1818 විමුක්ති අරගලය පරාජය වූයේ මරක්කල ඔත්තුකරුවන් නිසාවෙන් ද

මතුගම සෙනෙවිරුවන්

 

මොනරවිල කැප්පෙටිපළ අදිකාරම්තුමා ඉංග්‍රීසීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවේ එක්දහස් අටසිය දහඅටේ ඔක්තෝබර මස විසිඅට වන දා සත් කෝරළයේ පරවහගම වලව්වේදී ය. ඒ උඩරට කැරැල්ලට නායකත්වය දෙමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව යාම නිසාවෙනි. 1815 වසරේ දී ඉංග්‍රීසි කිරීටයට රට භාරදුන් සිංහල රදළවරු පුරාණ සම්ප්‍රදායය අනුව ආණ්ඩුව පවතී යයි සිතූහ. නමුත් එය එසේ සිදු නොවී ය. දිනෙන් දින නිලමේ වරුන්ගේ බලතල අඩු වන්නට විය. එසේම බුද්ධශාසනයට හිමිව තිබූ ස්ථානය ක්‍රමයෙන් දුර්වල වන්නට විය. මෙයින් කෝපයට පත් භික්ෂූන් වහන්සේලා එක් වී නිලමේ වරුන් සංවිධානය කොට ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව රහසිගතව රැස් වූහ. මොනරවිල කැප්පෙටිපොළ අදිකාරම් තුමා ඒ වන විට ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතීව සිට කැරැල්ල මඩින්නට පැමිණියද පසුව තම රට ජාතිය වෙනුවෙන් මේ අරගලයට නායකත්වය ලබා දුන්නේ ය. ජාතියේ විමුක්තිය වෙනුවෙන් ඉදිරියට පැමිණි දේශප්‍රේමී ජනතාව ගේ මතය නිවරදි යයි කැප්පෙටිපොළ අදිකාරම් තුමාද විශ්වාස කළ බව පෙනේ. 1817 දී ඇරඹි මේ උඩරට කැරැල්ල සැබවින්ම   කැරැල්ලක් නොව ජාතික විමුක්ති අරගලයක්ම වන්නේ මේ නිසා ය.

           බලගතු ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඇති කළ කැරැල්ලක් ලෙසට පෙණුනද මේ අරගලය සන්සිඳවීම ලෙහෙසි පහසු නොවී ය. ඊට ප්‍රබල හේතුවක් වූයේ කැප්පෙටිපොළ අදිකාරම් තුමා ගත් නායකත්වයයි. එහිදී භාවිතා කළ යුද්ධ උපක්‍රම ආදිය නිසා ඉංග්‍රීසි ආණ්ඩුව බියට පත් විය. ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කළ ආඥා පත්‍ර වල මේ බව සඳහන්ව ඇත. සිංහල නායකයන් මැනවින් සංවිධානය වී අවි ආයුධ තනමින් යුද්ධයට මුහුණ දුන් ආකාරය ගැන සඳහන් කරන විලියම් ඔනීල් නම් නිලධාරියා දක්වන මේ අදහසින් ඒ බැව් තහවුරු වෙයි.´ අද පස්වරු තුනට පමණ පිලිමතලව්වේ සහ කැප්පෙටිපොළ අල්ලා ගත්බව ඔබ තුමන්ට සැළ කල හැකි වීම ප්‍රීතියකි. අද අලුයම හතරට පමණ පුලියන්කුලමෙන් පිටත්ව ගම් හතරක් ඉක්ම ගමන් කිරීමෙන් පසු ගස් රුප්පාවක වූ ඔවුන්ගේ මුරපොල හමු විය.ඉන් පසු මම මුලු භට පිරිස සමග හැකි තරම් නිශ්ශබ්දව කුඹුරු හරහා ගොස් අප උත්සාහයේ පරමාර්ථය ඉෂට කරගත් බව කීමට කැමැත්තෙමි. ඔවුන්ගේ අනුචරයෝ හැම දෙන ම විශිෂ්ට යුද්ධායුධ කම්මල් විස්සක් හා යුද්ධොපකරණ රාශියක් හැරදමා පළා ගියෝය.මේ යුද්ධොපකරණ විනාශ කරනු ලැබේ. කුඩා ගෙන්දගම් මල්ලක් හා යුද්ධායුධ මම ගෙන එන්නෙමි. කැප්පෙටිපොළ පිළිමතලව්වේට එක් වූයේ අද් උදේ බවත් දුම්බරින් පිටත් වූයේ විසි දිනකට පෙර බවත් කියයි.`

 

           කැප්පෙටිපොළ අල්ලා ගැනීමේ දී ජනතාවගේ සහාය අපේක්ෂා කර ඇත. එහෙත් සිංහල ජනතාවගෙන් ඊට අනුග්‍රහයක් ලැබී නොමැත. කැප්පෙටිපොළ සිටින තැනක් පිළිබඳව ඔත්තුවක් ලබා දුන් කෙනෙකුට ත්‍යාගයන් ලබා දීම ප්‍රකාශයට පත් කලෙන් ඒ මත බලාපොරොත්තු තැබීමට සිදු විය. මේ අවදියේ දී ඉන්දියානු මරක්කලයන්ට විශේෂ වර ප්‍රසාද අයත්ව තිබුණි. 1818 මාර්තු මස 02 දින රොබට් බ්‍රවුන්රිග් ආණුඩකාරවරයා වෙනුවෙන් ජෝ ලුසිනන් ලේකම්වරයා විසන් නිකුත් කරන ලද ආඥා පත්‍රය මගින් මේ වරප්‍රසාද පිරි නමා ඇත. බ්‍රිතාන්‍ය රජයට තිබෙන පක්ෂපාති කමට සහ ලැදියාවට ප්‍රති උපකාර වශයෙන් කන්ද උඩරට පළාත්වල සිටින මරක්කලයන්ට විශේෂයක් කොට සළකන ලද්දේ විය. උඩරට සිංහල ප්‍රධානීන් ගේ බලතල සීමාවෙන් ඔවුන් ඉවත් කර මරක්කලයන් වෙනුවෙන් නීතිය ක්‍රියා කිරීම ඉංග්‍රීසි නිළධාරීන්ට පවරන ලදහ.මෙතෙක් මඩිගේ දෙපාර්තමේන්තුව යටතේ සිටි මොහොමදිය වරු ද මෙලෙස ඉංග්‍රීසි නිලධාරීන් ගේ බලතල සීමාවට පමණක් යටත් කරන ලදහ.

 

           ලන්දේසීන් විසින් රටින් පන්නා ගන්නට උත්සාහ කොට තිබූ මේ මරක්කල ජන සමූහය මුහුදු බඩ වෙළෙදාමෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන් තිබුණි. පුත්තලම වැනි පෙදෙස් වල ඉඩකඩම්ද සන්තක කර ගෙන තිබුණි. නමුත් ඔවුන්ට ලන්දෙසීන් ගෙන් නම් විසුමක් නොවීය. එහෙත් වර්ෂ 1796 දී ඕලන්දයන්ට ලංකාව හැර දමා යෑමට කරුණු සිදු වූයෙන් මේ බල පෑම තවදුරුටත් කළ නොහැකි විය.

 

         ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරීන් චාටුවෙන් වසඟකරගත් මේ මරක්කලයන් ඔවුන්ගේ විශ්වාසය දින ගැන්මට වැඩි කලක් ගත නොකළේ ය. ඌව වෙල්ලස්ස මුහන්දිරම් තනතුරකට හජ්ජි නම් මරක්කලයෙකු පත් කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව ගත් තීරණය සිංහලයන් කුපිත කරවන්නක් විය. මේ හජ්ජි මුහන්දිරම් ලවා ඔත්තු බැලවීමටත් ඒව වාර්තා කරගැනීමටත් නිළධාරීන්ගේ බලාපොරොත්තුව විය. හජ්ජි එය අකුරටම ඉටු කළේ ය. නමුත් ඔහු වෙල්ලස්සේ පින්නවැල්ලේදී බූටෑවේ රටේ රාළට අසුවී සිරගතකරන ලද්දේ ය. හජ්ජි බේරාගන්නට ගිය බදුල්ලේ දිසාපති විල්සන් හටද මැරුම් කන්නට සිදු විය. මේ නිසා මරක්කල ජනතාව සිංහලයන්ට විරුද්ධව දිගින් දිගටම ක්‍රියා කළ බව පෙනී යයි. මණිබඩු කාරයෙකු ගේ වේශයෙන් ගම් වල සැරිසරමින් කැප්පෙටිපොළ සිටි දිශාවට ඉව අල්ලමින් ගිය එක් මරක්කල ඔත්තු කරුවකුට දිනක් සත් කෝරළයේ පරවහගම වලව්වේ පැවති රාත්‍රී උත්සවයක් දැක ගන්නට හැකි විය. ඒය ශාන්ති කර්මයක් නොහොත් තොවිලයක් විය. මණිබඩු විකුණන මුවාවෙන් වලව්වට පිවිසෙන ලද නමුත් වලව්වේ සිටි ගැහැනුන් ගෙන් ඔහුට විසුමක් නොවී ය. මේනිසා සිදු වන්නේ කුමක්දැයි කියා බැලීමට මේ මරක්කලයා වලව්ව අසල කැලයක සැඟව බලා සිටියේ ය. පරවහගම වලව්වේ සිටි කුමාරිහාමි කැප්පෙටිපොළ අදිකාරම් තුමාට ඥාති සහෝදිරියක් වන මඩහපොළ වලව්වේ කුමරියක් විය.මේ ඔත්තකරු පරවහගම වලව්වට පැමිණියේ ද මේ නිසා ය. සවස හයහමාරට පමණ කැළයෙන් මතු වූ කණ්ඩායමක් වලව්ව දෙසට පැමිණියේ ය. ඒ අතර රෝගාතුරව සිටි පිළිමතලව්වේද කැප්පෙටිපොළ ද විය. මණිබඩු ටික පැත්තකින් තැබූ මරක්කලයා ඒ වන විට පුලියන්කුලමට ළඟාව සිටි ලෙෆ්ටිනට් ඔනීල් නම් ඉංග්‍රීසි නිළධාරියා හමුවට පැමිණ කාරණය සැළ කර සිටියේ ය.

 

                 යුද්ධය අසීරු වන බව කැප්පෙටිපොළ දැන සිටියේය එහෙත් තමන්ට හිතවත් ව සටනට එක්ව සිටින පිරිස අමාරුවේ දැමීමට හෙතෙම කල්පනා නොකළේ ය. ඒ නිසා රටේ විවිධ පළාත්වල ට ගොස් සටනට අවශ්‍ය සේනා සංවිධානය කර ගැනීමට ඔහු උත්සුක විය. ඒ අනුව සත් කෝරළේ මානෑවේ සිටි ඥාතීන් හමුවට ද ඔහු පැමිණියේ ය.එහි රජ ගම් මැද්ද හා මැද ගම්මැද්ද යනුවෙන් ගම් දෙකක් විය. මේඥාතීන් සිටියේ මැදගම්මැද්දේ ය. නමුත් කැප්පෙටිපොළ එහි පැමිණෙන විට ඉංග්‍රීසීන්ට මේ ඉව වැටුණි. කපිතාන් ජේ.ප්‍රෙසර් නම් නිළධාරියා භට සේනාවක් ගෙන මානෑව බලා පැමිණෙන බව කලියෙන්ම දැන ගත් නිසා මානෑවේ සිටි පිරිස පරවහගම වලව්ව තෙක් පසුබසින්නට තීරණය කළහ. කෙසේ වෙතත් මරක්කල වෙළෙන්දා එදා ඔත්තු සැපයීම නිවරදිව නොකලේ නම් කැප්පෙටිපොළ අල්ලා ගැනීම ලේසි නොවන්නට ඉඩ තිබුණි. මෙලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පක්ෂපාතීව ඔත්තු සැපයීම නිසා 1820 දී මේ මරක්කලයන්ට හා උඩරට පළාත්වල සිටි මොහොමදිය වෙළෙන්දන්ට පුරවැසි කම ලබා දෙන්නටද ඉංග්‍රීසීන් කටයුතු කළහ. වර්තමාන මුස්ලිම් ව්‍යප්තියේ ඇරඹුම එතැනයි.

Advertisements
This entry was posted in ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, දේශපාලන. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )