මෙහෙම ලියනවා. “අද ලොව පවතින බොහෝ ආගම් හි ඉගෙන්වීමන් හොදින් අධ්‍යනය කරන විට එහි මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයන් පවා උදුරා ගන්නා ආකාරයේ නීතිරීති පවතින බව දක්නට ලැබේ. එනම් ආහාර, හොද වස්ත්‍ර, යහපත් නිවසක්, බිරිදක්, දරැවන්….. යනාදී සියල්ල ප්‍රතික්ෂේප කිරීම තුල ලබාගත හැකි විමුක්තියක් සමාජයට දේශනා කරයි” අර්ශද් උන්නැහේ වටින් ගොඩින් එන්නේ කොයි පොල් පැලේ කන්නද කියන එක අපට පැහැදිලියි. මේ පාර දෙන්න යන්නේ බුද්ධාගමට. ඇත්තටම බුද්ධාගමේ එහෙම කියනවද? අර්ශද් නා ගෙන තියෙන්නේ ඔතන තමයි. බුද්ධාගමේ කියන්නේ එම වස්තූන්ට ඇති බැඳීම් අත්හැරීම මිසක් ඒ වස්තූන් අත්හැරීම නෙවෙයි. ඒ අත්හැරීම අර්ශද්ට දුකක් වෙන්න පුළුවන් වුනත් අත්හරින්නාට එහෙම දැනෙනවා යයි නිගමනයක් ගන්නට අර්ශද්ට ඇති අයිතිය මොකද්ද? අර්ශද් හදන්නේ ඉස්ලාම් ඔලුවේ තියාගෙන ඒ තුලින් බුදුදහමේ විමුක්තිය ගැන බලන්න.

ඒ වගේම අර්ශද් කියන්නේ නෑ බෞද්ධයාට ඉහත අත්හැරීම අත්‍යවශ්‍ය නැති බව. ඉස්ලාම් ආගමේ සලාතය අනිවාර්යයි. හලාල් දේ කිරීම අනිවාර්යයි. නමුත් සලාත් නොකිරීමට ඇති අයිතිය හෝ හරාම් ක්‍රියාවක් කිරීමට මිනිසාට ඇති අයිතිය ඉස්ලාමයෙන් අහුරා දාන එක ගැන නම් අර්ශද් උන්නැහේ කිසිම කතාවක් නෑ. මොකද එහෙම කළොත් වැඩේ මාට්ටු වන නිසා. ඊට පස්සේ අර්ශද් උන්නැහේ මෙහෙම කියනවා. “ලොව සෑම ආගමක්ම දර්ශනයක්ම මනුෂ්‍යාගේ මූලික අයිතීන් පවා උදුරාගනිද්දී . . .”. හැබැයි අර්ශද් උන්නැහේට පේන්නේ නෑ ඉස්ලාමය විසින් මනුෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් උදුරා ගන්නා හැටි. පළමුවෙන්ම බැලුවොත්, ස්ත්‍රී නිදහස ඉස්ලාමයෙන් උදුරා ගන්නවා. මුස්ලිම් කාන්තාවගේ ලිංගික නිදහස පවා ඉස්ලාමයෙන් උදුරාගෙන ඇති අන්දම අපි පසුගිය ලිපි වලින් සාකච්ඡා කළා. එසේම මුස්ලිම් නොවන්නන්, එනම් කෆීර්වරුන් මරා දැමිය යුතු බව පවසන කුරාණය ඔවුන්ගේ ජීවිතයට ඇති අයිතිය පවා උදුරා ගන්නවා. ඉන් පස්සේ ඉස්ලාමය කතා කිරීමේ නිදහසට සීමා පනවනවා. අල්ලා හෝ කුරාණය විවේචනය කිරීම තහනම් වීම තුලින් ෂරියා නීතිය විවේචනය කිරීම තහනම් බවට පත්වෙනවා. ඊට පස්සේ ළමා අයිතිවාසිකම් ඉස්ලාමයෙන් අමු අමුවේ උල්ලංඝනය වෙනවා. ඒ ළදරු බිරියන් සරණ පාවා ගැනීමට ඉඩ දීම තුලින්. එසේම සලාතය නොකරන පිරිමි දරුවන්ට පහර දීම අනුමත කිරීමත් ම්යටම අදාලයි.  ඊට පස්සේ ආහාර සඳහා වූ මූලික අයිතිවාසිකම් පවා හලාල්, හරාම් ලෙස බෙදීමෙන් අහුරා දමනවා. මුස්ලිම්වරයෙකුට රසැති ඌරු මස් කැල්ලක් කන්නට බැරි කර ඇත්තේ ඒ නිසා. එසේම බල්ලකු වැනි සුරතල් සතකු ඇති කිරීමට බාධා පමුණුවන්නේත් ඉස්ලාමයයි. ගීත, නාටක හා ක්‍රීඩා වල යෙදීමටත් ඉස්ලාමය බාධා කරනවා. මෙහෙම බලනකොට මිනිසාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නේ කොයි ආගමද යන්න හොඳට පැහැදිලියි නේද?

ඊට පස්සේ අර්ශද් උන්නැහේ ඉස්ලාම් භක්තිකයකු අනිවාර්යයෙන්ම ඉටු කළයුතු කටයුතු පහක් ගැන කියනවා. කටයුතු අනිවාර්ය නම් ඒකෙන් කියන්නේ නිදහස් එතන සීමා කරලා තියෙන බව නෙවෙයිද? බෞද්ධයන්ට මේ එක්ක බලන විට අනිවාර්ය කරල තියෙන්නෙ මොනවද? ඔන්න අර්ශද් උන්නැහේ ඔබතුමාගෙ ඉස්ලාමයේ සැබෑ තත්ත්වය! අර්ශද් උන්නැහේ පෙන්වන්න හදන්නේ ඉස්ලාම් ආගම ලෞකික සැපය අනුමත කරන අතර බුද්ධාගම එය බැහැර කරන බව පෙන්වීමේ අසාර්ථක උත්සාහයේ. අර්ශද් උන්නැහේ දන්නේ කුරාණය පමණක් නිසා උන්නැහේ මේ වගෙ හද්ද මෝඩ කතා කියනවා. බුද්ධාගමේ ලෞකික සැප සම්පත් ලබා ගැනීම තහනම් කරලා නෑ මහත්තයෝ! කියන්නේ ඒවාට ඇලෙන්න එපා, ඒ මත්තෙ නැහෙන්න එපා කියලයි. අර්ශද් උන්නැහේ ආයෙත් ත්‍රිපිටකයක් ගත්තොත් සිගාලෝවාද සූත්‍රය කියවල බලන්න. බෞද්ධයකු ලෞකික ජීවිතේ ගෙවන්න ඕනෙ හැටි ඒකෙ ලස්සනට කියල තියෙනවා. දන්දීම බුදුදහමෙන් පුරුදු කලේ මුහම්මද් ඉපදෙන්න අවුරුදු 1100 කට කලින්! ඒ නිසා මේ වගේ ගොන් කතා කීමෙන් අර්ශද් උන්නැහේ ගොනාට අන්දවන්න හදන්නේ කාවද යන්න පැහැදිලි නෑ

Advertisements
This entry was posted in අල්ලා, ඉස්ලාම්, බෞද්ධ and tagged , , , , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )