මුස්ලිම් අන්තවාදය හමුවේ යළි යළිත් ගැලවී යන විකල්ප ගෝත්‍රයේ විශ්ව සාධාරණ වෙස් මුහුණු

මුස්ලිම් ප‍්‍රශ්නයක් පිළිබඳ පෙර නුවූ අන්දමේ දේශපාලන කැළඹීමක් මේ වනවිට රට තුළ ඉස්මතු වෙමින් තිබෙන්නේ කාලයක සිටය. අලූත්ගම ප‍්‍රදේශයේ පසුගිය දා ඇතිවූ අවාසනාවන්ත ජාතිවාදී ගැටුමද ඒ කැළඹීමේ නරක ප‍්‍රකාශනයක් වන අතර මේ වන විට එය විවිධ තලයේ සමාජ දේශපාලන සංවාදයන්ට නිමිති වී තිබෙන්නකි. මෙරට සාහිත්‍ය, ශාස්තී‍්‍රය, ඇකඩමික් සමාජයද මේ ගැටුම හා මුස්ලිම් ප‍්‍රශ්නය ගැන නොයෙක් ක‍්‍රම ඔස්සේ ප‍්‍රතිචාර රැසක් මුදා හැර තිබිණි. අලූත්ගම ගැටුම හෝ මුස්ලිම් ප‍්‍රශ්නය සෘජුවම ඇකඩමික් ලෝකයට අදාල මාතෘකාවක් නොවුනද මෙරට විකල්ප ඇකඩමියාව මත කලක සිට බලපවත්වමින් තිබෙන ප‍්‍රශ්නයක් අලූත් ප‍්‍රවේශයක් ඔස්සේ තේරුම් ගැනීම සඳහා ඉහත සිදුවීම දැන් අවස්ථාවක් සපයා දී තිබේ. මේ රචනයේ අභිලාෂය වනුයේ මුස්ලිම් ප‍්‍රශ්නය ගැන කතා කිරීම නොව ඒ ප‍්‍රශ්නය කෙරේ වූ ඇතැම් ප‍්‍රතිචාර පාදක කරගනිමින් මෙරට විකල්ප ඇකඩමික් සමාජය තුළ කලක සිට ඔඩු දුවමින් පවතින චින්තනමය ව්‍යාධියක බරපතලකම කෙරේ පාඨක අවධානය මඳකට යොමු කිරීමය.
අර්බුදයේ පසුබිම
ආගමික ජාතික සීමා පසෙක තබා පොදුවේ මනුෂ්‍යයකු ලෙස කරුණු විමසා බැලූවද බෞද්ධ සංස්කෘතිය, ඉස්ලාම් සංස්කෘතියට සාපේක්ෂව ලෝකයට බෙහෙවින් හිතකර හා සහනශීලී එකකි. එය දිදුලමින් පෙනෙන ඇත්තක් මිසක අන් සංස්කෘතියක් කෙරේ හෙලන ද්වේශ සහගත බැල්මක් නොවේ. ඉස්ලාමය යනු ස්වභාවයෙන්ම මූලධර්මවලට විශාල බරක් තබා කටයුතු කරන, නිදහස් චින්තනයට ඉතා අල්ප ඉඩක් සහිත, වෙනස්වීම්වලට ලේසියෙන් අනුගත නොවන, ආක‍්‍රමණශීලී දෘඩ ආගමික ප‍්‍රවණතාවකි. එහෙත් එය එසේවූ පමණින් මෙරට ප‍්‍රධාන සංස්කෘතිය තුළ වසර සිය ගණනක් සමගියෙන් ජීවත් වූ සහෝදර මුස්ලිම් ජනයාට එරෙහි වීම කිසිවකුට කළ හැක්කක් නොවේ. ඔවුන්ගේ නිදහස් පැවැත්ම කා විසිනුත් පිළිගත යුත්තකි. එසේ වුවද බහුවිධ ලෝකයක ජීවත් වීමේදී පොදු යහපතට සරිලන ලෙස තමන්ගේ දැඩි සංස්කෘතික ඇබ්බැහිකම් සුඛනම්‍ය කර ගැනීම  ඕනෑම ජාතියක ආගමක වගකීම බවද අමතක කළ හැකි නොවේ. හරි නම් ඉස්ලාම් බුද්ධිමතුන් විසින් කළ යුතු වන්නේ තම ආගමික ඉගැන්වීම්වලට ඔවුන්ගේ ආගමික පදනම තුළම නව කියවීම් ලබාදෙමින් තම දහම හා සංස්කෘතිය නූතන ලෝකයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමය.  කාගේත් යහපතට හේතුවන හා ප‍්‍රතිවිරෝධතා සමනය කර ගත හැකි එවන් ප‍්‍රවේශයක් ඉස්ලාමයට වෙසෙසින්ම වැදගත් වෙයි.

එසේවුවද වත්මන් ලෝකය තුළ අපට හමුවන්නේ යාවත්කාලීන වීම වෙනුවට තවදුරටත් බියකරු මූලධර්මවල ගිලීයමින්, ත‍්‍රස්ත බලය ඔස්සේ ආගම පතුරුවන, මිලේච්ඡ ආක‍්‍රමණකාරීත්වයකට මාරුවූ ඉස්ලාමයකි. සාම්ප‍්‍රදායික මුසල්මානුවන් පවා බියෙන් සලිත කරමින් තිබෙන මේ ජිහාඞ් අන්තවාදය අද ලෝකයම ගිනි අවුලූවමින් තිබෙන බිහිසුණු ප‍්‍රශ්නයකි. අනෙක් අතට බටහිර රටවල් විසින්ද මේ අන්තවාදී ප‍්‍රවණතා තමන්ගේ උපායමාර්ගයන්ට අනුකූලව හසුරුවමින් සිටිති. තමන්ගේ රටවල් තුළ සහජීවනයකින් තොරව අන්තවාදයට බැටදෙන ඔවුහු, තම සතුරු රටවල් සම්බන්ධ කාරණාවලදී අන්තවාදයට අත්වැල් සපයති. තවද විවිධාකාර සංකීර්ණ ඉසව් රැසක් කරා මේ අර්බුදයේ අක්මුල් පැතිරී ඇති අතර ලංකාව තුළ මෑතක සිට ඉස්මතු පවතින සිංහල මුස්ලිම් ප‍්‍රශ්නය තේරුම් ගත යුත්තේද මේ සමස්තයේ කොටසක් ලෙස මිසක අලූත්ගම සිදුවීමකට හෝ භික්ෂුවකගේ සැර කතාවකට සීමා වෙමින් නොවේ.

සිංහලයා තුළද ජාතිවාදය තිබිය හැකිය. කල්ලි වශයෙන් බෙදී කෙරෙන ආවේගශීලී හැසිරීම් වෙත මිනිසා පොළඹවාලීමද ඉතා පහසුය. ජාතිවාදී ගැටුමකදී කිසිදු පාර්ශවයක් සපුරා නිදොස් වීමට ඇති ඉඩකඩද ඉතාම අල්පය. එසේ වුවද මේ සමස්ත චිත‍්‍රය අපක්ෂපාතීව සලකා බැලීමේදී සිංහල ජාතිවාදය යනු මීනී මෝරුන් අහිනක් හමුවේ සිටින හාල්මැස්සෙකුට වඩා වැඩි යමක් නොවන බව වටහා ගැනීමට විශේෂ බුද්ධියක් වුවමනා නොවේ. එහෙත් අද මේ සැබෑ ප‍්‍රශ්නය හමුවේ ඇතැම් අමු කෑ උගතුන් හැසිරෙමින් සිටින්නේ කෙසේද?
උත්ප‍්‍රාසවත් නිරීක්ෂණ කීපයක්
අලූත්ගම ගැටුම සිදුවූ වහාම මෙරට සංවේදී කවීහු රැුසක් ඊට ප‍්‍රතිචාර දක්වා තිබිණි. එන්ජී ඕ  විප්ලවවාදිනියන්ගේ කලා සංස්කෘතික වෙබ් අඩවි හරහා මේ කවි ප‍්‍රචාරය වී තිබිණි. ජාතිවාදයට එරෙහි උත්තර මනුෂ්‍යත්වයක් ගැන කතා කරන කවියන් අතින් මෙවැනි කවි ලියැවීමේ කිසිදු වරදක් නැතත් ජාතිවාදයට එරෙහි කවි වෙනුවට සිංහල විරෝධී කවි ලිවීමට මේ කවීන් සියල්ලෝම පාහේ උත්සුක වී තිබුණේ පුදුමාකාර ලෙසය. ඔවුන්ගේ කවිවල මහා පොදු අර්ථය අපට කියාසිටින්නේ මුස්ලිම් පාර්ශවය සර්ව සාධාරණ අහිංසකයන් වනවිට අතර සිංහලයා වනාහී අහේතුකව සුලූ ජාතීන්ට පහර දෙන ලේ තැවරුනු මිලේච්ඡුයන් කොටසක් බවය. පුද්ගල දෙපිරිසක් අතර ඇතිවන ගමේ ගොඬේ පුංචි රණ්ඩුවකදී පවා මේසා සරල ලෙස හරි වැරදිකරුවන් වෙන්කළ නොහැකි වුවද බොහෝ දේ පළල්ව දකින බව කියන කවි කාරයන්ට අලූත්ගම සිදුවීම පෙනී තිබුණේ එසේය.
මීලඟට ඇතැම් මාධ්‍ය මේ සිදුවීම හඳුන්වා තිබුණේ ”කළු ජූනියක්” වශයෙනි. දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් සිංහලයා විසින් සුළු ජාතියකට එල්ල කල විධිමත් ප‍්‍රහාරයක් ලෙස අර්ථ ගැන්වීමටත්, එය සංඛ්‍යාත්මකව අසූ තුනේ කළු ජූලිය තරම් විශාල බව හැඟවීමටත්  මේ තක්කඩි යෙදුම දැනුවත්ව භාවිතා කොට තිබිණි. මීට සමගාමීව කලාකාමී විකල්ප විගඩම්කාරයන් පිරිසක් එක්ව ”තවත් කළු ජූලියක් එපා” යැයි මොරදෙමින් කේක් කපා, නටා ගයා ”කළු ජූලි” සාදයක්ද පවත්වන ලද්දේ ”කළු ජූලි” බහුල ශී‍්‍ර ලංකාවකට ඔවුන්ගේ ඇති ආශාව අනියමින් ප‍්‍රකට කරමිනි. ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවේ ආශාවන් සමගද මනාසේ සමපාත වන මේ ජූලි වන්නම්  හරහා ඇත්ත සිදුවීමට වන විකෘතියේ තරම හෝ ඒවා රටක් වශයෙන් අපට බලපෑ හැකි ආකාරය ගැන සිතීමට වඩා මොවුන්ට තම ¥ෂිත දේශපාලන ව්‍යාපෘතීන් ප‍්‍රමුඛ වී තිබිණි.
මීළඟට තවත් කළු ජූලියකට එරෙහි පුවත්පත් දැන්වීමකටද මේ විකල්ප වීරයන් හා කලා සාහිත්‍යවේදීන් පිරිසක් තම නම් ඇතුළත් කර තිබිණි. කිසිදු මුස්ලිම් ජාතිවාදයක් මේ රටේ නැති ආකාරයට, මැර සිංහල බෞද්ධ ජාතිවාදයකට පමණක් එරෙහිව මොවුන්ගේ අපූරු නිවේදනය නිකුත් වී තිබිණි. එන්.ජී. ඕ මානවවාදීන් බහුතරයකට අමතරව මැදහත් පුද්ගලයන් අතලොස්සක්ද මීට දායක වී තිබුණද මේ පසුපස වූ කූට මෙහෙයුම වටහා ගැනීමට ඒ මැදහත් පිරිසට පවා නොහැකිවීම ඛේදජනකය. අඩුම තරමේ උපක‍්‍රමයක් ලෙස හෝ තම නිවේදනය සිංහල ජාතිවාදයට පමණක් එරෙහි තැනකට සීමා නොකිරීමට මොවුන් ප‍්‍රවේශම් වූයේ නම් ඔවුන්ට තම රෙදි ගලවා ගැනීමෙන් තොරව මේ නිවේදනය මුදා හරින්නට හැකියාව තිබිණි. එසේ වුවද කලක් නිරාහාරව සිටි සතකුට ලැබුණු ආහාරයක් සේ අලූත්ගම සිදුවීම ඩැහැගත් මේ පිරිසට උපක‍්‍රමශීලී වීමට හෝ ඉස්පාසුවක් නොතිබූ බව මෙයින් පැහැදිලි වෙයි.
රම්බෝගෙන් වෙඩි කා ලංකාවට පැමිණි එක්තරා ආචාර්යවරයෙක්ද (රම්බෝ යනු ඇමෙරිකානු පෞඩත්වය වෙනුවෙන් නිපදවා ගත් කසිකබල් සිනමා වීරයෙකි.) මුස්ලිම් ප‍්‍රශ්නයට අදාල අපූරු ලිපියක් ලියා තිබිණි. මුස්ලිම් ප‍්‍රජාව සමස්තයක් ලෙස නරක නැති වුවත් අද මධ්‍යස්ත සිංහලයා තුළ පවා මුසල්මානුවා ගැන වැරදි ආකල්ප පවතින බැවින් මුස්ලිම් බුද්ධිමතුන් වහා පෙරට පැමිණ තමන්ගේ යහපත්කම ගැන හ`ඩ ගා කියන ලෙස ඔහු මේ ලිපියෙන් යෝජනා කරයි.  ඔහුට අනුව එසේ කළ යුත්තේ ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තම පැවැත්ම පිළිබඳ තර්ජනයකට මුහුණ පා ඇති නිසාය. වියුක්තව ගත්කළ කිසිදු වරදක් නොමැති මේ අහිංසක සාධාරණ යෝජනාව පසුපස ඇති දේශපාලන අන්‍යාලාපය කුමක්ද? තමන්ගේ යහපත්කම රටට කියන්නැයි මුස්ලිම් බුද්ධිමතුන්ට පවසන මේ ඇදුරා ලෝකයම ගිනි අවුලූවමින් තිබෙන මුස්ලිම් අන්තවාදයට එරෙහි වන ලෙස ඔවුන්ට යෝජනා නොකරයි. ලංකාවේ ක‍්‍රියාත්මක අන්තවාදී ප‍්‍රවණතා ගැන එම බුද්ධිමතුන්ගේ අදහස කුමක්දැයි ඔහු ප‍්‍රශ්න නොකරයි. ඒ වෙනුවට ඔහු නොකියා කියන්නේ ජාතිවාදී සිංහලයා නිසා අසරණ මුසල්මානුවා නිකරුනේ තර්ජනයට ලක්ව ඇති බව පමණි.
අනික ඔහු පෙරලා මේ ලස්සන යෝජනාව සිංහල ප‍්‍රජාව වෙත ඉදිරිපත් නොකරන්නේ කුමක් නිසාද? මුස්ලිම් ප‍්‍රජාවේ කෑ ගසා කිව යුතු යහපත්කම් ඇතත්, ඉතිහාසය පුරා සිංහලයාගේ කිසිදු යහපතක් සහජීවනයක් නොතිබුණා යැයි මේ ආචාර්යවරයා සිතනවාවත්ද? අනික ජාතිවාදී ගැටුම් නිසා පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ මුසල්මානුවාට පමණද? අද සිංහලයාට පමණක් නොව පොදුවේ මේ රටටද ජාතිවාදී ගැටුම් අහිතකර ලෙස බලපාමින් තිබේ. මානව හිමිකම් තොන්ඩුව අතැතිව සිටින ලෝක බලවතුන්ටද මේ සිදුවීම් ආස්වාදජනකය. අලූත්ගම ගැටුම ගැන වැඩිපුර කළබල වූයේද මුස්ලිම් රටවල් නොව බටහිර රටවල්ය. සිංහල බෞද්ධයන්ට හා භික්ෂූන් වහන්සේලාට අද දෙස් විදෙස් විවිධ මාධ්‍ය ඔස්සේ දස අතින් කර්කශ මතවාදී සරදම් එල්ල වෙමින් තිබේ. සිංහලයන් ලෝකයේ මිලේච්ඡුතම ජාතියක් බව ඇමරිකානු තානාපතිනියද පසුගිය දා ප‍්‍රකාශ කර තිබිණි. ඔලූව ගල්වල හප්පා ගත් කවියෝද ඒ කතාව එලෙසින්ම තම කවිවල ලියමින් සිටිති. එවන් තත්ත්වයක් තුළ සිංහලයාගේ යහපත්කම් ගැන ලෝකයට කිසිවක් කීමට මෙවන් ඇදුරන්ට කල්පනා නොවන්නේ කුමක් නිසාද? අන්තවාදයේ පැතිරුනු හෙළුව වසා ගැනීම සඳහා වහ වහා තම අල්ල දික් කරන්නැයි මුස්ලිම් බුද්ධිමතුන්ට යෝජනා කරන මේ සිංහල බුද්ධිමතා, සිංහලයකු තම යහපත්කම් ගැන කතා කළහොත් ඔහු වර්ගෝත්තමවාදියකු ලෙස හැඳින්වීමට නියමිතය. ලංකාවේ වෙරළ තීරවල ගැහැනුන් නිරුවතින් නොසිටීම පවා ජාතික ප‍්‍රශ්නයක් ලෙස සලකන මේ බුද්ධිමතාට බුර්කාවේ කාන්තා හිංසනය ගැන වගක් නැත. සිංහල සංස්කෘතිය සංස්කරණය කිරීමට දිවා ? වෙහෙසෙන මේ මහදැනමුත්තා මුස්ලිම් සංස්කෘතිය සංස්කරණ කිරීමට කිසිවක් නොකරන්නේ එය පෙරටුගාමී පක්ෂයේ සමාජවාදයට වඩාත් ආසන්න සංස්කෘතියක් වන නිසාද?
තවත් ෆුටා ආචාර්යවරයෙකු පවසා තිබුණේ චම්පික රණවකට ජාතික ඇඳුම අඳින්නට නිදහස තිබේ නම් මුස්ලිම් ගැහැනුන්ටද කැමති ඇඳුමක් ඇඳිය හැකි බවය. එවන් අපූරු අදහස් රාශියක් සහිත විනෝද සමය බදු වීඩියෝවක් මේ ඇදුරා අන්තර්ජාලයට මුදා හැර ඇති අතර ”බොකෝ හරාම්” යන්නේ අර්ථය ”බටහිර දේ හරාම්” බව සොයාගෙන ඇත්තේද මේ අව්‍යාජ බුද්ධිමතා විසිනි. බොකෝ හරාම් යනු ආගම වෙනුවෙන් මිනීමරන මිලේච්ඡු මුස්ලිම් ත‍්‍රස්ත සංවිධානයකි. මෑතකදී නයිජීරියාවේ කතෝලිකයන් පණ පිටින් පුළුස්සා මැරීම ඇතුළු සාහසික කි‍්‍රයා රැුසකට ඔවුන් දායක වී තිබේ. එසේවුවද ලංකාවේ අමරසේකරලාට බටහිර විරෝධී සංවිධාන හදන්නට හොඳ නම් නයිජීරියාවට නරක මන්දැයි මේ ආචර්යවරයා ඉතා බුද්ධිමත්  ප‍්‍රශ්නයක් මතු කරයි. ලෝකයේ ඇති අනෙකුත් සිය ගණනක් මුස්ලිම් ත‍්‍රස්ත කල්ලි ගැනද ඔහුගේ ආකල්පය මීට සමාන නිසාදෝ ඔහු ඒ ගැන වැඩිදුර සඳහන් නොකරයි.
”බල්ලාට පියාපත් ඇත” ”සිංහයා පළතුරු කයි” වැනි කතා කිසිවකු කිවතොත් සාමාන්‍ය ජීවිතයේදී එවැන්නකු සැලකෙන්නේ ඔල්මාදකාරයෙකු ලෙසය. එසේවුවද එවැනිම කතා කියන නිවට ඇදුරන්ව විකල්ප ඇකඩමියාව තුළ බුද්ධිමතුන් ලෙස සැලකෙයි. ඇතැම් පසුගිය සාහිත්‍ය සම්මාන උළෙලවල විනිශ්ව මණ්ඩල පවා පිරී තිබුණේ මෙවන් පුද්ගලයන්ගෙනි. රට, ජාතිය ගැන කතා කරන්නා සාහිත්‍යකරුවකු නොවේ යැයි ඒ ඇතැමුන් පැවසුවද සුළු ජාතීන් සම්බන්ධ කාරණා සියවරක් අතිශෝක්තියට නංවා වර නැගීම ඒ බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වෙයි.
හන්දියක බුදු පිිළිමයක් හදන විට ”හේතුවාදය” ගැන ”අනාගමික රාජ්‍යය” ගැන නන් දොඩවන මේ පිරිසට අකුරන වැනි ප‍්‍රදේශවල අඩියෙන් අඩියට පල්ලි ඉදිවන විට ආගමික සහජීවනය සිහිපත් වෙයි. එදා ආරක්ෂක අංශ විසින් කොටි ත‍්‍රස්තවාදය මැඩලන විට දෙමළාගේ විමුක්ති අරගලය ධනේශ්වර මර්දන යන්ත‍්‍රයට බිලිවෙන බව කියමින් ලතෝනි දුන් මේ පිරිසම, අද බෞද්ධ සංවිධාන මැඩලීම සඳහා ධනේශ්වර මර්දන යන්ත‍්‍රයේ පිහිට අයදිති. කොටින්ට හෝ බොකෝ හරාම් කල්ලියට ත‍්‍රස්තවාදීන් යැයි කීමට දිව නොනැමෙන මේ දැනමුත්තෝ්, අද කිසිදු අපරාධයක් සිදු නොකළ භික්ෂූන් වහන්සේලාට ත‍්‍රස්තවාදී ලේබල් අලවති. සැබවින්ම එවන් ත‍්‍රස්තවාදයක් තිබුණේ නම් කටක් සෙලවීමට ඉදිරිපත් නොවන මේ බියසුල්ලන් අද නැති ත‍්‍රස්තවාදයකට එරෙහි වීම හරහා වීරයන් වීමටද කෙටි මගක් පාදාගෙන තිබේ. හලාල් ප‍්‍රශ්නයේදී සමස්ත ආහාර නිශ්පාදනයම ඉස්ලාම්කරණය කිරීම තුළ කිසිදු ජාතිවාදයක් නුදුටු මේ පිරිසට, හලාල් අධිපතිවාදයට එරෙහි වූ බලවේග පෙනුනේ පරම ජාතිවාදීන් වශයෙනි. ඉස්ලාම් භක්තිකයන්ට හලාල් ආහාර ගැනීමට ඇති අයිතියට කිසිදු බෞද්ධ සංවිධානයක් එරෙහි නොවුනද එකී සාධාරණ ප‍්‍රවේශය පවා මේ පිරිසට දරා ගත හැකි නොවීය. යම් හෙයකින් බෞද්ධ පිලිවෙත් අනුව ආහාර නිශ්පාදනය කිරීමේ ක‍්‍රමවේදයක් රටට පැමිණියහොත් මොවුන් හැසිරෙනු ඇත්තේ කෙසේද? එසේනම් රෙදි ඔසවා ගනිමින් බෞද්ධ අධිපතිවාදයට එරෙහිව නැගී සිටීමට නියමිත මේ පරපුටුවන් රොත්ත, අනාගමික ආහාර සඳහා වූ විද්වත් සංසද, ජනතා ව්‍යාපාර, ගෘහනි එකමුතු ආදිය පිහිටුවමින් තොවිල් නටන ආකාරය රටටම දැකගත හැකි වනු ඇත.  අවශ්‍ය නම් තව උදාහරණ ඇති තරම් දක්වමින් පහදා දිය හැකි විකල්ප ගෝත‍්‍රයේ මේ නාටකීය හැසිරීම අවසානයේදී අප විසින් වටහා ගත යුත්තේ කෙසේද?

එකම කඳවුරක පුරුදු හඬ

ඉතා පැහැදිලි ලෙසම එදා කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් ප‍්‍රශස්ති ගැයූ මේ පිරිසම අද ජිහාඞ් අන්තවාදයට ආවඩමින් සිටිති. එදා කොටින්ට විමුක්ති කවි ලියූ අත් කපා ගත යුතු කවියෝද අද ජිහාඞ් ත‍්‍රස්තවාදයට කවි මල් පලඳවමින් සිටිති. ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ස්ත‍්‍රීවාදීන්, වනචාරී ධනවාදීන් ඇතුළු සියලූ වර්ගවල ගෝත‍්‍රවාදීහු අද මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ එකම කඳවුරකට ගාල්වී සිටිති. නිතරම ජාතිවාදයට එරෙහිව ඝෝෂා නගන මේ පිරිස සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පමණක් පහරදෙමින්, මුස්ලිම් අන්තවාදයේ මිනීමෝරුන් සුරකිති. මේ කාරණා හමුවේ එදා මෙදා තුර මොවුන් වර නැගූ ජාතිවාද විරෝධය වනාහී ගණිකාවකගේ පතිවත වැන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
කෙසේ හෝ වේවා ඔවුන් මේ අත තබා ඇත්තේ එසේ මෙසේ පුහුලකට නොවන බව අද ඔවුන්ටම තේරුම් ගොස් ඇති සැටියකි. කොටි හිතවාදය හරහා එදා තම ව්‍යාජ මානවවාදී ප‍්‍රබුද්ධත්වය සීයට පනහකින් හානි කර ගැනීමට ඔවුන්ට සිදුවූයේ නම්, අද ජිහාඞ් හිතවාදය හරහා ඔවුන්ට ඒ හානිය සිදුවනු ඇත්තේ සීයට හාර පන්සීයක අනුපාතයකිනි. ඒසා මිලේච්ඡ එකක් වූ මුස්ලිම් අන්තවාදය කිසිදු ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ හැකි ප‍්‍රවණතාවක් නොවේ.

මේ සංවාදයේ වැදගත්ම තුරුම්පුවට අනුව මේ පිරිස තුළ ඇත්තේ කෙහෙල්මල් ජාතිවාද විරෝධයක් නොව සදාතනික සිංහල බෞද්ධ විරෝධයකි. ඒ නිසාම මිනීමෝරුන් පසෙක සිටියදී සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පමණක් වටකොට පහරදෙන මේ පිරිස සිංහල ජාතිවාදයෙන්ද නොනැවතී සිංහල බෞද්ධ සංස්කෘතියටද පොදුවේ පහර ගසමින් සිටිති. මේ සිංහල බෞද්ධ විරෝධය වනාහී බටහිර යටත්විජිතවාදයේ දෘෂ්ටිමය වහල්භාවය තුළින්ම උද්ගත වූවකි. කාලයක් තිස්සේ විවිධාකාර විකල්ප ගෝත‍්‍ර අභ්‍යාස ඔස්සේ වගා දිගා කරගත් සිංහල විරෝධයෙන් අත්මිදීම මේ පිරිස අතර සිටින මැදහත්ම පුද්ගලයාට පවා ලෙහෙසි නොවේ. දැන හා නොදැන සිංහල බෞද්ධ විරෝධය ඔවුන්ගේ ශරීර තුළ පත්තියම් වී ඇත්තේ ප‍්‍රවේණික උරුමයක් පරිද්දෙනි. ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස අප විසින් නොයෙක් තැන්වල හඳුන්වා දී ඇති මේ පිරිසට සාහිත්‍ය ලෝකය තුළද සැලකිය යුතු බලයක් හිමිවී තිබීම අවධානයට ගත යුතු ගැටලූවකි.

මේ සියලූ දෙනා අද හති හලාගෙන දඟලමින් සිටින්නේ තමන්ද ජීවත් වන නිවසේ අත්තිවාරම කඩා බිඳ දමා ගැනීම සඳහාය. එය කිසිදු ජාතියකට ආගමකට අයත් කිසිදු මනුෂ්‍යයෙකුට කිසිදු සාධාරණයක් ඉටු කළ හැකි ප‍්‍රවේශයක් නොවේ.  අවසාන වශයෙන් ගත් කල මොවුන්ගේ මේ ප‍්‍රවේශය සිංහලයාට බෞද්ධයාට හෝ රටට එරෙහි ප‍්‍රවේශයක් පමණක් නොව පොදුවේ මනුෂ්‍යත්වයටද එරෙහි ප‍්‍රවේශයකි. ඔවුන් මේ සූදු කෙලිමින් සිටින්නේ සිංහල බෞද්ධකමක් සමග නොව මිනිස් වටිනාකම් සමගිනි. අද මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ මොවුන් කවුදැයි නැවත නැවතත් රටට හෙලි වෙමින් තිබෙන මේ අවස්තාව පියවි සිහියක් ඇති සියලූ ලක් වැසියන්ගේ අවධානයට ලක්විය යුතු යැයි සිතමි.
Advertisements
This entry was posted in ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මුහම්මද්, සිංහල and tagged , , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )